Friday, July 4, 2014

ලාහුගල මගුල් මහා විහාරය...




                                                                   හෙළ ලකඹර ප්‍රවුඩ ඉතිහාසය හෙලිකරන මෙම විහාරයට මඟුල් මහා විහාරය යන නම ජන වහරට පැමිණ ඇත්තේ පෙර රජ දවස රුහුණේ රජකම් කළ කාවන්තිස්ස රජතුමාගේ සහ විහාර මහා දේවිය ගේ සරන මංගල්‍යය සිදු කෙරුණේ මෙමෙ ස්ථානයේ බවත් පෝරුවේ චාරිත්‍රය සිදුකළ  මඟුල් පෝරුව ඇත්තේ මෙතන බවටත් පුරාතනයේ සිට පැමිනෙන මතයත් නිසා ය. එය එසේම සිදුවුණේ නම් ආගමික පරිසරයක සංහිඳියාව මධ්‍යයේ ඒ අසිරිමත් විවාහ චාරිත්‍රාදිය මේ සැනසිලිදායක සොඳුරු බිම අපූරු පීඨයක් මැද සිදු කළා  විය හැක.. ඒ කෙසේ නමුත් මෙහි බොහෝ ස්ථානයන්හි කාකවන්න තිස්ස රජුගේ නම සම්බන්ධ ඓතිහාසික තොරතුරු හමුවීම නිසා පෙර සද‍හන් කළ මතයට යම් සාධාරණත්වයක් ලබාදීමට ද  හැකි වෙයි.

එමෙන්ම වංශ කතාවන්ට අනුව පෙරකළ රුහුණු මහා විහාරය නමින් පූජනීය ස්ථානයක් ධාතුසේන රජතුමා විසින් කරන ලද බව සඳහන් වෙයි. එමෙන්ම මෙම විහාරයේ තිබී හමුවූ 14 වැනි සියවසට අයත් යැයි සැලකෙන සෙල් පුවරු ලිපි සහ අනෙකුත් පුරාවිදු නටබුන් අනුව ද ඉතා වැදගත් තොරතුරු රාශියක් පසක්  කර ගැනීමට හැකිව තිබේ.  
මෙහි පැමිනෙන කරුනු අනුව පෙර රජ දවස  ධාතුසේන රජතුමා කළ රුහුණු මහා විහාරය නමින් වූ විහාරය අද අප හඳුන්වන මඟුල් මහා විහාරයම බව සනාථ වේ පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමි නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය නම් ග්‍රන්ථයේ පවස යි. සෙල් ලිපිය පිහිටුවන අවධියේ විහාරස්ථානය වල් බිහිවී තිබූ අතර නැවත එය පිළිසකර කරවන ලද්දේ විහාර මහා දේවිය නම් වූ වෙනත් බිසවක විසිනි. ඇය පැරකුම්බා රජ දරුවන් දෙදෙනෙකුගේ අගමෙහෙසිය වූ බව ලිපියෙහි සඳහන්ව තිබේ.

මහාචාර්ය සෙනරත් පරනවිතානයන්ගේ මතය නම් මෙහි සඳහන්ව ඇති පැරකුම්බා දෙබෑයන් යනු ගම්පොල යුගයේ සිටි පස්වන පරාක්‍රමබාහු සහ හතරවන බුවනෙකබාහු යන රජවරුන් බව ය.මහාවංශය සහ පූජාවලියට අනුව 1 වන දප්පුල රජු විසින් රුහුණු වෙහෙර නම් ආරාමයක් කළ බව සඳහන් වෙයි.

                  ඇතා පිට නැගි ඇත් ගොවුවා සහිත ස‍දකඩ පහන.....








සටහන- කසුන් රුහිරු මධුසංක,,(ශිෂ්‍යය)
රජරට විශ්ව විද්‍යාලය
පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය

ඡායාරූප - චින්තක සදරුවන්.,(ශිෂ්‍යය)
රජරට විශ්ව විද්‍යාලය
පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය

No comments:

Post a Comment