Wednesday, June 3, 2015

එදා උත්තරාරාමය වූ අද ගල් විහාරය.....


පොසොන් කාලෙ නිසා ගල් විහාරෙ සූ .... ගාලා සෙනග. බුද්ධාලම්භන ප්‍රීතියෙන් එනවද නැද්ද දන්නෑ. ඒත් ගල් විහාරෙ වදින්න බලන්න ආව කොලු කුරුට්ටො සෙට් එකක් වැව ලග වෙස්මූනක් දාන් නටනව දැක්ක.කෝක වෙතත් ගල් විහාරෙට මාත් ගොඩවුනා.  ඒත් අපේ සමහරක් බලන්ට ආවට මේක ගැන විස්තර දන්නව අඩුයි. ඒ නිසා පොඩියට යමක් කින්න හිතුන. 
පොළොනරු රාජ්‍යය සමයේ මහා පරාක්‍රම භාහු රජු හදපු තැනක් තමා මේ. වංශ කතා විමසා බලන කොට කිසිම තැනක ගල් විහාරෙ කියල සදහනක් නෑ. චෝල යන් අනුරාධපුර රාජධානිය විනාස කොරල ජනනාතපුරම් කියල බල පෙදෙසයක් හදාගත්ත. පාලනේ ගෙනියන්න. මහා පරාක්‍රම භාහු රජුකල මෙහෙ පෙළොන්නරුව වුනා. එදා ගල් විහාරෙ හදුන්වල තිබ්බෙ උත්තරාරාමය කියලා. හැබයි ගොඩක් දෙනෙක් හිතන්නෙ ගල් විහාරෙ කියන්නෙ මේ සමස්ත භූමිටම කියල. උත්තරා රාමයට අයිති කොටහ තමා ඔබ දන්න ප්‍රතිමා සතර තියන තැන.අර කඩු ගන්නාව ගල තිනෙ තැන.. ඒ තමා උත්තරාරාමය. නැත්තම් ගල් විහාරය. 





අනෙත් ටික ආලාහන පිරිවෙන කොටසට අයිති. කලින් ඉදන් එහෙමයි. කවුරුත් මේ පිළිම බලල තියෙන නිසා මේ ගන පොඩ්ඩක් කියන්නම්.

මේ පිහිටි ගලේ ප්‍රතිමා සතරක් තිනෙවා. පෙර ගල්කැටයම් කරුවගෙ නිසග හැකියාව මැනවින් පෙන්වන මේ පිළිම එදා මෙදාතුර විවාදට තුඩු දුන්නක්. පලමු පිළිමය හිදි පිළිමයක් වන අතර ඉන් පසුව හම්බෙන්නෙ විද්‍යාධර ගුහාව. මෙම ගුහාව තුල නැත්නම් කුටිය තුල අලංකාර ප්‍රතිමාවක් නෙලල තියනවා. මෙම කුටිය සම්පූර්ණයෙන් චිත්‍ර වලින් අලංකාර කර තිබුන බවට සාධක තාමත් තියෙනවා. 



විවාධයට තුඩු දුන් ප්‍රධාන පිළිමය තමා හිටි පිළිමය. මේ ගැන විවිධ මත එකිනෙකා දරනව. කොහොම වෙතත් මා ත් දෙයක් කියන්න කැමති.විවිධ මුද්‍රා ගැන කතා කිරීමේ දී වැදගත් මුද්‍රාවක් තමා මෙහි නිරූපිත.
වැළමිටෙන් ඉදිරියට නැමූ දෑත ළය මත බැඳගෙන සිටින ආකාරය දැක්වෙන මුද්‍රාව පර දුක්ඛ දුක්ඛිත මුද්‍රාව ලෙස හැඳින්වේ.ඇතැමෙක් මෙම පිළිමයෙන් නිරූපිත ආනන්ද හිමි කියලත් කියනවා. ඒක එහෙම වෙන්න සාධාරන හේතු නෑ. ප්‍රතිමා කලාව දෙස බලන කොට සුපිපි නෙලුමක් මත නිර්මාණය කරන්නෙ බුදු පිළිමයක් පමනයි. අනෙක් හිමිවරු එහෙම නිරූපිත බවක් අපිට මුල් කාලයේ හමුවන්නෑ. අනෙක අක් බමරු කෙස්, ඌර්ණ රෝම ධාතුව මේව බුද්ධ ප්‍රතිමාවක ලත්ෂන. බොහෝ දෙනා මේ ප්‍රතිමය වත්මනේ තිබෙන ආකාරය අනුවයි ආනන්ද හිමි බුද්ධ පිරිනිවන දැක දුක් වන අවස්තාවක් කියන්නෙ. පිළිම දෙක එක ලග පෙලට තියෙන්නෙ අද. නමුත් පෙර රජ දවස මේව වෙන වෙනම කුටි විදිහටයි තිබිල තියෙන්නෙ. ඒ බවට පුරාවිද්‍යාත්මක සාධක තවමත් දැක ගන්න පුලුවත් . 

මෙම ප්‍රතිමා අතරින් වෙන වෙනම බැමි තිබිල තියනව. ඒබව තවමත් හොදින් පේනව.අනෙක් කාරනය
පොළොන්නරුව ගල් විහාර බුද්ධ ප්‍රතිමා අතර දක්නට ලැබෙන හිටි බුද්ධ ප්‍රතිමාවේද, මහනුවර සම්ප්‍රදායේ බිතු සිතුවම් අතර ඇඳි අනිමිසලෝචනය දක්වන බිතු සිතුවම් වලද මේ පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව යොදා තිනෙව


මෙම පුතිමා රත් වීම වැලක් වීමට මේ පිළිම නෙලල තියෙන ගලට ඉහලින් පොකුණක් තියෙනනලු. සැතපෙන පිළිමය ගැන විස්තර විස්තරාත්මකව කලින් වීඩියෝ එකකින් මං කරල තියෙන නිසා ඒගැන කියන්න ඕන්නෑ කියල හිතනවා. 

අද වාහන වල ගියාට එදා පොඩි එකා කාලෙ  ආත එක්ක පරාක්‍රම සමුද්දරේ ලගින් ගොඩවෙලා රුක්ගොමු අස්සෙන් ගම්බාර දෙයියන්ට අත්තක් එල්ලලා පලු වීර ගෙඩි කකා ආතා ගෙන් ගල්විහාරෙ ගැන කතා අහගෙන පයින්ම ගිහින් හවස සමුද්දරෙන් නෑව අතීතෙ සුවද තාමත් මතක් වෙනව ගල් විහාරෙට ගොඩවෙනකොටම. 

අනේ එහෙම කාලයක්................................................................

(මේකෙන් ගල් විහාරෙ පිරිනිවන් මංචකය ගැන  බලන්න.. http://www.myarky.com/2014/08/blog-post.html )

සටහන ;   ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             තෙවන  වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ

6 comments:

  1. නියමයි අත්දැකීමක් වගෙයි

    ReplyDelete
  2. poson nam pahu vuna. lipiya hondayi.
    http://nelumyaya.com/?p=3148

    ReplyDelete
  3. aaaaaa kaudaban lipiya uda copy karala dalathiyenne. link ekath dala... lol

    ReplyDelete

Comments system

Disqus Shortname