Thursday, July 3, 2014

හල්දුම්මුල්ලෙන් හමුවූයේ Easter Island වල වැනි නිර්මාණයක්ද?

ඊස්ටර් අයිලන්ඩ් දූපත ලොව පුරා ප්‍රසිද්ධ වූයේ වසර දහස් ගණනකට පෙර නිර්මානය කළ ගුප්ත මිනිස් මුහුණු සහිත ශෛලමය මූර්ති නිසාය. ඒවා කවරෙකු විසින් කවර අරමුණක් සඳහා නිර්මාණය කලාදැයි තවමත් කිසිවෙකුත් නොදනී.

එබැවින් ඒ පිළිබඳව මත රාශියක් තිබේ. ඈත අහස දෙස ඒවායේ මුහුණු හරවා තිබෙන්නේ පිටසක්වල පැමිණෙන පිරිසක් බලාපොරොත්තුවෙන් බවටද මතයක් පවතී.

මේ අතර හල්දුම්මුල්ල කළුපහන නිදන්ගොඩ කන්දේ හුදකලාව පැවති ගලපිටගල පාෂාන සැකැස්මද මීට වසර දහස් ගණනකට පෙර දඩයම් යුගයේ මිනිසුන් විසින් මිනිස් හිසක් සහිත මූර්තියක් නිර්මාණය කිරීමට ගත් උත්සාහයක් බවට නවතම මතයක් ඉදිරිපත්වී තිබේ.

ඒ බව පවසන්නේ හල්දුම්මුල්ල වෑ එළිය හුළුතලාවේ හුණුගල් ගුහාවකින් වසර දහස් ගනනකට පෙර පුරාවස්තු සොයාගත් පුරාවිද්‍යා ගවේශක රාජ් සෝමදේව මහත් ප්‍රමුඛ කණ්ඩායම විසිනි.


ස්වභාවිකව තැන්පත්වී ඇති අඩි 30ක් පමණ උස ගලක් මත රැඳුණු මෙම පර්වතය කුට්ටිය ප්‍රදේශවාසීන් හැඳින්වුටේ ගලපිටගල යන නමිනි. එම මූර්තියේ මුහුණ තිබෙන්නේ උතුරු කඳුකරය දෙස බලාගන සිටින අයුරිනි.

දඩයම් යුගයේ ජීවත් වූ ශ්‍රී ලාංකිකයින් කෘෂිකාර්මික යුගයට ජීවත්වීම පිළිඹුඹු වන සාක්ෂි සහිත ලෙනක් පසුගියදා හල්දුම්මුල්ල, වෑ එළිය ග්‍රාමසේවා වසමේ, වල්මීතලාව ප්‍රදේශයේ පිහිටි හුණුතලාගල ගුහාවේ තිබී සොයාගත් අතර එහි තිබී සොයාගත් පුරාවස්තූන් වසර 4,500- 5,000ක් අතර කාලයේ භාවිතා කළ ඒවාය.

එම ගල්ගුහාවෙන් හමුවූ ස්ත්‍රී උඩුකය අනුව එය යාතුකර්ම සිදුකල ගුහාවක් යැයි විශ්වාස කරන අතර එම ස්ථානයේදී ස්ත්‍රීන්ට දරු උපත් ලබාදීම හා ගැබිනියන් ආරක්ෂාව සඳහා කල යාතු සිදුකරන්නට ඇතැයි ද ඔවුන් විශ්වාස කරයි.

එම ලෙනෙක් හමුවූ හුණු මූර්තියේත් ගලපිටගල පාෂාන සැකැස්මෙත් සමාන ලක්ෂන පෙන්නුම් කරන බවත් පර්වත කුට්ටිය මිනිස් මුහුනක් ලෙසින් හඩ ගැන්වීමට වෑයම් කර ඇති බවත් මහාචාර්යවරයා පවසයි.

"මුහුනේ අංග ඉස්මතුකර දැක්වීම සඳහා ඉතාමත් ඕනෑකමින් කළ වෑයමක් ගැන සිතන්නට පුළුවන්. මෙය ස්වභාවික හේතූන් නිසා යම් වෙනස්වීම් වලට භාජනය වී තිබෙනවා. එහෙත් මුඛය ඉස්මතුකිරීම සඳහා කළ වෑයම ඉතාමත් හොඳින් මූර්තිමත් වෙනවා. එහි තොල් පිළිබඳ සලකුණක් ආරක්ෂා වී තිබනවා.

මෙම මූර්තියේ නලල මධ්‍යයේ යමක් රඳවා තැබීමට උත්සාහ කල බව විශ්වාස කල හැකි කුහරයක් දක්නට ලැබෙනවා. මෙම හිස නිර්මාණය කර තිබෙන්නේ උතුරු කඳුකරය දෙස බලාගන සිටින ලෙසටයි. රටේ ප්‍රධාන ඉතිහාස ධාරවන්ගෙන් පිටත වූ පරාසයකට අයත් මෙවැනි වැදගත් ස්මාරක කෙරෙහි කඩිනම් අවධානය යොමුවිය යුතුයි
"

ඇඟිල්ලෙන් මෙම ගල සෙලවිය හැකි මුත් අත ගසා මෙම ගල සෙලවීමට උත්සාහ කලහොත් සෙලවීමට නොහැකි බවද ප්‍රදේශවාසී පවසයි.








හල්දුම්මුල්ල ගුහාවෙන් හමුවූ හුණු මූර්තිය

Easter Island ලෙස හඳුන්වන දූපතේ පිහිටවා ඇති මූර්තියක්


(උපුටා ගැනීම-
http://www.33000.lk/2013/09/Galapitagala-AncientRock.html)

No comments:

Post a Comment