Wednesday, July 2, 2014

පුරාතන කලාවේ සමාජ සංදර්භය.

     කලාව යනු සමාජයේ විවිද සංදර්භයන් හමුවන විශේෂාංගයක් වේ. මෙහි දී කලාව ලෞකික හා ආගමික කලාව ලෙස කොටස් දෙකක් හදුනා ගත හැකි අතර කලා නිර්මාණයකදී ඒහා සම්බන්ද වන විවිදපාර්ශවයන් හදුනා ගත හැක. එනම් කලාකරැවා - අනුග්‍රාහකයා-නරඹන්නා ලෙසය. මෙහි දී ආගමික නිර්මාණයක් නම් මේ සදහා පූජ්‍යය පක්ෂයද අයත්වේ. මේ අනුව ගත් කල කලා කරැවාට තමා කරන්නා වූ නිර්මාණයේ දී ව්ව්ධ සීමා වන්ට නතුවීමට හා අනුග්‍රාහකයන්ගේ උවමනාවන්ද පිරිමැසීමට සිදුවේ.  උදාහරන ලෙස එලේනා විජේසිංහ නම් උවමනාව පරිදි කැළණි විහාරයේ චිත්‍ර ඇදීමට සෝලියස් මෙන්දිස් යොදා ගැනීම පෙන්විය හැක.මෙයින් පෙනෙන්නේ කලාකරුවන්ට අවශ්‍යය පරිදි කලා කටයුතු වට යෙදීමට නිරන්තරයෙන් ඉඩ නොතිබුන බවයි.

ආසියාවේ පමනක් නොව යුරෝපයේ ද මෙම තත්වයම විය.මයිකල් ආන්ජලෝ වැන්නන්ට පල්ලියට උවමනා පරිදි ඇදීමට සිදුවිය.ඒ අනුව කලාකෘතියකදී නිර්මාණයකදී අනුග්‍රාහකයන්ගේ බලපෑම් කලා කටයුත්තට බලපානු ලබයි

(2014 ජුනි 25 වන බදාදා රජරට විශ්ව විද්‍යාලයේ පැවති කලාවේ සමාජ සංදර්භය නම් දේශනය ඇසුරිනි.)


 සටහන- කසුන් රුහිරු මධුසංක,,(ශිෂ්‍යය)
              රජරට විශ්ව විද්‍යාලය
              පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය

No comments:

Post a Comment