Showing posts with label මානව වංශ. Show all posts
Showing posts with label මානව වංශ. Show all posts

Friday, September 30, 2016

පාරම්පරික දැණුම ..( අම්පිටියේ දෙවියෝ සහ අංකෙළිය)

පානම් පත්තුවේ පානම ගම්මානයේ පිහිටි අම්පිටියේ දේවාලය එහි ගැමියන්ගේ නිරතුරු ඇදහීමට භාජනය වන දෙවොලකි. මෙහි උඩු පිල හා යටි පිල යනුවෙන් දේවාල දෙකකි. මෙහි අළුත් දෙවියෝ හා පත්තිනි දෙවියෝ පිළිවෙලින් වැඩ වෙසෙයි. මෙම දෙවි වරුන් දෙපල අම්පිටියේ දෙවියෝ වෙති. ගැමියෝ දෙපිලකට බෙදී වසරක් පාසා අලුත් හා පත්තිනි දෙවියන් උදෙසා අංකෙළි උත්සවය පවතවති. යල් කන්නයේ අස්වනු නෙළා ගැනීමෙන් පසු ඇරබෙන මෙම අංකෙළි උත්සවය සැණකෙළියක  සිරි උසුලයි.

ගැමියන් අංකෙළිය පවත්වන්නේ ආත්‍රී කාලයේ අම්පිටියේ දී ය. මේ සදහා සහභාගි වන්නේ පිරිමින් පමණි. තරැණයන් සදහා වෙන්ව පවතින පළමු දින හත ''කොළු අංකෙළිය'' යනුවෙන් ද ඊට එළඹෙන දින පහ වැඩිහිටි පිරිමින් සදහා වෙන්ව පවතින අතර එය ''මහා අංකෙළිය'' යනුවෙන් ද හැදින්වේ. දහතුන්වන දිනය ''දේවාලයට යන දා ''ලෙසද දාහතර වන දිනය ''දෙයියෝ ගමේ ගේන දා''  සහ   පහලොස් වන දිනය  ''දියකපන දා'' යනුවෙන් ද අංකෙළ උත්සවය පැවැත්වෙන දින පහළොව හැදින් වේ. කොලු අංකෙළිය හා මහ අංකෙළිය පවතින දිනවල ගැහැණුන් කිසිවෙකු අම්පිටියේ හතර මායිම තුළින් ඇතුළු නො විය යුතු ය. එම කාලය තුළ ගැහැණුන් අම්පිටියට පැමිණිය හොත් දෙවියෝ උදහස් වෙති.



අංකෙළියට සහභාගි වන පිරිමින් පිළිපැදිය යුතු ලිළිවෙත් රැසකි. ඔවන් අංකෙළියේ යෙදෙන කාලය තුළ අනිවාර්යෙන් ළිළිපැදිය යුතු ය. එසේ නොකොළහොත් අම්පිටියේ දෙවියෝ උදහස් වෙති. දෙවියන් අදහස් වූ කල ගැමියන්ට ලෙඩ රෝග සහ නොයෙකුත් උපද්‍රව වලට මුහුණපෑමට සිදු වේ. එම වත් පිළිවෙත් මෙසේය.

*හිස තෙල් නොගෑම.
*කහ, බටු අඹ ආදිය නොකෑම.
*මැටි භාජන පරිහරණයේ දී නැවුම් මැටි භාජන පරිහරණය කිරීම.
*බිරිද අතින් සෟවාමි පුරුෂයාට බත් බෙදා නොදීම.
*සහවාසයේ නො යෙදීම.
*මස්, මාළු, කරවල, බිත්තර, ආදී මාංශ වර්ග ආහාරයට නො ගැනීම.


එමෙන්ම අංකෙළිය පැවැත්වෙන කැලයේ දී ගැමියන් පිළිපැදිය යුතු වත් පිළිවෙත් ද වේ.

*හාල් පිටි කෙටීම නොකළ යුතු ය.
*මරණයක් සිදු වූ විගස දේහට ගම්මානයෙන් පිට කිරීම හෝ භූමිදානය කිරීම.
*දැරියක් වැඩිවියට පැමිණියේ  (කොටහළු වූයේ) නම් ඇය ගමෙන් පිටත ස්ථානයක රැදවීම.
* මාසික ඔසප්වීම සිදු වූ ගැහැණුන් ගමෙන් පිටමං කර තැබිම
*දරු උපතක් සිදු වූයේ නම් මවත් දරුවාත් ගමෙන් පිටමං කර තැබීම.
*විවාහ කටයුතු නොකිරීම.
*මස්, මාළු ආදී මංශ ගම තුළට නොගැණිම.

අංකෙළියේ දී උඩු පිළ ජය ගතහොත් එම වසරේ ගැමිනේගේ වගා කටයුතු සාර්ථක වී වැඩි අස්වනු ලැබෙන අතර බහුලව ලෙඩරෝග ගැමියන් අතර පැතිර යයි.  එහෙත් අංකෙළියේ දී යටි පිළ ජයගත හොත් ගැමිනයන් අතර ලෙඩ රෝග පැතිරයාම නොවන අතර වගාපාළු වී අස්වනු අඩු වී ගැමියන් ආර්ථික අහේනියකට මුහුණ පාති. මෙය පානම් පත්තු ගැමියන් දැඩිසේ විශ්වාස කරන්නකි. 

'' දේවාලයට යන දා'' ගැහැණු පිරිම කිසිම බේදයකින් තොරව සියල්ලෝම එදින අංපිටියේ දේවාලයට යති. අම්පිටියේ දෙවියන් උදෙසා භාර හාර එදින ඔප්පු කරයි. දේවාලයට යන දා කවුරුත් පාහේ අළුත් ඇදුම් වලින් සැරසෙති. පසුදින '' දෙයියෝ ගමේ ගේන දා'' වන අතර එදින රෑ ගම්මානයේ නිවෙස් කරා පත්තිනි දෙවියෝ වැඩම කරති. එදින වන විට ගැමියන් තම නිවෙස් අළුත්වැඩියා කර ගෙවතු හා මං මාවත් පිරිසිදු කර තබා ගනී. නිවෙස ඉදිරිපිට මිදුලේ දෙවියන් වෙනුවෙන් මැස්සක් තනයි. මෙහි උඩු වියන් බැද පූජා වට්ටියක් හා පොල් ගෙඩියක් තබති.  මැස්ස අඹ කොළ, කොහොඹ කොළ, ගොක් කොළ හා මැයි මල් වලින් සරසයි. පත්තිනි දෙවියන් පෙරහරේ වඩම්මන අතර කඩුල්ලේ සිට පැස්ස දක්වා පෙරහැර ගමන් කරන විට ගමන් මග වතුර කළයක් වක්කර තෙත් කරයි. පත්තිනි දෙවියන් ලී මැස්සේ තබා කපුවා යාතිකා ගයමින් නිවැසියන්ට සෙත් පතයි. මෙලෙස ගම්මානයේ සියළුම නිවෙස් කරා දෙවියන් වැඩමකර ගැමියන් හට සෙත් පැතීම කරනු ලබයි. පසු සින එළඹෙන සුභ මොහොතින් පානම මුහුදු තීරයේ දී දියකපා අංකෙළි උත්සය අවසන් කෙරෙති. 

මෙරට වත්මනේ දී ද පුරාණයේ සිට පැවතෙන චාරිත්‍රානුකූලව වසරක්අං පාසා කෙළිය දැක ගැනීමට ඇති එකම ස්ථානය පානම් පත්තුවයි. මෙය අතීත මුතුන් මිත්තන් පරිහරණය කළ විශ්වාස කළ අපේ පාරම්පරික විශ්වසයන් හා දැණුම පද්ධතියයි.  

                                         අළුත්  දෙවියන්ට කොරන දේව කන්නලව්ව මෙසේය.

                   නමෝ තෙදවරං දිවස් පස්වාන් දහසකට දිවස් කරුණා කරන්න යහපති 
                              ආයි බෝ වේවා.. ආයි බෝ වේවා... ආයි බෝ වේවා ......
ඕ...ම්... සිට වැන්දෙත් බැහැ වැන්දේත්
දනිස් නමා දසගිල්ලෙන් වැන්දේත්
දොහොත් නමා දසගිල්ලෙන් වැන්දේත්
මෙසක්වලෙන් එසක්වලට එසක්වලෙන් මෙසක්වලට
මෙර හතර මූදේ
මේ.. ශ‍්‍රීලඞකා දීපයට නිධානයක් වූ පැවැත්වාවූ
අලූත් බණ්ඩාර කෝවිලේ බණ්ඩාර
සමකුලූනු බැහැ උන්නාවූ අලූත් බණ්ඩාර
කතරගම මහ මූලස්ථානෙට වැඩ උලූවිත් කෝවිල තනා
පට පඩුරු අය කරගත් අලූත් බණ්ඩාර දෙවි හාමුදුරුවන් වහන්සේට කියා සිටින කන්නලව්වයි
මේ අසුරමණ්ඩියේ අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි දෙසිය තුනක් අන්ත‍්‍රා
යක්‍ෂ භය භූත භය පේ‍්‍රත භය ගසා නඩත්තු කරවා දී
ඉසේ තියාවුන් මල්ලක් බිමට බෑවා සේ
කාදුන්නක දුනු දියක් බෑවා සේ
අහසේ වලාවක් ගසා ගියා සේ
පොළොවේ දූවිලි කඩක් ගසා ගියා සේ
කිරි ගහට ඇතෙක් දළ දුන්නා සේ
මුහුද පීනා ගොඩ දුරට ආ සේ
හාල් ගරා ගල් දුටුවා සේ
සිද්ධ ස්වාමිනී
කනාගේ හැරමිටිය හැංගුවාසේ කරන්න එපා
පීරා කන කුකුළාගේ දෙපා බින්දා සේ කරන්න එපා
හිගන්නාගේ පාත්තරේ බින්දා සේ කරන්න එපා
සිද්ධ ස්වාමිනී
අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි දෙසිය තුනක් අන්ත‍්‍රා ගසා ගියා සේ
හත්දා බලි ඇරියා සේ
මේ සියලූ රෝග මේ සියලූ උපද‍්‍රව දුරු කර දෙන්න
අලූත් බණ්ඩාර දෙයි හාමුදුරුවන්ගේ ආනුභාවයෙන්......



මෙහි මා ගෙන එන්නේ මානව වංශ අධ්‍යයන තුළින් මා දැක ඇති අසා ඇති තොරතුරු සහ පොත් පරිශිලනයෙන් මා පසක්කර ගත් දැණුමැයි..
ආශිත.ග්‍ර - ගුණමෝම ගුණසේකර, පානම් පත්තුවේ ජනඇදහිලි හා විශ්වාස,2001,ගොඩගේ ප්‍රකාශකයෝ.




සටහන ;                 ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ
------ ---------------------------------

Friday, December 11, 2015

වැහි දෙයියොයි.. බලි රූපයි. වැහි බලි යාගයයි....

හපොයි. හොදටම වැස්ස...........  කස්ටියටම වැස්ස දැන්නම් ඇතිවෙලා වගේ. ඒත් මේ වැස්ස පුරාණ ගැමියාට නම් ආශිර්වාදයක්ලු.

 අහසින් වටෙනා එක ජල බිදකුදු මහ මුහුදට නොම යවන ලෙසින් ,
මහ වැව් තැනුවේ හෙළ රජ දරුවන් ......
බත බුලතින් සරු කරන හෙටින්...

කොහොම නමුත් වැස්ස හැම කාලෙටම ලැබෙන් නෑ. සිංහල ජනශ්‍රතියෙත් වැස්ස හා සම්බන්ධ රසවත් ජන කතා අභිචාර විදි බොහොමයි. මේ කියන්නෙත් මං පොඩි එකා කාලෙ අහපු එහෙවු කතාවක්.

දැන්නම් හොදටම වැස්ස උනත් වැසි නැති කාලෙට ලාංකික ගැමියගෙ ජීවන රටාව එහෙම් පිටින්ම වෙනස් වෙනවා. ගොවි තැන් බතක් කරගන්න බෑ. ඉතින් ඔබේ මගේ ආතලා,  මුත්තලා ඒ කියන්නෙ අපේ මුතුන් මිත්තෝ වැසිලබා ගන්න බලි රූප භාවිතා කරලා තියනවා. මේ ක්‍රියාවෙ එකක් තමයි වැහි බලිය නටන එක.



පොළොව ඉරි තැලිලා ගිය වැසි නැති කාලෙ වැස්ස ලබාගන්න නොයෙක් ක්‍රම භාවිතා කරලා තියනවා. පෙරහර ඇතිවීමත් මේ ක්‍රියාවෙ එක් අවස්ථාවක්. කොහොම හරි නියං සමයෙදි ගමේ වැඩි මහළු පිරිමි එකතු වෙලා හුඹස් මැට්ටෙන් බලි රූප දෙකක් හදලා තියනවා. වැව් පිට්ටනියෙ මැටිත් මේකට භාවිතා කරලා තියනවා. මේව නිරුවත් දේව පිළිම. කාන්තා හා පිිරිමි විදිහට. . කොහොමින් හරි ගමේ පිරිමි පමනක් සම්බන්දවෙලා කරන මේ වැඩේ දී මෙම පිළිම දෙක හවස් යාමෙදි වැවු පිට්ටනියට ගෙනිහින් තියනවා. සමහර පෙදෙස් වල දේවාලයේ දේව පිළිමය භාවිතා කරලත් තියනවා. ඒ පිළිමය බිම වැල් පොටකින් ගැට ගහන් බිම ඇදන් ගිහිනුත් තියනවාලු. කොහොම හරි මේ වැඩේට සම්බන්දවන සියළුම පිරිමි නිරුවත්වයි මේකට සම් බන්ධ වෙන්නෙ. මෙහෙම ගෙනිහින් පිරිමි  හවස් වරුවෙ වැව් පිට්ටනියෙදී ම  කාලා බීලා නටලා සතුටු වෙලා  වැවු පිට්ටනියෙ අර නිරුවත්ව හදපු බලි රූප දෙක තනි කරලා රෑ වෙද්දි තමන්ගෙ ගෙවල් වලට එනවා.

ඉතින් මේ තමන්ගෙයි,දේවියගෙයි රූප දෙක දකින දෙවියො මේ රූප දෙක තවත් අය පහුවදා උදේට දකියි කියලා මහා වරුසාවක් රාත්‍රිෙය්ම ඇද හැලෙනවාලු. බලි රූප දෙක විනාශ වෙන්න. ඉතින් වැහි වතුරට පිළිම දෙක දියවෙලා ගිහින් ඒ එක්කම වැවත් පිරෙනවාලු. මේ හේතුවෙන් ඇළ දොළ පිරුණු පසු ගැමියන්  නියගයට තිත තියලා නැවතත් තම ගොවිතැන් බත් තරන්ට පටන් ගන්නවා.මේක රජරට වැව් ගම්නමාන වාසීන් කරලා තියන දෙයක්. මින්නේරිය පොළොන්නරුව වැනි පැතිවල දුරාතීතයේදී මේ යාතුක්‍රම සිද්දවෙලා තියනවා. හැබයි මේ එකම වැහි බලිය එක එක පැතිවල වෙලා තියෙන්නෙ එක එක විදිහට. වැහි බලියට කලින් කරපු බලිත් තිබිලා තිනවා.  


සුද්ද ලෙසට අඩුක්කුගති මේ ගමේ මහ දෙයියෝ
නින්ද ගමේ වන් විපතට පිටු පෑවද දෙයියෝ
බද්ද රාළ අමුඩ කොටේ ගලවාගෙන අයියෝ
සද්ද නොකර වහං උනයි වැහි ගම්පල දෙයියෝ

මලේ බඹරු ලෙස පිරිවර ලැබුනයි පෙර කාලේ
ජලේ ගසා පීනායති නාඹරයන් එකලේ
බලේ කොයිද වළං තැලිව හිදලා ගං පතුලේ 
කුලේ බලය නහ ගත්තයි වැහි ගම්පල රාලේ

වැහැපන් දෙයියා කහපං දෙඤ්ඤං
දොරකඩ පොල්ගහකින්දෙම දෙඤ්ඤං
හාඩං මීගෙන් බානක් දෙඤ්ඤං
තනිකඩ අක්කා දීගෙට දෙඤ්ඤං

කොහොමින් හරි බලියෙන් අසතුටු දෙවියන් සතුටු කරලා දෙව කෝපයෙන් වැස්ස ලබා ගෙන තියනවා අපේ මුතුන් මිත්තන්.............


සටහන ;                 ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ

------ ---------------------------------

Thursday, July 2, 2015

සැබෑ එක්ටැම් මාලිගය කොහිද?

මේක මං ලියපු පොඩි ලිපියක්. ලංකාදීපෙ ගියා . කියවල බලන්න..http://www.lankadeepa.lk/index.php/articles/329221

සටහන ;   ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ

Friday, July 4, 2014

ලංකාවේ ජීවත්වන මුහුදු වැද්දන්( මුහුදු ආදිවාසින්,මුහුදු ඌරන්)


මුහුදු වැද්දන් ලෙස හදුන් වන මෙහුන් දැනට වාකරේ ප්‍රදේශයේ කිරිමිජ්ජ නම් ග්‍රමයේ ජීවත් වේ.මීට අමතරව මෙවුන් ජීවත් වන තවත් පෙදෙස් ඇත.

මුහුදු වැද්දන්ගේ නායකයා







යමෙකු මේ පිළිබද පර්යේෂණයේ නියලෙනවා නම් තොරතුරු ලබාදිය හැක.

ඡායාරූප සටහන-   ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                              දෙවන වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ.

Wednesday, July 2, 2014

පුරාතන කලාවේ සමාජ සංදර්භය.

     කලාව යනු සමාජයේ විවිද සංදර්භයන් හමුවන විශේෂාංගයක් වේ. මෙහි දී කලාව ලෞකික හා ආගමික කලාව ලෙස කොටස් දෙකක් හදුනා ගත හැකි අතර කලා නිර්මාණයකදී ඒහා සම්බන්ද වන විවිදපාර්ශවයන් හදුනා ගත හැක. එනම් කලාකරැවා - අනුග්‍රාහකයා-නරඹන්නා ලෙසය. මෙහි දී ආගමික නිර්මාණයක් නම් මේ සදහා පූජ්‍යය පක්ෂයද අයත්වේ. මේ අනුව ගත් කල කලා කරැවාට තමා කරන්නා වූ නිර්මාණයේ දී ව්ව්ධ සීමා වන්ට නතුවීමට හා අනුග්‍රාහකයන්ගේ උවමනාවන්ද පිරිමැසීමට සිදුවේ.  උදාහරන ලෙස එලේනා විජේසිංහ නම් උවමනාව පරිදි කැළණි විහාරයේ චිත්‍ර ඇදීමට සෝලියස් මෙන්දිස් යොදා ගැනීම පෙන්විය හැක.මෙයින් පෙනෙන්නේ කලාකරුවන්ට අවශ්‍යය පරිදි කලා කටයුතු වට යෙදීමට නිරන්තරයෙන් ඉඩ නොතිබුන බවයි.

ආසියාවේ පමනක් නොව යුරෝපයේ ද මෙම තත්වයම විය.මයිකල් ආන්ජලෝ වැන්නන්ට පල්ලියට උවමනා පරිදි ඇදීමට සිදුවිය.ඒ අනුව කලාකෘතියකදී නිර්මාණයකදී අනුග්‍රාහකයන්ගේ බලපෑම් කලා කටයුත්තට බලපානු ලබයි

(2014 ජුනි 25 වන බදාදා රජරට විශ්ව විද්‍යාලයේ පැවති කලාවේ සමාජ සංදර්භය නම් දේශනය ඇසුරිනි.)


 සටහන- කසුන් රුහිරු මධුසංක,,(ශිෂ්‍යය)
              රජරට විශ්ව විද්‍යාලය
              පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය