Wednesday, July 2, 2014

කලාව යනු (විකිපීඩියා නිදහස් විශ්වකෝෂය වෙතින්)

කලාව යනුවෙන් හැඳින්වෙන්නේ පුළුල් පරාසයක වූ මිනිස් කි‍්‍රයාකාරකම් සහ මානව කෘතීන් රැසකි. එමෙන්ම සංගීතය සාහිත්‍යය ඇතළු අනෙකුත් විවිධාකාර කලාවන් සියල්ලද ඊට ඇතුලත් වේ. බෙහෝ අවස්ථාවන්හිදී කලාව යන්න විශේෂිතවම යොදාගනු ලබන්නේ චිත‍්‍ර, මූර්ති, මුද්‍රණකරණය වැනි ද්‍රෘෂ්‍ය කලාවන් හැඳින්වීම සඳහාය. කෙසේ නමුත් සංගීතය වැනි වෙනත් ඉන්ද්‍රිය ගෝචර වන්නා වූ නිර්මාණයන්ටද එම යෙදුම යොදාගත හැක. කලාව අයත්වන දාර්ශනික ශාඛාව වන්නේ සෞන්දර්යවාදයයි.
සාම්ප‍්‍රදායිකව කලාව යන වචනය යොදාගනු ලැබූයේ කිසියම් හැකියාවක් හෝ නිපුණත්වයක් දැක්වීම සඳහාය. මෙම යෙදුම රෝමාන්තික යුගයේ ඉදිරියට පැමිණුනකි. මෙකල කලාව සලකනු ලැබූයේ ‘ආගම සහ විද්‍යාව සමඟ වර්ගීකරණය කරනු ලැබිය හැකි මිනිස් මනස පිලිබඳවූ සුවිශේෂී කලාපයක්‘ ලෙසය. පොදුවේ කලාව වූ කලි මිනිස් කි‍්‍රයාකාරකමක් (එහි නිෂ්පාදනයක්) වන අතර හැඟීම් සහ/ හෝ අදහස් සම්පේ‍්‍රෂණය තුලින් මිනිස් මනසද ඇතුළු සංවේදී මනුෂ්‍ය ඉන්දි‍්‍රයන් උත්තේජනය කිරීම එහි අරමුණ වෙයි. මේ විස්තරයෙන් ඔබ්බට ගිය කල කලාව පිලිබඳ සියල්ලන් එකඟවන්නාවූ අර්ථ දැක්වීමක් නොමැත. අධිතාත්වික සිතීම් සහ ඒවායේ ප‍්‍රකාශනයන් නිරූපනය කිරීමට කලාව සමත්වන අතර රසිකයාගේ මනසේ සැඟවී ඇති හැඟීම් අනාවරනය කරවීමට එය සමත්වෙයි.
20 වන සියවසේ සිට කලාවේ පරිණාමය ප‍්‍රශ්ණාර්ථිකයක් බවට පත්ව ඇත. මෙහිදී රිචඞ් වෝල්හයිම් ප‍්‍රවේශයන් තුනක් දක්වයි.
තාත්විකවාදී - කවර මිනිස් ද්‍රෘෂ්ඨියකින් හෝ ස්වායක්තව සෞන්දර්යාත්මක ගුණාත්මකභාවය යන පරම වටිනාකම පවතී.
වෛෂයිකරණවාදී - මෙයද පරම වටිනාකමකි. නමුත් එය පොදු මිනිස් අත්දැකීම් මත රඳා පවතී.
සාපේක්‍ෂතාවාදී ආස්ථානය - මෙය පරම වටිනාකමක් නොවේ. විවිධාකාර මිනිසුන්ගේ මිනිස් අත්දැකීම් මත එය රඳාපවතින අතර එබැවින්ම එය වෙනස්වන සුළුය.
වස්තුවක ද්‍රෘෂ්‍යමාන අරමුණ කුමක් වුවද එය විසින් එහි අධ්‍යාශයේ අඩුව සහ එහි නිර්මාපකයා අනුව වෙනස් අදහසක් ඉදිරිපත් කරනු ලැබිය හැක. බැලූබැල්මට යම් දෙයක් දැමීමට යොදාගතහැකි කෝප්පයක් එය හුදෙක් සැරසිල්ලක් ලෙස යොදාගත් කල කලාවක් ලෙස හඳුන්වනු ලබයි. එමෙන්ම චිත‍්‍රයක් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කළහොත් එය කර්මාන්තයක් ලෙස සලකනු ලැබිය හැක.
‘සුන්දරත්වය පිලිබඳ සංවේදනාවන් නිර්මාණය වන පරිද්දෙන් වර්ණ හෝ වෙනත් සංඝටකයන් සංකලනය විශේෂයෙන්ම චිත‍්‍ර හෝ මූර්ති මාධ්‍ය තුල සුන්දරත්වය නිර්මාණය කිරීම දෘෂ්‍ය කලාව ලෙස අර්ථ දැක්විය හැක. ‘මානව සංස්කෘතියේ සාම්ප‍්‍රදායික ගැටලූවලින් වඩාත්ම දුරවබෝධ දෙයක්’ ලෙස කලාවේ ස්වභාවය වෝල්හයිම් විසින් විස්තර කරයි. හැඟීම් සහ අදහස් ප‍්‍රකාශනය හෝ සන්නිවේදනය කිරීමේ වාහකය ලෙසද කලාව සලකනු ලබයි. ලියෝ තෝල්ස්තෝයි කලාව දුටුවේ එක් තැනැත්තකුගේ සිට තවත් තැනැත්තකුට සන්නිවේදනය සිදුකළහැකි වක‍්‍ර මාර්ගයක් ලෙසිනි. බෙනිඩිටෝ ක්‍රොසී සහ ආර්. ජී. කොලින්වුඞ් කලාව මගින් හැඟීම් නිරූපනය කරන බවට වන විඥාණවාදී ද්‍රෘෂ්ඨිය ඉදිරියට ගෙන ආ අතර ඒ අනුව ප‍්‍රධාන වශයෙන්ම කලාකෘතිය නිර්මාණකරුවාගේ මනස තුල අන්තර්ගත වන්නක් විය. කලාව ආකෘතියක් ලෙස එහි මූලයන් එම්මානුවෙල් කාන්ට්ගේ දර්ශනය දක්වා දිවයන අතර විසිවන සියවසේ මුල් භාගයේදී රොජර් ෆ‍්‍රයි සහ ක්ලයිව් බෙල් විසින් එය වර්ධනය කරනු ලැබිණ. අනුකරණයක් හෝ නිරූපනයක් ලෙස කලාව දැකීම පිලිබඳ මූලයන් ඇරිස්ටෝටල්ගේ දර්ශනය දක්වාම දිවයයි

No comments:

Post a Comment

Comments system

Disqus Shortname