Wednesday, July 2, 2014

බූන්දල පතිරාජවෙල.

 බූන්දල පතිරාජවෙල ප්‍රාග් ඵෙතිහාසික වශයෙන් වැදගත් වන්නේ ආචාර්ය ශිරාන් දැරණියගල මහතා විසින් සිදු කරන ලද කැනීම් තුලින් සුවිශේෂි අනාවරනයන් මතුකර ගැනීමත් සමගයි.ඉරණමඩු පස් සැකැස්මෙන්(Iranamadu soil formation) සමන්විත මෙම ප්‍රදේශය තුල අදින් වසර 125,000ට පෙර ප්‍රාග් ඵෙතිහාසික මානව ජනාවසයක් පැවැතිබවත් එය Homo sapiens මානවයා විසූ භූමියක් වීමට බොහෝ ඉඩ ඇති බවත් අනාවරනය කරගෙන ඇත.බූන්දල පතිරාජවෙල ප්‍රදේශය සත්ත්ව පුරාවිද්‍යාව (Zooarchaeology)හදාරන්නන්ටද ඉතා හොද කළාපයක් වන්නෙ ප්‍රාග් ඵෙතිහාසික වැලි කදු (Pre historic sand dunes)අතර තැන්පත්වී තිබෙනා මොලස්කා කවච(Mollusc shells) ඉතා හොද පර්යේෂණ ඉඟි සපයන්නක් වීම නිසායි.


No comments:

Post a Comment