Wednesday, November 26, 2014

ජනශ්‍රැතියේ කොට්ටෝරුවා....


            නවම්,මැදින් ආද ී ලෙස කියැවෙන දෙළොස් මහේ එක් එක් මාසය පිළිබදව පැරනි මුතුන් මිත්තන් දැරුවේ අපූර්ව වූ අදහසකි.ඔවුන් නිතැතින්ම එක් එක් මාසය පිළිබද අපූර්ව වූ  අදහස් දැරූවෝ වූහ.ඔවුන්ගේ මනස කලාගරයක්, පොත්ගුලක් සේ මාදකී.

                                                   ^^     ඉල්මහේ තලගොයි මසත්
                                                            බක්මහේ අලත් 
                                                            ඇහැළ මහේ මීපණිත්
                                                            නිකින්යේ ඌරු මසත්
                                                            නොකෑ එකා ඉදල වැඩක්නෑ    ^^


(ඌරු මස් ඇර අනික්වනම් මං කාල තියෙයි. ඌරු මසුත් ලගදිම කන්ට ඕන)

මීට අදාළ විස්තර ජනශ්‍රැතියේ සවිස්තරව කියැවේ.. එනම් පොසෙන් මසට රජ රටට වැසි නැති කාලයයි.(මේ කාලෙ නම් වහිනව හොදේ) වාපි සිදී යයි! යළ සුළං කෝඩෙ හමයි! යළ ගෙවි තැනද ඇරඹෙයි. මෙකළ මී ගස් වළ මල් පිපෙන කාලයයි.අහස වළා කුලින් බරව අළු පැහැයක් ගත්තත් , ඉදහිට වැටෙන සුළු පොදයක් හැර මහවැස්සක් නොවැටේ. මී මල් වැටුනු විට ඒවා කන්ට රිසියෙන් මුවන් ගෝනුන් වැනි සත්තු රොක්වෙයි. මේ කළ දඩයමට සුදුසු බව ජන ප්‍රවාදය ඇත්තේ එනිසාය..  දඩයමට මී මලේ පදම අහු වෙනවා ..  යනුවෙන් ජනප්‍රවාදයේ කියැවෙනනේ එනිසාය. පොසෙන් පොහොයට පසුව මහ වැස්සක් වහින බවත් ඉන් උඩ මළුවත් දඹුළු ගලත් සේදී යන බවත් රජ රට වැසියන්ගේ විශ්වාසයකි.මේ මීමල් පිළිබද ඇති එක් ජනශ්‍රැති කථාවකිමේ. මී මලට සම්බන්ද කොට්ටෝරුවා නම් කුරුල්ලා පිළිබද ජනශ්‍රැතියේ එන කතාවකි..

                        කුරුළු යුවළ ගල් තලාවක් අසළ කූඩුවක් තනාගෙන සිටින අතර ඒ දෙදෙනාට පැටැවු දෙන්නෙකු ලැබුනා. දිනක් කුරුළු යුවළ මී මල් ටිකක් ගල් තළාවෙ දාලා කෑම හෙයන්න ගියා! පැටවු දෙන්න ගල් තලාව අසළ කූඩුවෙ හිටියෙ. මේ තදින් පායන කාලයක්.! පෙසෙන් මහට තද අවු රශ්මිය නිසා සියුමැළි ලා මල් වියළී ගෙස් ගල් තලාවටම ඇළී ගියා. බැලූ බැල්මට මීමල් නැතුවා වාගෙයි පෙනුනෙ. 

කුරුළු යුවළ ආපහු ඇවිත් බැලුවාම මීමල් දකින්න තිබුනෙ නෑ. පැටවුන්ගෙ වරදින් මීමල් නැතුව ගියා කියල සැකයට දෙමවුපියෝ අර පැටවු දෙන්නට කොටල මරා දැම්ම. 

එදා රෑ තදින් වැසි වැටුනා. උදේ බලන කොට අර මීමල් ගල් තලාව මත නැවත මතු වෙලා. මේ දුටු කුරුළු යුවළට දරාගන්න බැරි ශෝකයක් මතුවුනා.ඒ නිසා තමා උන් හඩන හඩ මේ විදිහට කියැවෙනව කියල ජනප්‍රවාදයේ කියැවෙන්නෙ..

                                           මීපුප් ලදින් - දරු නොලදින්
                                                             රන්කැටි පුතා කෝ - කෝ - !

දරු දෙන්න නැතුව සොවින් කුරුළු යුවල මිය ගියා. ඉන් පසුව ඒ දෙන්නා අළු කොබෙයියන්ව ඉපිද තාමත් පැටවු දෙන්න හොයමින් කෑ ගස ගසා යනවලු.. 

මේ ජනශ්‍රැතියට සම්බන්ද කවිය මෙන්න මෙහෙමයි...,,


                                        වෙලේ ගහේ මී ගෙනවිත් ටදාරකඩ ගල        වැනුවා
                                        වේලි- වේලි අඩුවෙනකොට දරැවන් ඇන      මැරුවා
                                        කොට්ටේරියට දරු දුක වී දිවි නහගෙන         ඇඩුවා
                                        පුබ්බේරිය පුතේ වරෙං අම්මා අඩ                  ගැහුවා

මෙවන් කතා අතින් අපේ පැරණි ජනශ්‍රැතිය නිතැතින්ම පොහොසත්ය.අපෙන් වියැකී ඇති හෙළ ජනශ්‍රැතිය මේ ගෙන්දගම් පොළෙවෙ මත ප්‍රාණ වායු ලබන්නට හුස්ම පොදක් සැපයීම මා යුතුකමකි..

              සටහන ;   ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             දෙවන වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        

                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ






Monday, October 20, 2014

පොළොන්නරු ජනශ්‍රැති..(තමන්කඩු ටීකාව)....

වැකේශන් එකෙත් කැණීම් පුහුණුවක නිසා අලුත් යමක් ලියන්නත් බැරිවුනා.ඒත් බෑ කියල බෑනි. මේක ආස කොරන වැඩේනි. ඒනිසා වැඩ අස්සෙ රාත්තිරියෙ පොඩි දෙයක් ලියන්න හිතුන.. ඕනනම් අල්ලගන්න. වැඩක් නැත්තම් අතඇරල දාන්න.

මහා පරාක්‍රම භාහු රජතුමා බොහොම දැහැමින් රට කළ රජෙක්. මෙතුමාගෙ කාලෙත් මේ රත්න දීපෙට එක එකා කෙළ හලලා තියෙනවා. මෙහෙම යුද්ධෙට යන්න සූදානම් වෙනකොට මහ රජතුමා යුද්ධෙට යන්න සූදානම් වෙද්දි තම යුධසේනාවෙ බලය වැඩි කරන්න කියල ආයුධ භාර නිලධාරියගෙන් මට සිංහල කඩුවක් දිව කීවලු.. මේකාලෙ වැළිකැට ගානට පොළොන්නරුවෙ මිනිස්සු. පොළොන්නරුවෙන් වහලෙට නගින කුකුළෙක් බහින්නෙ රුහුනෙන්ලු. මේ නිසාම මෙහාට පසුකළ සිංහල පත්තුව කීව.. කොහොම හරි සිංහළ පත්තුවෙ රජු සිංහළ කඩුවක් ගෙන යුද්ධයට යනවිට තම අත කඩුව තිබෙන තුරු බිය නොවවු කීව...මේනිසා තමන් කඩුව ලෙස  හැදින්වූවා...මෙහෙම හැදුන තමන්කඩුවට තමන්කඩුවෙ කොඩියට වලහෙකුගෙ රුවක් එකතුවුනා.මෙකටත් එක හේතුවක් තියනවා..

මහා පරාක්‍රම භාහු රජු රාජපිරිවර සමග යනවිට එක් දවසක මහා වලසෙකු පැමිණ තිබෙනව ඉදිරියට. මේ වලහ විශාලයි. දත් විළිස්සමින් රජු ඉදිරියට පැමිණි වලහව රඹකදන් පෙති ගහන්නා සේ මරා තිබෙනවා. මේ හේතුවෙන් තමන්කඩුවට වලසගෙ රූපය එකතුවෙලා තියනවා..



             සටහන ;   ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             දෙවන වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ




Monday, September 8, 2014

මින්නේරි වැවේ ජනප්‍රවාද.. (02)

  මින්නේරි ගම්මානය හා ද වැව හා ද බැදුනු බොහෝ ජනප්‍රවාද අපට හදුනා ගත හැක.මෙහි දී මෙම වැව හා සබැදි කතා පුවත් බොහෝ රසවත් මෙන්ම හරවත් ද වන්නේය. එයින් එකක් සැකවින් මෙසේය...

           මහසෙන් රජු අනුරපුර රාජ්‍යය කරන තුර මෙම පෙදෙසට ද පැමින ඇති අතර ඒ ගමනක දී මෙම පෙදෙසෙහි ගවයන්ගේ කිරි ඉතාමත් මිහිරි බව අසා තිබේ. රජු ඇමතියන්ගෙන් මේබව ඇසූ විට ඹවුන් කියා සිටියේ නියන් කාලයේ දී ගවටන් තණ උලා කෑමට පට්ටියෙන් ලිහා දමන බවත් උන් වනයේ ඈතට ගොස්          තන උලාකා වතුර බී ආපසු එන බවත්ය. එබැවින් මී කිරි රසවත් වන්නේ එම තණ කොළ වල සරුසාර බව නිසා යනුවෙනි. 
මෙහි දී රජුට එම තණ පිටිය සොයා ගැනීමට අවශ්‍යය වූ අතර රජු, ගවයකුගේ පිටේ තල ගෝනියක්බැද, එහි මුල්ලක කුඩා සිදුරක් තනා ගවයා පිටත් කරන ලදී. එවිට ගවයා ගමන්ගත් මාර්ගයේ දිගට තල ඇට වැටුනු අතර      
දින කිහිපයකින් රාත්‍රි පින්නට තල ඇට පැල බවට පත්විය. තල පැලවුන පාර දිගේ ගමන්කොට ගවයන් තණ කෑ පෙදෙසත් වතුර බිවු ප්‍රෙද්ශයත් සොයා ගත්තේය. මෙතරම් නියං කාලයකත් නොසිදී වතුරතිබෙන මෙම ස්තානයේ වැවක් සෑ දීදට රජු කටයුතු කලේය. එම ජලාශ්‍රය ආශිත ප්‍රදේශය වැල් මී  ගහන වූ නිසා ජලය මෙතරම් රසවත් විය. 
ඒ නිසා වයින්ගේ කිරි මිහිරි විය. මෙම ප්‍රදේශය මිහිරි කිරි තිබූ ගම් පෙදෙසක් නිසා මිනිහිරි ගම නම් විය. පසුව එය මින්නේරිය නම් විය.ගවයා ත හමින් ගමන්කල පාර ජලාශයට වතුර එන ඇලක් වූ නිසා එය තලවතු ඇල නම් විය. පසුකාලයේ දී එම ඇල තලාවතුර ඔය නම්විය. 

ගවයන් තල කෑමට ගිය භූමියේ මෙනේරි සරුවට වැවුන නිසා එම පෙදෙසේ සෑදූ වැව මෙනේරි වැව කියා, පසුව මින්නේරි වැව ලෙස හැදින්වූ බව ද ජනප්‍රවාදයේ පැමිනේ. මහසෙන් රජු මින්නේරි වැව සෑදීමත් සමග දසාදන ලද දාගැබ මිනිහිරි දාගැබ ලෙස හදුන්වයි. මහසෙන් විහාර දාගැබ ලෙසද එය ප්‍රචලිතය. 
අනුරාදපුරයේ රජ කළ මහසෙන් රජතුමා , වැවු බදින කාලයේ වැඩසිටියේ රිටිගල කන්දේය. රජු ගල්ලිද ගමයා හමුවී වැව බැදීමට ඉඩමක් ගෙන ඇත. සීගිරිය ප්‍රදේශය අසල ගල්ලිද නමින් දැනුදු පුරාන ගම්මානයක් ඇත.වැව බදින ස්ථානයේ සිටි රජු ඇදුම් අදින ලද ස්ථානය වර්ථමානයේ පටපිළි කන්ද නම්වේ. 
ගල්ලිද ගමේ සිටිය කයිල වලාන වැද්දා හා මයිල වලාන වැද්දා ලෙස වැදි නායකයන් දෙදෙනකු විය. මහසෙන් මහරජු වැව බැදීම ගැන වැද්දන්ගේ ශූද්ද සභාවේ සාකච්ඡා කරන ලදී. මයිල වලනෙ වැදි නායකයා රජුට විරුද්ඹ විය. ඔහු පසුව රජු අතින් මරනයට පත්විය. 
මින්නේරිය වැව හදන ලද ස්ථානයේ මීට පෙර රජුන් හත් දෙනෙකු වැව සෑදීමට උත්සාහ කලත් බැරි විය. නමුත් රජු දොළපිදේනි භාර කර, වැව සෑදීම ආරම්ඹ කලනිසා මින්නේරි වැවේ වැඩ අවසන් කළ හැකිවිය. රජුන් හතකට හදන්න බැරිවූ වැව හැදූ නිසා මහසෙන් රජු හත් රජ්ජුරු බණ්ඩාර ලෙස හදුන්වයි..

පළමු කොටසට මෙතනින්..  http://www.myarky.com/2014/08/blog-post_19.html


              සටහන  -  ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             දෙවන වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        

                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලය

Friday, August 29, 2014

එරික්ස් වෝන් ගල...


  ස්ටඩිලිවු එකත් පටන් ගත්ත එකේ පාඩම්කරන ගමන් කවුරුත් නොදන්න නොලියපු එකක් ගැන ලියන්න ඕනෙ කියල කියල හිත හිත ඉන්නකොට මේගැන ලියන්න ඕනෙ කියල හිතුනෙ.. ලගිදි මෙතන්ට යන්න ඉන්නෙ. යන්ට ඇහැක් උනොත් පොටෝවක් දෙදක් දාන්නම්. මේගැන තොරතුරු තියා මේගැන පොටෝඑකක් වත් සයිබර් එකේ නෑ..

ලංකාවෙ පොළොන්නරු ප්‍රදේශය මුල්කල මහා වනයෙන් වැහිලයි තිබුනෙ. මිනිස්සු ජීවත් වුනෙත් බොහොම ටිකදෙනයි. මේකාලෙ වැවු වලින් වනයෙන් සතාසීපාගෙන් මුලු පුරවරේම පුදුම ලස්සනක්ලු. හවස්යාමෙට එකයායට අලි රන්චු 200 ක් 300 ක් හිටියලු. මේකාලෙ විශාල අලි රංචු ගැවසිලා තියෙන්නෙ සෝමාවතී පැත්තෙ. මෙහෙට්ට එන්න පාරවල් දෙකක් තිබිල තියන අතර ගමන් ගිහින් තියෙන්නෙ කැලේ රජා ට්‍රැක්ටරෙන්.  ඉතින් මේකාලෙ ලංකාවට ඇවිත් තියනව එංගලන්තෙ හිටපු අති දක්ෂ ඡාරූප ශිල්පියෙක්. නම එරික්ස් වෝන්. 


මෙන්න එරික්ස් වෝන්




මෙයයි, මෙයාගෙ පවුලෙ ඈයොයි ලංකාට ඇවිත් අලින්ගෙ පොටෝ ගන්න කැලේ රජා ට්‍රැක්ටරේක නැගල මහවැලි ගග පැත්තෙන් සෝමාවතියට ගිහින් තියනව..සෝමාවතී විල්ලුවෙ හියපු විශාල අලි රංචුවක් දැක්ක මොහු එතන නැවතිලා ඡායාරූප අරන් තියනව. මෙහෙම ඉන්නකොට එරික්ස් දකිනව රැලෙන් වෙන්වෙලා තනි විශාල අලියෙක් තනියම උගේ සෑදෑ ආහාරය ගනිමින් ඉන්නවා. එරික්ස්වෝන් උන්නැහේ තමන්ගෙ කැමරාවයි රයිපල් තුවක්කුවයි අරන් බැහැල සුළංඅත මගහරිමින් හිමින් සීරුවෙ අලියට කිට්ටු වෙලා ඡායාරූප අරන් තියෙනව. මෙහෙම පොටෝ ගත්තට මදිකියල ජීවිතේ හොදම ඡායාරූපෙ ගන්න තවතවත් අලියට කිට්ටු වෙලා ගල්තලාවකට මුවාවෙලා . සද්දන්තයා ලගටම ගිය මොහු ඡායාරූපෙ ගන්නකොට කැමරාවෙන් නිකුත්වෙන හඩට අලිය කලබලවෙලා එරික්ස්වෝන්ව එතනම මරා දාලා.

මෙන්න කැමරාව.





. පස්සෙ මිනිස්සු කීපදෙනෙක්ගෙ උදවුවෙන් දඩුමැස්සක තියල මිනිය ගෙනත් තියනව එංගලන්තෙට යවන්න. මෙහෙම මැරුන එරික්ස්වෝන් පොටෝ එක ගන්න මුවා වෙලා හිටපු ගල පස්සෙ එරික්ස්වෝන් ගල කියල හැදින්වුව..  ආ.........   කොහොම උනත් එරික්ස්වෝන් ගත්ත ඒ ඡායාරූපය දැනටත් ඉතා උසස් අතිදුර්ලභ ඡායාරූපයක් ලෙස සලකනවලු....

අවසන් ඡායාරූපය 






              සටහන  -  ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             දෙවන වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලය

Wednesday, August 20, 2014

කළුදෑකඩ දෙයියෝ....


   ඉතිහාසය තුළ නොදත් නොදකිනා දෑ සොයා යෑමේ දී දේවත්වය පිළිබද නිරන්තරයෙන් විමසීමට සිදුවේ. මෙම දෙවියන් පිළිබද කථාව ද අතීතය තුළ විසූ මහසෙන් රාජ සමයට දිවේ.මෙය පිළිබද ලියවෙන ප්‍රථම සයිබර් අවකාශ ලිපියද මෙයයි.

                                  මහසෙන් රජතුමා මින්නේරි වැව සෑදීමට බොහෝ දෙනාගෙන් උදවු උපකාර ලබා ඇත.එහිදී මෙම වැව සෑදීම සදහා යකුන් ගෙන්ද වැඩ ගෙන ඇතිබව ජනශ්‍රැතිය පවසයි. මෙහි දී මෙම වැව සෑදීමට යකුන් පොළොන්නරුව ,දිඹුලාගල වැනි ප්‍රදේශන් ගෙන් යොදවා ගෙන ඇති අතර මෙම යකුන් යොදා වැව ඉදිකර ඇත. මෙසේ වැව ඉදිකිරිමේ දී සාදනු ලබන වැවු බැම්ම නිරන්තරයෙන්ම සේදී ගොස් වැව සාදා නිමකර ගැනිමට නොහැකි විය. මෙයට කරුනු විමසා දක්ශ නක්ශත්‍ර කරුවන් ගෙන්වා පරීක්ශාවේදී ඔවුන් මෙය සිදුවන්නේ යක්ෂ බැල්ම ඇති බැවින්. එමනිසා යකුන් උදෙසා රාජ ලේඇති නර බිල්ලක් දිවයුතු බව කීවාලු. මෙය ඇසූ රජු රජ වාසල සිටි රාජ කුමාරයකු මේසදහා බිළි දීමට නියම කළ අතර මෙහිදී මෙම බිල්ල මල්මාලා දමා රෙද්දකින් වසා බිළි දීම සිදුවිය. ඇදුරන් යෙදූ උපක්‍රමයකට අනුව මෙහිදී නියම කළ රාජකුමාරයා වෙනුවට කළුදෑවෙකු සරසා රාජකුමාරයා ලෙස බිලිදීම කරාලු. මේ බිල්ලට නියම වූ කුමාරයා රහසින් කලුදෑකඩට  ගෙස් සැගවි සිටිය අතර මෙම බිල්ලෙන් පසුව වැවු බැම්ම නොකැඩී වැව සාදා නිමකළාලු. මේ හේතුව නිසා මහනේ රජු මින්නේරි දෙවියන් වූවා සේම මෙම කුමාරයා ද කළු දෑකඩ දෙවියන් ලෙස දේවත්වයට පත්වූවා ලු..   එදා මෙන්ම අදටත් මෙම දෙවියන් පිළිබද දන්නා පැරණි මින්නේරි ,පොළාන්නරු වාසී  ගැමියන් අතින් කළුදෑකඩ ෙදවි වන්දනා මානයට ලක්වේ... 


මෙය මින්නේරි වැව සම්බන්ද පැරණි එක් විශ්වාසයක් වන අතර ජනශ්‍රැතිය තුළ මින්නේරි වැව හා සම්බන්ද තවත් බොහෝ කතා ඇති අතර ඒවා ඉදිරියේ දී ..........................................

                              ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                              දෙවන වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ

Monday, August 4, 2014

වටදාගෙය..









නිශ්ශංක මල් රජු විසින් නවීකරනය කොට විසිතුරු අයින් තනවන ලද වටදා ගෙය ඊට පෙර ඉදිවවුක් ලෙස හදුනා ගත හැක.වටදා ගෙගවල් තැනීම අනුරාධපුරයේද තිබූ වාස්තු විද්‍යාත්මක ශිල්ප ක්‍රමයකි.ථූපාරාමය ලංකාරාම මැදිරිගිරි යන ස්ථානවලද වටදා ගෙවල් දැක ගත හැක. දැනට ඉතිරිවී තිබන ගල්කණු හා අනෙකුත් අවශේෂ ඒබව මනාව හෙලි කරයි. මධ්‍යයයේ පිහිටි චෛත්‍යය ආවරනය කොට අර්ධ ගොලාකාර වහලක් තනා විසිතුරු කැටයමින් යුත් බිත්තියෙන් වට කොට වටදා ගෙය තැනීම සම්මත වාස්තු විද්‍යාත්මක ලක්ශණය විය.



              සටහන ;   ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             දෙවන වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ.

Saturday, August 2, 2014

පොළොන්නරුව ගල්විහාරය..


පොළොන්නරුව ගල්විහාරයේ සැතපෙන පිළිමයට වෙඩි තැබීමේ ඉතිහාස ජනශ්‍රැති ටීකාව.






මේ ලින්ක් එකෙනුත් වීඩියෝ එක බලන්න පුලුවන්.
https://www.youtube.com/watch?v=j8J_I49D5hE&feature=youtu.be



                             ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             දෙවන වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        

                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ.

Wednesday, July 16, 2014

සොර බොර වැව.

 
   සටහනකට වඩා මෙය වැදගත්. මේ ලින්ක් එකට ගොස් වීඩියෝ එක බලන්න. සොර බොර වැව පිළිබදව
             

                        https://www.youtube.com/watch?v=j2BCmEDHxtI&feature=youtu.be


                            


                             ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                              දෙවන වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ.

Saturday, July 5, 2014

වාපි සංස්කෘතිය....

                                                         

                                               මිනිසාට පමනක් නොව මිහිපිට ජිවතිවන සතා සීපාවාට ද  නිතැතින්ම වැදගත්  සාධකයි ජලය.වංශ කතා ආරම්යේ පටන් විවිද තැන්හි ජලය හා සම්බන්ද තොරතුරු පැමිනෙන අතර වාරි කර්මාන්තයේ ආරම්බය ජනාවාස වීමත් සමගම ආරම්භ වන අතර මෙම වාරි කර්මාන්තය හුදු පොදු කටයුත්තක්ම විය. මෙනිසා සියලු දෙනාට මේහා එකතුව කටයුතු කිරීමට සිදුවිය.මේ නිසාම ග්‍රාමීය මට්ටමේ වැවු කර්මාන්තය නගා සිටුවීම සදහා එහි නායකත්වය ගෙන කාව හෝ කටයුතු කිරීමට සිදුවිය.මෙමනිසා එම වැව් කර්මාන්තයේ නායකත්වය ගෙන කටයුතුකළ ගම් ප්‍රධානීන්  පරුමක යන නමින්  හදුන්වා ඇත.බොහෝ දුරට පසුකාලීනව වැවු කර්මාන්තයේ නායකත්වය ගෙන කටයුතු කරන ලද්දේ උප රාජයකු විසිනි. 
                                                 


                                                            වැව මුල්කල වපි,වවි,වාපි යන නමින් හදුන්වා ඇත.වැව මගින් කුඹුරු වෙත ජලය ගෙන ගිය කුඩා ඇල මාර්ග මාදිකා වූ අතර මේවා අඩි,අඩ,අඩය ලෙස ද හදුන්වා ඇත. එමෙන්ම වැවෙන් රජුට ලැබෙන බදු මුදල දක පති වූ අතර පොලොන්නරු යුගය වනවිට වැවු පාලනය සදා දොළොස්මහ වෑතැන්නේ ලෙස තණතුරක් ද විය. වැවු සෑරීම සම්භන්දව අපට තොරතුරු ලැබෙන්නේ විහාරගල සෙල්ලිපියෙනි. මේ අනුව ලාංකිකයා වැවු ගෙඩවු පසු ඒවා නැවත සාරා පිළිසකර කිරීමේ තාන්ෂණයක් ද දැන සිට ඇත.
ජනාවාස සංවර්ධනය වි ජනසංගහනය වැඩි වීමත් සමග එම ජනතාවට අවැසි ආර්ථික සම්පත දියුනු කිරීම සදහා වැඩි වැඩියෙන් කෘෂි සම්පත දියුනුකිරිමට සිදුවිය.ඒසදහා ජලය ලබාගැනිට මහ වැවු ඉදිකිරිමට සිදුවිය.ඒ සදහා කුඩා වැවු ඉදි්කි්රීෟමේදී ලබාගත් ශ්‍රමයට වඩා වැඩි  මහා පරිමානයේ ශ්‍රමයක් විශාල වැවු ගෙඩනැගීම සදහා අවශ්‍යය විය.


                                           මහා වැවු තැනීමේදී පෙරමුණ ගන්නා ලද්දේ රජතුමාවිසිනි.මෙමකාලයේ රජුගේ ජනප්‍රියත්වය මැනීමේ මිණුම් දන්ඩක්බවටමයපත්විය.වාරි කර්මාන්තය ක්‍රමයෙන්ජනගහනය වැඩි විත් සමග ක්‍රමයෙන් ඉදිරියට ගියේය. ඉතිහාසයේ ප්‍රතම වරට අනුරාධ ඇති විසින් වැවක් කලබව සදන් වේ.එහෙත් මේ දක්වා එය කුමක්දැයි නිගමනය වී නැත.විශාල වැවු කර්මමාන්තයේ ආරම්භකයා ලෙ වසභ රජු හදුනා ගත හැක. ඔහු වින් ඉදිකල වැවු ග්‍රාමීය වැවු වලට වඩා විශාල ඒවා විය. 






                 සටහන-   ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                              දෙවන වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ.

බැරැණ්ඩි කෝවිල..



                                                    සීතාවක රාජ ධානියේ පළමුවන රාජසිංහ රජුගේ රාජ්‍යය කාලයේ දී එනම් ක්‍රි.ව 1581-1593 අතර රාජ්‍යය කායේ දී මෙම බැරැණ්ඩි කෝවිල ඉදිකරන ලදැයි සැලකේ. මෙය රජු තම උපදේශක වරයා ලෙස පත්කළ අරිට්ටකීවෙන්ඩු පෙරුමාල් ගේ උපදෙස් මත ඉදිකර ඇත.
                                                                       ජනප්‍රවාදයන්ට අනුව පළමුවන රාජසිංහ රජු තම පියා වූ මායාදුන්නේරජු ඝාතනය කිරීමේ පීතෘ ඝාතන පාපයෙන් මිදීම සදහා මය ඉදිකර ඇති බව පැවසේ. හින්දු වාස්තු විද්‍යාත්මක ලක්ෂනයන් ප්‍රකට කරන මෙම කෝවිල බද්‍රකාලී  නම් යක්ෂණියට කැපකොට ඇත.1896 වසසරේ දී එච්. සී. පී. බෙල් මහතා විසින් මෙය සොයාගෙන ඇත.






                  සටහන-   ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                              දෙවන වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ.

Friday, July 4, 2014

ලංකාවේ ජීවත්වන මුහුදු වැද්දන්( මුහුදු ආදිවාසින්,මුහුදු ඌරන්)


මුහුදු වැද්දන් ලෙස හදුන් වන මෙහුන් දැනට වාකරේ ප්‍රදේශයේ කිරිමිජ්ජ නම් ග්‍රමයේ ජීවත් වේ.මීට අමතරව මෙවුන් ජීවත් වන තවත් පෙදෙස් ඇත.

මුහුදු වැද්දන්ගේ නායකයා







යමෙකු මේ පිළිබද පර්යේෂණයේ නියලෙනවා නම් තොරතුරු ලබාදිය හැක.

ඡායාරූප සටහන-   ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                              දෙවන වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ.

කුෂ්ඨරාජගල..





                 සටහන-   ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                              දෙවන වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය

mayakkaiලංකාවේ පැරණි ම ගල් ආයුධ යැයි සැලකෙන ගල් ආයුධ හමු වූ යාපනය ආසන්නයේ මායක්කායි පුරාවිද්‍යා ස්ථානය
අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් සහිත ලෝකයේ රටවල් කිහිපය අතුරින් ඉදිරියෙන් ම පවතින රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව සැලැකේ. ජම්බුදීපයේ සිට බුදුදහම සම්ප‍්‍රාප්ත වූ කාලයේ සිට ම ලංකාවේ ශාසන ඉතිහාසය ලියාතැබීමේ අරමුණින් බෞද්ධ යතිවරයාණන් වහන්සේලා විසින් රචනා කරන ලද දීපවංශය, මහාවංශය ආදි වංශකතා හා තවත් විවිධ බොහෝ සාහිත්‍ය මූලාශ‍්‍ර මගින් ක‍්‍රිස්තු උප්පත්තියට සියවස් 3කට පමණ ඈත කාලයක සිට දිවයිනේ ඉතිහාසය අඛණ්ඩ අන්දමින් මේ දක්වා වාර්තාකර ඇත. එම මුලාශ‍්‍ර වල මුඛ්‍ය අරමුණ දිවයිනේ බෞද්ධ ශාසන ඉතිහාසය ලියා තැබීම බැවින් ඊට පූර්වතර මානව ජනාවාසකරණය අරඹයා තදබල අවධානයක් යොමුකිරීමේ අවශ්‍යතාවක් ඒ රචනාවන්ගේ කතුවරුනට පැවැති බවක් පෙනී යන්නේ නැත.

ලංකාව නම් දූපත මනුෂ්‍ය වාසයක් බවට පත්වීම විජයාගමනය ඔස්සේ සිදු වූ බව ලක්දිව ප‍්‍රධාන ඉතිහාස මූලාශ‍්‍රයක් වන මහාවංශයේ දැක්වෙයි. එබැවින් ලංකාවේ අතිතය අධ්‍යයනය කළ බොහෝ විද්වතුන් ලංකාව මානවයින්ගේ වාසස්ථානයක් බවට පත් වීම ක‍්‍රිස්තු වර්ෂ ආරම්භයට සියවස් 5ක් පමණ පෙර උතුරු ඉන්දියාවේ සිට පැමිණි ආර්ය භාෂාවක් කතාකළ ජන පිරිසකගෙන් සිදු වූ බව විශ්වාස කරයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ගේ විශ්වාසය අනුව ඉන්දු ආර්ය වගාව ලංකාවේ පිහිටුවීමට පුරෝගාමී වුවෝ වෙළෙන්දෝ ය. තවත් විද්වතුන් පිරිසක් ඉදිරිපත් කරන අදහසකින් කියැවෙන්නේ ලංකාවේ ජනාවාසකරණය දකුණු ඉන්දියානු නිජභූමිය කරගත් දෙමළ ජනයා ගේ ලංකාගමනය ඔස්සේ සිදු වූ බවයි.
balangoda-manබලං‍ගොඩ මානවයාගේ උපකාල්පනික ප්‍රතිරූපය (මෙම සිතුවම කැළුම් මනමේන්දු-ආරච්චි මහතා විසින් පවතින සාධක අනුව සිතුවමට නඟන ලද්දකි)
එහෙත් දෙ වනු ව කී මෙම මතය සාධනය කිරීම සඳහා ඇත්තේ අවම සාධක ප‍්‍රමාණයක් බව ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන ඔස්සේ තහවුරු වී ඇත. මීට අමතර ව ලංකාව ජනාවාස වීම සම්බන්ධයෙන් විවිධ අදහස් කීපයක් පැවැතියක් ඒවා එතරම් සැලැකිල්ලට ලක්කිරීමට තරම් ප‍්‍රබල පදනමක් මත ඉදිරිපත් වී ඇති බවක් පෙනී යන්නේ නැත. දඹදිව අශෝක රජුගේ කාලය වන විට උතුරු භාරතයෙන් පැමිණි ආර්ය බසක් කතාකළ සිංහල ජනයා මේ දිවයිනේ නොයෙක් ප‍්‍රදේශවල ජනාවාස පිහිටුවාගෙන තමන්ගේ ජීවිතය ගතකිරීමට අවශ්‍ය ගොවිතැන, පශුපාලනය හා කර්මාන්ත ආදිය මෙන් ම වෙළෙඳාම වර්ධනය කරගෙන ජීවන රටාව පරිපූර්ණ මට්ටමකට පත්කර ගැනීමට සමත් විය. මෙම පසුබිමේ සිට ලංකාවේ ඉතිහාසය දේශිය හා විදේශීය විවිධ මූලාශ‍්‍ර මගින් අනාවරණය කරගත හැකි වේ.
mahavamsayaමහාවංසය (සිංහල පරිවර්තනය)
එහෙත් ඉතා සරළාකාරයෙන් ගෙන උතුරු ඉන්දියාවේ ජනයා මඟින් ලංකාව ජනාවාස වනතෙක් ලංකව මිනිස් වාසයකින් තොර වූයේ ද? නැතිනම් මහාවංශය, උතුරු ඉන්දීය මූලාශ‍්‍ර වන දිව්‍යාවදාන, සිංහලාවදාන ආදී සාහිත්‍ය මූලාශ‍්‍ර මගින් පෙන්වා දෙන ආකාරයට ලංකාවේ වාසය කළවුන් අවැසි විටෙක පෙනී සිටිය හැකි අදෘශ්‍යමාන අමනුෂ්‍ය විශේෂයක් ද? පසුගිය වසර 125ක පමණ කාලයක් තිස්සේ දේශීය මෙන් ම විදේශීය විද්වතුන් රැසකගේ අසීමිත උත්සාහයේ ප‍්‍රතිඵල වශයෙන් මෙම ගැටළු සඳහා ප‍්‍රමාණවත් පිළිතුරක් සැපයීමට පුරාවිද්‍යාඥයින් ප‍්‍රමුඛ විද්වතුන් දැන් සමත් ව ඇත. එහෙත් ඒ ඔස්සේ නිර්මාණය කරන ලද නව දැනුම බොහෝ විට ඉංග‍්‍රිසි බසට හෝ ඒ පිළිබඳ අධ්‍යාපනය ලංකාවේ විශ්වවිද්‍යාල කීපයක පුරාවිද්‍යා විශේෂවේදි සිසුනට පමණක් සීමා වී ඇත. මහජන මුදල් වැයකරමින් පොදුජනයාගේ ම අතීතය පිළිබඳ ව නිර්මාණය කරන එම දැනුම සමාජගත නොවීම සැලැකිය යුතු මට්ටමේ ගැටළුවකි.ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධියේ මිනිසා යනු අද ලංකාවාසී ජනයාගේ මුතුන්මිත්තන් වීම පමණක් නොව අප විසින් වර්ණනා කරන විභූතිමක් අතීතයේ නිර්මාණයේ පදනම සපයන බැවින් ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ දැනුම සමාජගත කිරීමේ අවශ්‍යතාව දැඩි ලෙස මතු වී පවතී. අදින් වසර 2,500කට පුර්ව කාලයේ ලංකාව වාසභූමි කොටගෙන ජීවත් වූ මානවයා පිළිබඳ කතාව පිළිබඳ දැනුවත් වීම උදෙසා පාසල් මට්ටමේ සිසුනට හෝ ඇත්තේ අවම අවස්ථාවකි. ඒ උදෙසා පොදු මහජනයාට ඇති අවස්ථාව ඊටත් වඩා පහළ මට්ටමක පවතී. මෙම ලිපිපෙළ මගින් ලංකාවේ අදින් වසර දසදහස් ගණනකට පූර්වයෙන් ජීවත් වූ ඒ මානවයා පිළිබඳව මෙන් ම අපගේ මුතුන්මිත්තන් පරිසරය සමඟ සහයෝගිතාත්මක ව මෙන්ම ගැටෙමින් පැවැත්ම උදෙසා සිදුකළ ඒ අරගලය පිළිබඳ අසිරිමත් කතාව සරළ අන්දමින් ගෙන ඒමට උත්සාහ දරනු ඇත.අන්තර්ජාලයේ සිදුකරන ශාස්ත‍්‍රීය ව්‍යාපාරයක් අඛන්ඩ ව පවත්වා ගැනීමට නම් ඒ සම්බන්ධයෙන් ලැබෙන ප‍්‍රතිචාර ජීවයක් සපයයි. එ බැවින් මෙම ලිපිපෙළ අවසානයක් දක්වා දිගට ම පවත්වාගෙන යාම ඔබ විසින් ලබාදෙනු ලබන ධනාත්මක හෝ ඍණාත්මක ප‍්‍රතිචාර මත පමණක් සිදුවන බව කරුණාවෙන් සලකන්න.

ඉතිහාසය හා ප‍්‍රාග් ඉතිහාසය

මානව අතීතයේ යම් කාලවකවානුවක් අකුරුවලින් ලියන ලද, නැතහොත් ලිඛිත මූලාශ‍්‍ර උපකාරයෙන් අධ්‍යයනය කළ හැකි නම් එය ඉතිහාසය යනුවෙන් හැදින් වේ. උගතුන් දැනට පොදුවේ ඇති ආකාරයට ලංකාවේ ලේඛනගත මූලාශ‍්‍රයන්ගේ ආරම්භය ක‍්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ දී සනිටුහන් කරයි. දඹදිව මෞර්ය අශෝක අධිරාජ්‍යයාගේ ධර්මලිපි ලිවීම සඳහා භාවිත කළ ආදී බ‍්‍රාහ්මී අක්‍ෂර මහින්දාගමනය ඔස්සේ ලංකාවට ලැබුණු බවත් ඒ මඟින්  ලාංකේය ජනයා ලේඛනය පිළිබද දැනුවත් වූ බවත් විශ්වාස කරයි. මේ සිදුවීම් ජාලය ක‍්‍රිස්තු පූර්ව තෙවන සියවසේ දී සිදු වූ බව විශ්වාස කරන බැවින් ලංකාවේ ලේඛනය පිළිබඳ ආරම්භය ද ඒ හා සමගාමි බව පිළිගැනේ. (එහෙත් ලංකාවේ අක්‍ෂර භාවිතය පිළිබඳ සාධක මෙයින් තවත් වසර සියවස් 2-3ක් ඈතට ගමන් ගන්නා බව සහේතුක ව තහවුරු කිරීමට ආචාර්ය සිරාන් දැරණියගල සමත් ව ඇත.) මෙවැනි අක්‍ෂරයෙන් ලියන ලද ලිපි දහස් ගණනක් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා සඳහා පූජා කරන ලද, ලක්දිව පුරා විසිරී ඇති ගල්ලෙන්හි දැකගත හැකි වෙයි. මේ පිළිබඳ ප‍්‍රකට නිදසුන් අතර අනුරාධපුරයේ මිහින්තලය, වෙස්සගිරිය, සිතුල්පවුව ආදි ස්ථානයන් පවතී. පෙර කී පරිදි මෙම ලිපි ක‍්‍රිස්තු පූර්ව 3 සියවස හෝ ඊට පසු යුගයට අයත් බව පිළිගන්නා අතර එම ලිපි ඇසුරින් අපගේ අතීතය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි වෙයි. එබැවින් මෙවැනි ලේඛනගත මූලාශ‍්‍ර ඇරැඹුණු කාලයේ සිට මේ මොහොත දක්වා කාලපරාසය ඉතිහාසය යනුවෙන් සැලැකිය හැකි වේ.
මේ අයුරින් අක්‍ෂර ආරම්භවීමට පෙර යුගය ‘ඓතිහාසික යුගයට පෙර යුගය’ යන අරුතින් ප‍්‍රාග් ඓතිහාසික යුගය යනුවෙන් හඳුන්වයි. ලංකාවේ දීපවංශය, මහාවංශය ආදී වංශකතාවන්හි මෙන් ම වෙනත් බොහෝ සාහිත්‍ය මූලාශ‍්‍රයන්හි මෙම යුගය පිළිබඳ සංක්‍ෂිප්ත සටහන් ඇතුළු වී පැවැතියත් ඒවා ඇදහිය නොහැකි හෝ අපහසු තොරතුරු වේ. මෙම අවධියේ දී ලක්දිව යක්‍ෂ, නාග ආදි අමනුෂ්‍යයින් ජීවත් වූ බව එම සමහර මුලාශ‍්‍ර මඟින් නිරූපණය කරයි. ඓතිහාසික හා ප‍්‍රාග් ඓතිහාසික යුගය යන යුග දෙක අතර තවත් යුගයක් වශයෙන් ප්‍රොටෝ ඓතිහාසික යුගය පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගනී. එ නම් ලේඛනය පිළිබඳ ආරම්භක අවස්ථාවක සාධක හමුවන එහෙත් නිසැක වශයෙන් ම අක්‍ෂර යනුවෙන් මේ වනතෙක් පිළිගෙන නොමැති යම්කිසි සන්නිවේදන මාධ්‍යයක් පැවැති යුගයක් වශයෙන් මෙම යුගය සලකයි. ඒ අනුව, ඉතිහාසයේ අරුණළු පහළ වූ යුගය යන අරුතින් මෙම යුගය ප්‍රොටෝ ඓතිහාසික යුගය යනුවෙන් හඳුන්වා ඇත. යකඩ තාක්‍ෂණය හඳුනාගත්, සත්ත්ව පාලනයේ හා සුළු පරිමාණ කෘෂිකර්මයේ නියැළුණු පිරිසක් මෙම අවධියේ දී ලංකාවේ ජීවත් වූ බව විශ්වාස කරයි. දළ වශයෙන් ක‍්‍රිස්තු පූර්ව 1,000 සිට ක‍්‍රිස්තු පූර්ව 300 අතර කාලය තුළ මෙම ප්‍රොටෝ ඓතිහාසික යුගය පැවැතුණු බව පුරාවිද්‍යාත්මක සාධක අනුව තහවුරු වී ඇත.
ප‍්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ අධ්‍යයන සිදුකරන අයෙකුට ඓතිහාසික යුගයට පූර්ව කාලයක් පිළිබඳ අධ්‍යයනය කරන බැවින් දත්ත හා තොරතුරු ලබා ගැනීම සඳහා ලිඛිත මූලාශ‍්‍ර සපයා ගැනීමට නොහැකි ය. ඒ අනුව මෙම යුගය පිළිබඳ දත්ත හා තොරතුරු ලිඛිත නොවු මූලාශ‍්‍ර මගින් සපයා ගැනීමට සිදු වෙයි. මෙවැනි ලිඛිත නොවූ මූලාශ‍්‍ර අතර මානව හා සත්ව අස්ථි, ගල් ආයුධ, ආහාර අවශේෂ, පිළිස්සී ගොස් ශේෂ වූ විවිධ ද්‍රව්‍ය හා අඟුරු, ශාක කොටස්, පරාග, භූ දර්ශනය, පාංශු ස්තරණය ආදි දැ පවතී. මේවා පුරාවිද්‍යාවේ දි ද්‍රව්‍යාත්මක සාධක වශයෙන් සලකන අතර ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන සම්පූර්ණයෙන් ම පාහේ රදාපවතින්නේ මෙවැනි මූලාශ‍්‍ර මතයි.
balangoda-man1950 දශකයේ දී ඇඹිලිපිටිය ආසන්නයේ බෙල්ලන්බැඳිපැලැස්සෙන් අනාවරණය වූ බලංගොඩ මානවයාගේ සැකිල්ලක් (ආචාර්ය පී.ඊ.පී. දැරණියගලගේ The Pleistocene of Ceylon ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.)
ද්‍රව්‍යාත්මක මූලාශ‍්‍ර උපයෝගි කොටගෙන විවිධ පුද්ගලයින් විසින් සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ ඔස්සේ ලංකාවේ මානව ජනාවාස පිළිබඳ ආදීතම සාධක නිසැක වශයෙන් ම අදින් වසර 125,000 ඉක්මවා යන බව තහවුරු වී ඇත. එහෙත් මේ පිළිබඳ තොරතුරු ලාංකේය මහජනයා පමණක් නොව විද්වත් ජනයාගෙන් ද අතිශ්‍ය සුළුතරයකට පමණක් සීමා වී පවතී. එබැවින් අප තවමත් වසර 2,500ක ඉතිහාසය පිළිබඳ පමණක් දැනුවත් වූ ඒ පිළිබඳ කතාකරන ජාතියක් බවට පත් ව ඇත. ලාංකේය සංස්කෘතිය තුළ බෞද්ධාගමේ සංස්පර්ශය ලබමින් වාරි-කෘෂි සංස්කෘතියක් පිළිබඳ විශිෂ්ට බොහෝ දෑ මෙම 2,500 වසරක ඉතිහාසය තුළ කතාකිරීමට පැවැතියත් මේ තුළ දිවෙන මූලයන් වන ප‍්‍රාග් ඓතිහාසික හා ප්‍රොටෝ ඓතිහාසික තත්ත්වයන් පිළිබඳ දැනුවත් වීම ද අද දවසේ අතිශ්‍ය වැදගත් වෙයි. නොමැතිනම් යථාවාදි අතීතය පසෙක තිබිය දී හුදු හිතළු මත පදනම් වූ අසංගත ඉතිහාස මායාවකින් ලාංකේය ජනයාගේ සිත් වසා දැමීමේ ප‍්‍රයත්නය සාර්ථක වී පවත්නා විශිෂ්ට අතීතය විනාශවීමේ හැකියාවක් පවතින බැවිනි.

අතීතයේ යුග

වසර ලක්‍ෂ ගණනාවක් ඈතට දිවයන අතීතයේ එක් එක් කාලයන්ගේ පවත්නා පෙරටුගාමී සමාජ-තාක්‍ෂණික ලක්‍ෂණ අනුව යුග කීපයකට බෙදා ලංකාවේ අතීතය අධ්‍යයනය කිරීමට පුරාවිද්‍යාඥයන් උනන්දු වී ඇත. ආචාර්ය සිරාන් දැරණියගල මහතා විසින් වසර ගණනාවක් පුරා සිදුකළ පර්යේෂණ අනුව සිදුකළ වර්ගීකරණය එම අවධිකරණ කීපය අතුරින් සාර්ථක වර්ගීකරණයක් ලෙස පිළිගත හැකි ය. මෙම කාල වර්ගීකරණය ඔස්සේ ලක්දිව අතීතය විධිමත් හා පහසු අන්දමින් අධ්‍යයනය කිරීමට හැකියාව ලැබී ඇත. මෙම ලිපි පෙළේ සඳහා අදාළ කාලපරාසයන් ද මෙම යුගකරණය මත පදනම් වේ.
ක‍්‍රි. පූ. 125,000 (හෝ ඊට පෙර) සිට ක‍්‍රි. පූ. 1,000 දක්වාප‍්‍රාග් ඓතිහාසික අවධිය- පුරාශිලා - මධ්‍යශිලා - නවශිලා
ක‍්‍රි. පූ. 1,000 සිට ක‍්‍රි. පූ.  500 දක්වාපූර්ව ඓතිහාසික යකඩ අවධිය
ක‍්‍රි. පූ  500 සිට ක‍්‍රි. ව.   300 දක්වාමූල ඓතිහාසික අවධිය
ක‍්‍රි. ව.  300 සිට ක‍්‍රි. ව. 1,200 දක්වාමධ්‍ය ඓතිහාසික අවධිය
ක‍්‍රි. ව. 1,200 සිට ක‍්‍රි. ව. 1,500 දක්වාඅන්තර් ඓතිහාසික අවධිය
ක‍්‍රි. ව. 1,500 සිට ක‍්‍රි. ව. 1,815 දක්වානූතන ඓතිහාසික අවධිය
ලොව  ඕනෑ ම ස්ථානයක මෙන් ම ලංකාවේ ද ප‍්‍රාග් ඓතිහාසික යුගය හා බැදි තාක්‍ෂණික විධිය නම් ගල් ආයුධ නැතහොත් ශිලා මෙවළම් තාක්‍ෂණයයි. ඒ අනුව ඒ ඒ යුගවල පවත්නා විශේෂ වර්ධනීය ලක්‍ෂණ ඔස්සේ පුරාශිලා, මධ්‍යශිලා හා නවශිලා යනුවෙන් නැවැතත් ප‍්‍රභේදනය වන ප‍්‍රාග් ඓතිහාසික යුගයේ ප‍්‍රධාන තාක්‍ෂණය නම් ගල්ආයුධ තාක්‍ෂණයයි. ලංකාවේ  ප‍්‍රාග් ඓතිහාසික අවධියේ, මධ්‍යශිලා යුගයේ ජීවත් වූ මානවයා, බලංගොඩ මානවයා යන නමින් ජනප‍්‍රිය වී ඇත. බලංගොඩ ආසන්න ප‍්‍රදේශයෙන් පළමු ව මෙම මානවයා පිළිබද සාධක ආචාර්ය පී. ඊ. පී. දැරණියගල විසින් අනාවරණය කරගෙන ඇත. ලෝක පුරාවිද්‍යාවේ දී පිළිගත් ක‍්‍රමවේද අනුව යමින් යම් සොයාගැනීමක් සිදුකළ පළමු ස්ථානය අනුව අදාළ සොයාගැනීම නම් කිරීමේ සම්ප‍්‍රදාය අනුව මේ මානව සාධක බලංගොඩ මානවයා නමින් හඳුන්වයි. මේ හා සමාන සාධක කුමන ස්ථානයකින් හමු වුව ද ඒවා බලංගොඩ මානවයා නමින් ම හඳුන්වනු ලැබේ. කායව්‍යවච්ඡේද විද්‍යාත්මක ව නූතන මානවයා (Modern man) පිළිබඳ මුළුමහත් ලෝකයෙන් ම ලැබෙන සාධක අතරින් ලංකාවෙන් ලැබෙන මෙම සාධක පැරණි ම සාධක අතර පවතින බව භෞතික මානව විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇත.
stone-toolsබලංගොඩ මානවයා භාවිත කළ ගල් ආයුධ (උපුටා ගැනීම: එස්.යු. දැරණියගල ගේ Prihistory Of Sri Lanka කෘතියෙනි.)
බලංගොඩ මානවයා තමාට අල්ලාගත හැකි අලි පැටවාගේ සිට ගැරඬියා දක්වා සියලූ ම සතුන් හා කෑමට සුදුසු සියළු ගෙඩි, අල, කොළ, හා මල් වර්ග අනුභවයට ගත් තිරුවාණා, කහඳ, කළුගල් වැනි ගල් වර්ගවලින් නිර්මාණය කරගත් පාෂාණ මෙවළම් භාවිත කර දඬයමෙන් ජීවනය සපයාගනිමන් සංචාරක ජීවිතයක් ගත කළ අයෙක් විය.අදින් වසර 125,000කට නිසැක වශයෙන් දිවයන සමහර විටෙක අදින් වසර 500,000ක පමණ කාලයක සිට ලංකාවේ ජීවත් වන මෙම මානවයා වර්තමානයේ අප අතර ගැවසෙන අපේ ඥාතීන් මිතුරන් නැතහොත් අප දක්වා විකාශය වූ කතාව මෙම ලිපි පෙළින් ගෙනහැර දැක්වීමට අපේක්‍ෂා කෙරේ. එනම් සරළාකාරයෙන් ජීවත් වූ ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා අප දක්වා විකාශය වූ ආකාරය පිළිබඳ පිළිවෙල කතාවයි.
<
ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධිය පිළිබඳ ඉමහත් උනන්දුවකින් ක‍්‍රියාකළ ඊ. ජේ. වේලන්ඞ් නම් භූ විද්‍යාඥයා විසින් 1956 දී ලියා තබා ඇති පහත උද්ධෘතය සිතෙහි රදවා ගැනීම මෙම විෂයේ ඇති සංකීර්ණ බව හා සීමාකම් අවබෝධ කරගැනීමට හේතු වෙයි.
”බොහෝ ගැටළු සහිත ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසයේ, ඒ හා සම්බන්ධ ගැටළු සඳහා අයෙකුගේ ජීවිත කාලයක් තුළ සිදුකරන පර්යේෂණතුළින් හෝ පිළිතුරු සෙවිය නොහැක. ලංකාවේ ඉතිහාසය, වර්තමානය හා අතීතය එක් ග‍්‍රන්ථයකින් නිරූපනය කළ නොහැක. එය කළ හැක්කේ පුස්තකාලයක් තුළින් පමණි.”
ශ‍්‍රි ලංකාව හා එහි ජනයාගේ ප‍්‍රාග් ඉතිහාසිය පිළිබඳ දැනුවත් වීම හුදු හිත සනසාගැනීමකට පමණක් සීමා නොකොට ලාංකේය අනාගත පුනරුත්ථානය උදෙසා මාර්ගයක් කර ගැනීමට ද හැකි වනු ඇත.
fa-hien-caveබුලත්සිංහල ඵා-හියං ගුහාව - බොහෝ තොරතුරු සැඟ වී තිබිය හැකි තවත් බලංගොඩ මානව වාසස්ථානයක්
පුරාවිද්‍යාව වනාහි බහු විෂයාත්මක හා අන්තර් විෂයාත්මක විෂයන් වශයෙන් සලකනු ලැබේ. ස්වාභාවික විද්‍යාවන් හා සාමාජීය විද්‍යාවන් ගණනාවක දායකත්වය හා ඒ ඒ විෂයයන්ගේ පිළිබඳ පවතින දැනුම පුරාවිද්‍යා විග්‍රහයන් සඳහා භාවිතයට ගැනීමට සිදු වන බැවින් මෙවැනි ප්‍රකාශයක් පුරාවිද්‍යාව සඳහා වලංගු වේ. පුරාවිද්‍යාව යටතේ අතීත මානවයා පිළිබද හැදෑරීමේ දී ඔහු ගේ සංස්කෘතික ලක්ෂණ මෙන් ම ඔහු වටා වූ පාරිසරික සාධක ද හැහෑරීම පුරාවිද්‍යාඥයා විසින් අනිවාර්යෙන් ම සිදුකල  යුතු  වේ. අතීත මිනිසා විසින් සංස්කෘතියක් ගොඩනගා ගනු ලැබුව ද ඔහු ද මූලික වශයෙන් සත්ත්වයක් වීම නිසා හා සංස්කෘතිය තිරණය වීම ද පාරිසරික සාධක අනුව තීරණය වන බැවින් සංස්කෘතික මෙන් ම ස්වාභාවික පරිසරය බෙහෙවින් ම වැදගත් වේ. ඒ අනුව අතීත මිනිසා පිළිබද හැදැරීමේ දී සංස්කෘතික සාධක වෙත පමණක් සීමා වි ඔහු පිළිබද පුළුල් අවබෝධයක් ලබාගැනීමට පුරාවිද්‍යාඥයාට හැකි වන්නේ නැත. එ බැවින් අනිවාරයයෙන් ම පාරිසරික සාධක පිළිබදවත් අවධානයක් යොමු කිරීමට සිදු වෙයි. ලංකාවේ අතීත මිනිසා පිළිබද විධිමත් ව විපරම් කිරීමට උත්සාහ දරන මම ලිපිපෙළේ දී එම මානවයා ජීවත් වූ නැතිනම් ඔහුට ජීවනය සැකසූ පරිසරය පිළිබද දළ වයෙන් හෝ අවබෝධ කර ගැනීම අත්‍යාවශය වේ. ඒ බැවින් දැන් අපි ලංකාවේ අතීත පරිසරය නැතිනම් ලංකාවේ භූ විධ්‍යාත්මක හා භූ ගෝල විද්‍යාත්මක සාධක වෙත දළ අවධානයක් යොමුකරමු.
ශ‍්‍රී ලංකාවේ ස්ථානගත වීම
ශ‍්‍රි ලංකාව අර්ධද්විපික ඉන්දියාවේ ධනුෂ්කොඩියේ සිට කිලෝමීටර් 29ක පමණ පටු මුහුදු තිරයකින් ඉන්දීය ප‍්‍රධාන භුමියෙන් වෙන් වී ඇති අතර සමකයේ සිට අංශක 8ක් පමණ උතුරින් ස්ථානගත වී ඇත. නිරපේක්‍ෂ වශයෙන් ලංකාව උත්තර අක්‍ෂාංශ 50 55'' - 90 51'' හා නැගෙනහිර දේශාංශ 790 41'' - 81053'' අතර ස්ථානගත වී ඇත.
ඉන්දියානු සාගරය තුළ ඉන්දීය ආර්ධද්වීපය හා ලංකාවේ ස්ථානගත වීම (Google Earth වෙතින් උපුටා ගන්නා ලදී.)
ඩෙල්ෆ්, පුංකුඩුතිව්, අනලතිව් ආදී  ලෙස පරිපාලන වශයෙන් ලංකාවේ ප‍්‍රධාන භූ ස්කන්ධයට සම්බන්ධ සාපේක්‍ෂ ව කුඩා ප‍්‍රමාණයේ දූපත් රැසක් ලංකාවේ උතුරු හා වයඹදිගින් පිහිටා ඇත. උතුරේ පේදුරු තුඩුවේ සිට දකුණේ දෙවුන්දරතුඩුව දක්වා කිලෝමීටර් 430ක උපරීම දිගක් ද නැගෙනහිර කල්මුණේ සංගමන්කන්ද තුඩුවේ සිට බටහිරින් කොළඹ දක්වා කිලෝමීටර් 227ක පමණ උපරීම පළලක් දක්වන ලංකාව සමස්ත වර්ග ප‍්‍රමාණය කිලෝමීටර් 65,610ක් පමණ වෙයි.
ශ‍්‍රී ලංකාවේ නිරිතදිගින් මාලදිවයින් දූපත් හා ගිණිකොණදිගින් නිකොබාර් හා අන්දමන් දූපත්වල ස්ථානගතවීම දැකගත හැකි වන අතර දිවයිනේ භූ විෂමතාව, දේශගුණය හා කාලගුණය, ස්වභාවික ශාක හා සත්ත්ව ගහණය, පස ආදී දත්ත අනුව ආසන්න දක්‍ෂිණ භාරතයට සමීප සබඳතාවක් පෙන්වයි.
ශ‍්‍රී ලංකාවේ භූ විද්‍යා ඉතිහාසය
ශ්‍රී ලංකාවේ භූ විද්‍යා අධ්‍යයනයන්ගේ පුරෝගාමීයෙකු වන ඉන්දීය ජාතික ඞී. එන්. වාඩියා (Darashaw Nosherwan Wadia (1883– 1969)) දක්වා ඇති පරිදි මේ වන විටත් ලංකාවේ භූ විද්‍යාත්මක අතීතය පිළිබඳ තොරතුරු තවමත් 100%ක් ම අනාවරණය වී නොමැත. එහෙත් භූ විද්‍යාඥයන් විසින් මෙතෙක් සිදුකරන ලද අධ්‍යයන් අනුව ශ්‍රී ලංකාවේ භූ විද්‍යා අතීතය පිලිබඳ දළ අවබෝධයක් ලබාගත හැකි වේ. ඇල්ෆ‍්‍රට් වෙග්නර් (Alfred Lothar Wegener (1880 – 1930)) විසින් දක්වන ලද ගොන්ඞ්වානාලන්තය නම් මහා භූමි ස්කන්ධය පැවැතුණු අවධිය දක්වා ලංකාවේ භූ විද්‍යා පරිණාමයේ ආරම්භය ගමන් කරයි. දිවයිනේ බොහෝ කොටස් නිර්මාණය වී ඇත්තේ වසර කෝටි 280ක් පමණ පැරණි ප‍්‍රාග් කේම්බී‍්‍රය (Precambrian) පාෂාණ වලිනි. එ බැවින් වසර මිලියන ගණනක් තිස්සේ පෘථිවිය මුහුණ දුන් විවිධාකාර අද්දැකීම් රැසක් විදදරා ගැනීමට ශ්‍රී ලංකා භූ ස්කන්ධයට සිදු වී ඇත.
ෆැන්ජියාව හා ගෝඞ්වානාලන්තය පැවැති කාලයේ ඉන්දියාවේ ස්ථානගත වීම -
ඉහල වසර මිලියන 200, පහළ වසර මිලියන 80 (මෙම සිතියම K.A.R. Kennedy ගේ God apes and Fossil men කෘතියෙන් උපුටාගන්නා ලදී.)
භූ විද්‍යා ක‍්‍රියාකාරීත්වයේ ආරම්භක අවධියේ හිමාල කඳුකරයට දකුණින් පිහිටි ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව සහිත බිම්කඩ මුහුදින් වට වූ දූපතක් වශයෙන් පැවැතිණ. එවකට ලක්දිව අයත් ප‍්‍රදේශය සමකයෙන් අංශක 7ක් පමණ උතුරින් පිහිටා තිබිණි. පසු ව, පෘතුවි තලය මත වූ සියලූ ගොඩබිම් ප‍්‍රදේශ එක් වී පැන්ජියාව නම් විශාල භූ ස්කන්ධය නිර්මාණය වීමට ප‍්‍රථම ලංකාව ද ඉන්දීය භූ ස්කන්ධය සමඟ සමකය පසුකරමින් දකුණට පා වී අවුත් අප‍්‍රිකා හා ඇන්ටාර්ටිකා භූ ස්කන්ධ සමඟ සම්බන්ධ විය.
අදින් වසර කෝටි 26කට ඉහත පර්මියානු (Permian) අවධියේ දී ලංකාවේ දකුණු ප‍්‍රදේශය දකුණු අප‍්‍රිකාව හා නැගෙනහිර ඇන්ටාර්ටිකාව සමඟ යා වී පැවැති අතර දක්‍ෂිණ අක්‍ෂාංශ 60ක් පමණ වන හිමෙන් ආවරණය වූ ප‍්‍රදේශයක ස්ථානගත විය. මෙ කල පරිසර උෂ්ණත්වය ක‍්‍රමයෙන් වැඩි වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් දකුණු අප‍්‍රිකාවේ සිට ගලා ආ ග්ලැසියර හෙවත් හිමගංගා දිවයිනේ දකුණින් වූ ප‍්‍රදේශය මතින් ඇදී යාම විවිධ භූ විද්‍යාත්මක ප‍්‍රතිඵල ජනිත කිරීමට සමත් වී ඇත. ඓතිහාසික කාළ පරිච්ජේදයට අයත් වාරි සංස්කෘතියේ අනිවාර්ය අංගයක් වූ වැව් නිර්මාණය කිරීමට යෝග්‍ය වූ අවපාත, මෙවැනි ග්ලැසියර ඛාදනයන් මඟින් ජනිත වු බව සැලකේ. සමහර විල් ද්‍රෝණි ආශ‍්‍රිත ව හමු වී ඇති දියමන්ති හා රත‍්‍රන් ද මෙම ග්ලැසියර මඟින් අප‍්‍රිකාවේ දියමන්ති හා රන් ආකර ප‍්‍රදේශ වලින් ඇදී අවුත් ශේෂගත කළ ඒවා බවට මතයක් පවතී.
පැන්ජියාව කොටස් වලට බෙදී වෙන් වී ගිය පසු ව ශේෂගත වූ ගොන්ඞ්වානාලන්තය පසුව කැබැලිවලට කැඞී වෙන් වූ අතර ඕස්ටේ‍්‍රලියාව හා ඉන්දියානු භූමි ස්කන්ධ නැවැතත් උතුර බලා යන ගමන ඇරැඹීය. ඒ සමඟ ම දිවයින ද ඉන්දීය මහා භූ ස්කන්ධය සමඟ එක් වී තම ගමන අඛණ්ඩ ව සිදුකර ඇත. අදින් වසර කෝටි 18කට පමණ පෙර ජුරාසික අවධියේ දී ලංකාව නැවැත වරක් නිවර්තන කලාපයට පැමිණි අතර එම වකවානුවට අයත් කේතුධර ශාකවල  (Cladophlebis zeylanica, C. reversa) පොසිල  (Fossils) භූ විද්‍යාත්මක වශයෙන් වන්නි සංකීර්ණය ඇතුළු කලාපයේ පිහිටි වයඹ දිග ලංකාවේ පුත්තලම ප්‍රදේශයට ආසන්න ව පිහිටා ඇති තබ්බෝව, ආඬිගම ආදී ස්ථාන වලින් වාර්තා වී ඇත.
ඉන්දීය බිම්කඩ අදින් වසර කෝටි 6.5කට පමණ පෙර උතුරට ගමන් ගැනීමේ දී යුරේසියානු බිම්කඩ හා ගැටී ඒ මතින් ගමන්ගැනීමට ගත් උත්සාහයේ දී ඒ ආශ‍්‍රිත භූ ස්කන්ධය රැළි ගැසීමට ලක් විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් එම භූමියේ ඉහළ කොටස ආශ‍්‍රිත ව හිමාල කඳුවැටිය නිර්මාණය විය. මෙම කාර්යය අදටත් සිදු වන බව පෙනී යන්නේ හිමාල ප‍්‍රදේශය අදට ද වසරකට සෙන්ටි මීටර් කීපයක් බැඟින් ඉහළට නෙරා යෑම නිරීක්‍ෂණය කළ හැකි බැවිණි. මෙම මහාද්වීප ඝට්ටනය හේතුවෙන් දිවයින ඉන්දීය භූ ස්කන්ධයත් සමඟ තිබූ සබඳතා ව බිද වැටීමට ලක් වී එය වසරකට සෙන්ටි මීටර් 1ක් පමණ වයඹ-ගිනිකොණ දිශානුගත ව ඉන්දීය මහා භූ ස්කන්ධයෙන් වෙන්වෙමින් පවතී. පළමු ව, ඉන්දියාවේ මදුරාසිය ආසන්නයට සම්බන්ධ ව පැවැති යාපන අර්ධද්වීපය ආශ‍්‍රිත ප‍්‍රදේශය අද වන විට එයින් කිලෝමීටර් 325ක් පමණ ගිණිකොණ දෙසට විතැන් වී ඇත්තේ මෙහි ප‍්‍රතිඵලයක් වශයෙනි.
ලෝකය පුරා ම පැතිර ගිය ග්ලැසියර (Glacier) හා අන්තර් ගැලැසියර යුගයන්හි මුහුදු මට්ටමේ උස්පහත් වීම අනුව ඉන්දියාව හා ලංකාව ගොඩබිමින් සම්බන්ධ වීම හා වෙන් වීම විටින්විට සිදු වි ඇත. මෙ සේ ගොඩබිම් පාලමක් නිර්මාණය වීම දෙරට අතර ජීවීන් ගේ සංචරණය සඳහා ඇවැසි අනුබලය සැපැයී ය. මෙ ලෙස වසර ලක්‍ෂ ගණනක් තිස්සේ විටින්විට දිවයින ඉන්දීය භූ ස්කන්ධය සමඟ සම්බන්ධ වීමත් වෙන් වීමත් සිදු වූ අතර අවසන් වරට අදින් වසර 7,000කට පමණ පූර්වයෙන් දෙරට ගොඩබිමින් වෙන් විය. මුහුදු ජල මට්ටම ඉහල ගිය අවස්ථාවන්හි දී පෝක් සමුද්‍රසන්දිය තුළ වැඩුණු කොරල් පර මත හුණුගල් තට්ටුවක් නිර්මාණය කළේ ය. මෙලෙස අදින් වසර කෝටි 2.4කට පමණ පෙර උණුසුම් අවධියක් ලෙස සේ සැළැකෙන තෘතීයික අවධියට (Tertiary) අයත් මයෝසීන වකවානුවේ (Miocene) දී ගොඩබිමට ගලා ආ මුහුදු ජලය යාපන අර්ධද්වීපයේ සිට පුත්තලම දක්වා විහි දී යන අවසාධිත හුණුගල් ස්තරය ඇති කිරීමට සමත් විය. එකළ ලංකාවේ වෙරළ පුත්තලම, මඩු පල්ලිය, මාන්කුළම හරහා මුලතිව් තෙක් විහිදීමට ඇතැයි භූ විද්‍යාඥයන් උපකල්පනය කරයි.
අදින් වසර ලක්‍ෂ 20කට පමණ පූර්වයෙන් ඇති වූ චාතුර්තික අවධියට (Quaternary) අයත් ප්ලයිස්ටෝසීන යුගයේ (Pleistocene) දිවයිනේ ශාක හා සත්ත්ව සංහති අතින් වැදැගත් තත්ත්වයක් පෙන්නුම් කරයි. රත්නපුර ප‍්‍රදේශයේ දියළු පස් තැම්පතු වල මීට වසර ගණනාවකට ඉහත දී ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා විසින් සිදුකරන ලද පුරාවිද්‍යා අධ්‍යයන අනුව දැනට වද වී ගොස් ඇති සතුන් රැසක් හා දැනටත් ජීවත් වන සතුන් පිළිබඳ සාධක අනාවරණය කරගැනීමට සමත් වී ඇත. මෙම සත්ත්වයින් ඉන්දීයාවේ ශ්වාලික් හා නර්බදා සත්ත්ව සංගති සමඟ ආසන්න සබදතාවක් දක්වන බවත් එ තුමා විසින් පෙන්නුම් කර දී ඇත.  මෙම ලිපිපෙළේ ඉදිරි ලිපියකින් ලංකාවේ ප්ලයිස්ටෝසීන යුගය පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරනු ලැබේ.
ප‍්‍රාග් කේමිබී‍්‍රය යුගයෙන් පසුව ජුරාසික අවධිය දක්වා දිවයිනේ භූ විද්‍යාත්මක ඉතිහාසය පිළිබඳ සාධක දුලබ බව භූ විද්‍යාඥයින්ගේ අදහසයි. වසර දශලක්‍ෂ 600කට ආසන්න කාලයක් තිස්සේ ප‍්‍රකට වන සාධක දුලබතාවෙන් පැහැදිළි වන්නේ මෙම දීර්ඝ කාලය මුළුල්ලේ ම ලංකා පොළොව ස්ථායී භූ ස්කන්ධයක් වශයෙන් පවතිමින් දිගින්දිගට ම නග්නීකරණයට බඳුන් වූ බවයි. දිවයින පුරා ම විසිරී ඇති සීගිරිය, මිහින්තලේ, දිඹුලාගල, දොළුකන්ද ආදී ශේෂ කඳු මෙම තත්ත්වයට උදාහරණ සපයයි.
 ලංකාවේ භූ දර්ශනයේ උපත
ශ්‍රී ලංකාවේ භූ දර්ශනයේ උපත පිළිබඳ ව 20 වැනි සියවසේ මුල් කාලයේ සිට ම විවිධ භූ විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී ඇති අතර මේ සම්බන්ධයෙන් මුල් කාලීන ව, විදේශීය විද්වතුන්ගේ හා පසු ව, දේශීය විද්වතුන්ගේ අවධානය යොමු වී ඇත. ලංකාවේ භූ දර්ශනයේ උපත පිළිබද පවතින සියලූ අදහස් එක්තැන් කරමින් මහාචාර්ය සී. ඇම්. මද්දුම බණ්ඩාර මහතා විසින් 'මහවැලියේ භූගෝලීය පසුබිම' යන හිසින් යුතු ලිපියක් මහවැලි වංශය ග්‍රන්ථය සඳහා සම්පාදනය කොට ඇති අතර ලංකාවේ භූ දර්ශනයේ උපත පිළිබඳ කියැවෙන මෙම කොටස එම ලිපිය ඇසුරින් සකස් කර ඇති බව එ තුමාට ගෞරව වශයෙන් සටහන් කිරීමට කැමැත්තෙමි.
1928 දී  එෆ්. ඩි. ඇඩම්ස් නම් ස්කැන්ඩිනේවියානු භූ විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරනු ලැබූ ‘ස්කන්ධ කුට්ටි උත්ක්‍ෂිප්තය’ (en mass block uplift) නම් මතය ලංකාවේ භූ දර්ශනයේ උපත සම්බන්ධයෙන් පළමු ව ඉදිරිපත් කරනු ලැබූ මතයයි. උසින් එකිනෙකට වෙනස් වූ අඩතැනි කළාප තුනක් ඇඩම්ස් විසින් හඳුනාගන්නා ලද්දේ දිවයිනේ උතුරේ සිට දකුණටත් බටහිර සිට නැගෙනහිරටත් අදින ලද භූ විෂමතා හරස්කඩ පරික්‍ෂා කිරීමෙනි' හපුතලේ - හල්දුම්මුල්ල මාර්ගයේ සිට කෙනෙකුට මෙම අඩතැනි ත‍්‍රිත්ත්වය ම නිරීක්‍ෂණය කළ හැකි බව ඔහු දක්වා ඇත. මෙම අඩතැනි ශීඝ‍්‍ර බෑවුම් වලින් ද විටෙක මොහොර ලක්‍ෂණයන්ගෙන් ද සමන්විත බව දක්වන ඇඩම්ස් ඒ සඳහා නිදසුනක් ලෙස ලෝකාන්තය ඉදිරිපත් කර ඇත. ඇඩම්ස්ට අනුව, උස ම අඩතැන්නට සමාන විශාලත්වයකින් යුත් භූමියක් පළමු ව උත්ක්‍ෂිප්ත ව ගොඩබිමක් බවට පත් විය. මෙම මුල් භූමිය දැනට ලංකාවේ උච්චත ම භූමියට වඩා බෙහෙවින් උස් වේ. දිගු කළක් එය නග්නීකරණයට ලක් වූ පසු පළමු කොටස ඔසවා ගෙන දෙවන උත්ක්‍ෂිප්තයක් ද අනතුරු ව එම කොටස් දෙක ම ඔසවාගෙන තෙවන උත්ක්‍ෂිප්තයක් ද සිදු විය. මෙම තෙ වන කොටස වත්මන් දිවයිනේ භූමි ප‍්‍රමාණයට සමාන බව ඇඩම්ස් ගේ අදහසයි. මෙම මතයට අනුව, දිවයිනේ පැරණි ම ලක්‍ෂණ මධ්‍යම කඳුකරය පෙන්නුම් කළ යුතු වුවත්, ලංකාවේ භූ ලක්‍ෂණ අතුරින් යෞවන ම ලක්‍ෂණ පෙන්නුම් කරන්නේ මධ්‍යම කඳුකරයේ උස් ම බෑවුම් ආශ‍්‍රය කොටගෙන බැව් විද්වතුන් පෙන්වා දී ඇත.
d.n.wadiaඩි. එන්. වාඩියා (මෙම ඡායාරූපය http://www.geolsoc.org.uk වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදී.)
උක්ත මතයේ විලෝමය වශයෙන් සැළැකිය හැකි ‘කවාකාර කුට්ටි උත්ක්‍ෂිප්ත’ (Circumscribe block uplift) මතය 1943 දී ඩි. එන්. වාඩියා නම් ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරන ලදී. එම මතයට අනුව, සමස්ත දිවයිනේ ම භූමි ප‍්‍රමාණයට සමාන භූ ස්කන්ධයක් පළමු ව උත්ක්‍ෂිප්ත වූ අතර පසු ව එය මධ්‍යයේ ඇති වූ අනුපූර්ව කුට්ටි උත්ක්‍ෂිප්ත දෙකක් මඟින් දැනට ලංකාවේ පවත්නා භූ දර්ශනය සකස් වී ඇත. මෙම මතයට අනුව, දිවයිනේ පැරණි ම භූමි කොටස වෙරළබඩ තැන්න ය. මෙම කවාකාර කුට්ටි උත්ක්‍ෂිප්තය ඇති වූ කාලය ඉන්දියාවේ නිල්ගිරි කඳුකරයත් (Nilgiri mountains), මළබාර් වෙරල තීරයත් විටෙක තබ්බෝව නිධිවල දක්නට ලැබෙන විභේදන ඇති වූ කාලයත් සමඟ අනුයාත වේ.
ලාංකික භූ විද්‍යාඥයෙක් වූ කේ. කුලරත්නම් මහතා විසින් 1953 දී විසින් ‘බහුවිධ කුට්ටි උත්ක්‍ෂිප්ත’ (Multiple block uplift) මතය මඟින් දිවයිනේ භූ දර්ශනය සකස් වූ බව දක්වයි. යටිනැමි ව්‍යුහයක් වශයෙන් පළමු ව තිබූ ලංකා පොළොව දිගු කළක් ඛාදනයට භාජනය විය. මෙ ලෙස ඛාදනය හේතුවෙන් භූමිය නග්න වත් ම උපස්තරයේ ඇති වූ ආතති මුක්ත වීමට තිබූ එක ම මාර්ගය වූයේ දැඳුරු වීමත් උලැඟි වීමත් ය. ඒ අනුව ඇති වූ විභේදනය හා අසම සිරස් චලන ඇති වීමත් ය. මෙසේ ආකීය පාෂාණයන්හි දෘඩ බව හේතුවෙන් වාඩියා පැහැදිළි කළ ආකාරයෙන් දිවයින කවාකාර කුට්ටි තුනකට නොව රැසකට විභේදනය වී උත්ක්‍ෂිප්ත විය. එයින් විවිධාකාර උසින් යුත් පසු පරිණත ඛාදන තල රැසකින් කඳුකරය නිර්මාණය විය. මධ්‍යම කඳුකරය තැනි ගණනාවකින් යුක්ත වීම මෙම මතයට ධනාත්මක සාධක සපයන අතර මධ්‍යම කඳුකරය වටා විසිරී පවතින දිය ඇළි සමූහය මඟින් ද මධ්‍ය කඳුකරය කුට්ටි රාශියකට බෙදී ඇති බව පෙන්නුම් කරයි.
භූ චලන මත පදනම් වූ මතයක් 1972 දී පී. ඩබ්ලිව්. විතානගේ මහතා විසින් ඉදිරිපත් කරණු ලැබ ඇත. මධ්‍යම කඳුකරයේ භූමිය ක්‍ෂද්‍ර භූ චලන හේතුවෙන් සෙමින්සෙමින් වර්ධනය වෙමින් පවත්නා බව මෙම මතයෙන් කියැවෙයි. මෙලෙස වර්ධනය වන පොළොව අසම ඛාදන ක‍්‍රියාවලි මාර්ගයෙන් හැඩ ගැන්වීම හේතු කොටගෙන වත්මන් භූ දර්ශනයේ උපත සිදු වී ඇති බව ඔහුගේ අදහසයි.
ලංකාව් භූ දර්ශනය සකස් වීම සම්බන්ධයෙන් උක්තාකාරයෙන් විවිධ භූ විද්‍යාඥයන් විසින් විවිධ අදහස් දක්වා ඇති ලංකාවේ භූ දර්ශනයේ උපත පිළිබඳ ව භූ විද්‍යාඥයින් විසින් තවදුරටත් අධ්‍යයන සිදුකරමින් පවති. ‍කුමනාකාර හේතුවක් හෝ හේතූන් නිසා හෝ සකස් වී ඇති ලංකාවේ භු දර්ශනය එහි භු ගෝල විද්‍යාත්මක සාධක නිර්ණය වීම සඳහා බෙහෙවින් තීරණාත්මක වී ඇත. එම සාධක සියල්ල ම පසුකාලීන ව මානවයා ගේ ව්‍යාප්තිය හා පරිණාමය සඳහා විවිධ ආකාරයෙන් බලපා ඇති බවත් හඳුනාගත හැකි වේ. ඉතා සරල ආකාරයෙන් මෙ පිළිබඳ ව දැක්විය හැකි කරුණක් වන්නේ ලංකාවේ භු විද්‍යාත්මක සාධක ලංකාවේ ආදී  මානවයාගේ සංස්කෘතිය මෙන් ම පැවැත්ම සදහා ද බෙහෙවින් බල පා ඇති බවයි.
ලංකාවේ භූ විද්‍යා කලාප
geology-map-sri-lankaශ්‍රී ලංකාවේ භූ විද්‍යා කලාප (මෙම සිතියම Arjuna's Atlas of Sri Lanka කෘතියෙන් උපුටාගන්නා ලදී)
භූ විද්‍යාත්මක ව සලකා බලන විට ශ්‍රී ලංකාවේ 9/10ක පමණ ප‍්‍රමාණයක් අදින් වසර මිලියන 570කට වඩා පැරණි ප‍්‍රාග් කේම්බී‍්‍රය යුගයේ දැඩි ලෙස විපරීතකරණයට (highly crystalline rocks) ලක් වූ පාෂාණයන්ගෙන් සමන්විත වී ඇත. අවශේෂ 1/10ක ප‍්‍රමාණය ජුරාසික අවධියට අයත් අවසාධිත පාෂාණ (sedimentary formations - limestones, sands and clays) හා තෘතීයික හා චාතුර්ථික අවදීන්ට අයත් පාෂාණ සංස්ථාවන්ගෙන් සමන්විත ය. උතුරුදිග කලාපය ආශ‍්‍රිත ව මයෝසීන යුගයේ නිර්මාණය වූ හුණුගල් තට්ටුවක් ද නිරීක්‍ෂණය කළ හැකි ය. ප‍්‍රාග් කේම්බී‍්‍රය යුගයට අයත් පාෂාණ ඒවායේ වර්ගය, ලක්‍ෂණ හා ව්‍යුහය අනුව (rock types, isotopic characteristics and structures) නැවැත ප‍්‍රධාන උප කොටස් තුනකට/හෝ හතරකට බෙදනු ලැබ ඇත.
I. උස්බිම් සංකීර්ණය : මධ්‍යම කඳුකර උස්බිම් ද ඇතුළු ඊශාන දිග සිට නිරිතදිග දක්වා ව්‍යාප්ත ව ඇත.
II. වන්නි සංකීර්ණය : බටහිර විජයානු සංකීර්ණය වශයෙන් ද හඳුන්වන මෙය උස්බිම් සංකීර්ණයෙන් බටහිර පහත් භූමි ප‍්‍රදේශයේ ව්‍යාප්ත ව ඇත.
III. විජයානු සංකීර්ණය : නැගෙනහිර විජයානු සංකීර්ණය ලෙස ද හඳුන්වන මෙය උස්බිම් සංකීර්ණයෙන් නැගෙනහිර ප‍්‍රදේශයේ ව්‍යාප්ත ව ඇත.
IV. කඩුගන්නාව සංකීර්ණය : උස්බිම් සංකීර්ණයේ මධ්‍යස්ත ව පිහිටා ඇති මුත් මෙහි අන්තර්ගත පාෂාණ මාදිළි උස්බිම් සංකීර්ණයෙන් පරිබාහිර වෙයි.
ලංකාවේ භූ ගෝල විද්‍යාත්මක පසුබිම
උෂ්ණත්වය
සමකාසන්න රටක් වශයෙන් ශ්‍රී ලංකාව ස්ථානගත වීම නිසා වසර පුරා ම පාහේ ඍජු ව සූර්යාලෝකය පතිත වේ. හේතුවෙන් වසරේ සැමදා ම පාහේ ඒකාකාරී උෂ්ණත්වයක් දිවයින සතු වන අතර පැහැදැළි ව නිරීක්‍ෂය කළ හැකි ආකාරයේ ඍතු බෙදීමක් දක්නට නොමැත. ලංකාවේ දී පැහැදිළි උෂ්ණත්ව අන්තරයක් හඳුනාගැනීම අපහසු නමුත් සාමාන්‍ය මාසික මධ්‍ය උෂ්ණත්වය සෑම ප‍්‍රදේශයක ම පාහේ සෙල්සියස් අංශක 27.4ක් ද වාර්ෂික මධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.8ට වඩා අඩු අගයක් ද ගනී. පතන ශීඝ‍්‍රතාව හෙවත් මුහුදු මට්ටමේ සිට ඉහලට යන විට උෂ්ණත්වය අඩු වීම සෑම මීටර් 100කට ම පාහේ සෙල්සියස් අංශක 0.64ක් පමණ වෙයි. මෙම උෂ්ණත්ත්ව තත්ත්ව තුළ මිනිසාට ජීවත් වීමේ හැකියාවන් පවතින අතර මානව ජනාවාස හෝ පැවැත්ම සඳහා මෙම තත්ත්වය ප්‍රබල අන්දමේ බලපෑමක් සිදුකරන්නේ නැත. එ බැවින් ලංකාවේ වෙනත් බොහෝ පාරිසරික සාධක මෙන් ම උෂ්ණත්වය ද මානව ජනාවාස සඳහා යෝග්‍ය ව පැවැති හා දැනටත් බවතින බව හඳුනාගත හැකි වේ.
temparature-and-rainfallලංකාවේ උෂ්ණත්වය හා වර්ෂාපතනය (මෙම සිතියම් Arjuna's Atlas of Sri Lanka කෘතියෙන් උපුටාගන්නා ලදී)
වර්ෂාපතනය
ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය අංගයක් වන මිරිදිය ලක්දිවට ලැබෙන ප‍්‍රධාන ක‍්‍රමය වර්ෂාපතනයයි. වාර්ෂික වර්ෂාපතන දත්ත අනුව දිවයිනේ වැඩි ම වර්ෂාපතනයක් මධ්‍යම කඳුකරයට ලැබෙන අතර එහි බටහිර බෑවුමෙන් අධික ම වර්ෂාපතනය පිලිබඳ වාර්තා වෙයි. (1) සංවහන, (2) මෝසම් වර්ෂාව හා (3) වාසුළි වර්ෂාව යන ක‍්‍රම තුනක් ඔස්සේ ලංකාවට වර්ෂාව ලැබෙන බව හඳුනාගෙන ඇත. බෙංගාල බොක්ක ආශ‍්‍රිත ව වැඩි වශයෙන් ඇතිවන අවපාත නැතහොත් සුළිසුළං මාර්ගයෙන් ඇතිවන වාසුළි වර්ෂාව මඟින් ඔක්තොම්බර්-නොවැම්බර් අතර කාලයේ දී දිවයිනට මෙන් ම උතුරු හා නැගෙනහිර කලාපවලට වැඩි වර්ෂාපතනයක් ලැබෙන බව නිරීක්‍ෂණය කර ඇත. ඍතු වශයෙන් සලකා බැලීමේ දී දෙවන අන්තර් මෝසම් කාලපරිච්ෙඡ්දය වන ඔක්තොම්බර් සිට නොවැම්බර් දක්වා කාලයේ දී ලංකාවේ උතුරු හා වයඹ කලාපයන්ට අධික වර්ෂාපතනයක් ලැබේ. මෙම සාධක අනුව පැහැදිළි වන්නේ ලංකා භූමිය වෙත නිරන්තරයෙන් වර්ෂාව ඔස්සේ සත්ත්වයින් සඳහා යෝග්‍ය මිරිදියෙන් ලංකාව පෝෂනය වී පැවති බවයි. අනෙක් අතට ලංකාවේ මධ්‍ය කඳුරයෙන් ලංකාවේ සිව් දිසාවනට ගලාඇදෙන ජල මාර්ග පද්ධතිය ලංකාව මිනිස් වාසයක් වශයෙන් ඒ වෙත ආකර්ශනය කිරීමට සමත් වී ඇත. වර්ෂාව, ජලමාර්ග, උල්පත් හා ස්වාභාවික ජලකඩිති ආදී මානවයාගේ දිවි පැවැත්ම තහවුරු කරගැනීමට නිසැක වශයෙන් ම දායක විය. ලංකාවේ මධ්‍යශිලා යුගයේ වාසස්ථාන පිළිබඳ සිදුකරන අධ්‍යයනයන් ගේ දී පමණක් නොව මානවවංශ විද්‍යා අධ්‍යයනයන් ගේ දී ද පැහැදිළි වී ඇත්තේ අතීත මානව වාසස්ථාන සෑම විට‍ම ජල මූලාශ්‍ර ඇසුරේ ස්ථානගත වී ඇති බවයි. ජලය යනු මිනිසාට පමණක් නොව සියලු සත්ත්වයා ගේ ම දිවිපැවැත්ම සදහා අත්‍යාවශ්‍ය සංරචකයක් බව අප සියල්ල අද්දැකීමෙන් ම දන්නා සරළ සිද්ධාන්තයකි.
පාංශු ව්‍යාප්තිය
මිනිසා වටා භෞතික පරිසරය පිළිබඳ ව අධ්‍යයනය කරන විට හඳුනාගත හැකි ප‍්‍රධාන සංඝටකයන්ගෙන් එකක් වශයෙන් පස වැදැගත් වන්නේ මිනිසාගේ බොහෝ ක‍්‍රියාකාරකම් මෙන් ම පැවැත්ම ද යම් අයුරකින් පස මත රදාපවත්නා බැවිණි. ශාක හා සත්ව සංගතියට ද වාසය කිරීමට හැකි පරිසරයක් නිර්මාණය වන්නේ පස සංචිත වී ඇති ස්ථානයන්ගේ දී පමණි. පාෂාණ ද්‍රව්‍යයන්ට සාපේක්‍ෂක ව බැලීමේ දී පස අත්කර ගන්නා වැදැගත් ලක්‍ෂණ කීපයකිx (අ) පස මත ශාක හා සතුන් වාසය කිරීම, (ආ) පසට ව්‍යුහයක් පැවැත්ම හා එම ව්‍යුහාත්මක සැකැස්ම මඟින් පස තැනුණු ක‍්‍රියාකාරකම් විදහා පෑම හා (ඇ) පාරිසරික වෙනස් වීම් වලට මුහුණ දීමේ හැකියාව ඒ අතර වැදගත් තැනක් හිමිකර ගනී.
පුරාවිද්‍යාත්මක අධ්‍යයනයන් සම්බන්ධයෙන් සලකා බලන විට ද පස වැදැගත් කාර්යය කොටසක් ඉටු කරයි. විවිධ වර්ගයනට අයත් පස් හා අවසාධිතවල ශාක හා සත්ත්ව අවශේෂ සුරැකි ව පවත්නා අතර එමඟින් අතීත පරිසරය පිළිබඳ සාධක කෙරෙහි වැදගත් බලපෑමක් ඇතිකරනු ලබයි. ඇතැම් පස් වර්ග පරික්‍ෂා කිරීම තුළින් සාමාන්‍යයෙන් දේශගුණය සහ භූමි දර්ශනය මත මිනිසාගේ බලපෑම් පිළිබඳ ව අතිරේක තොරතුරු රැසක් සපයයි. මව් පාෂාණය රසායනික හා භෞතික ජීර්ණයට ලක් වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් පස නිර්මාණය වන අතර පස නිර්මාණය සඳහා බලපාන්නා වූ ප‍්‍රධාන සාධක පහකි. එනම්  (අ) දේශගුණය, (ආ) මූල ද්‍රව්‍යය, (ඇ) භූ ලක්‍ෂණ හා භූ විෂමතාව, (ඈ) වාක්‍ෂලතාදිය හා ජීව සංහතිය හා (ඉ) කාලය හෝ භූ දර්ශනයේ පුරාණත්වය යන සාධක යි.
ශ්‍රී ලංකාවේ වියළි කලාපය හා අර්ධ වියළි අතරමැදි කලාපයේ පස්, තෙත් කලාපය හා අර්ධ තෙත් අතරමැදි කලාපයේ පස් ආදී වශයෙන් විවිධ භූමි ඒකක වශයෙන් පස් වර්ග 25කට ආසන්න ප‍්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර ඒවායින් වර්ග 14ක් පමණ දිවයිනේ මහා පාංශු ගණ වශයෙන් හඳුනා ගැනේ. පස නිර්මාණය වීමේ දී බලපාන සාධකයන් ගේ විචල්‍යතාවන් මෙන් ම මවු පාෂාණය යන සාධක මත මෙම විවිධත්වය ඇති වේ. ලංකාවේ ඇති පාංශු ව්‍යාප්තීන් අතුරින් වයඹදිග ලංකාවේ හා ගිණිකෝ‍ය දිග ලංකාවේ වෙරළබඩ කලාපයේ ව්‍යාප්ත ව ඇති රතු පස් සැකැස්ම (Iranamadu Sequence/Iranamadu Formation-IFm) ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා අධ්‍යනයන් ගේ දී බෙහෙවින් වැදගත් තොරතුරු අනාවරණය කිරීමට සමත් වී ඇත. මෙම පාංශු සැකැස්ම විශේෂ දේශගුනික ක්‍රියාකාරීත්වයන් හේතුවෙන් නිර්මාණය වි ඇති බව පුරා දේශගුන විද්‍යාඥයින් හා භූ විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇත. නමුත් මේ පාංශු සැකැස්ම පිළිබඳ විවිධ වැරදි විග්‍රහයන් දැන් දැන් අප සමාජය තුළ ව්‍යාප්ත වෙමින් පවතින බව දැකගැනීමට පුළුවන. දැනට ලංකාවෙන් ලැබී ඇති පැරණි ම මානව කෘතක ලැබී ඇත්තේ මෙම පාංශු කලාප හා එයින් ලැබෙන ආදි මානව කෘතක  පිළිබඳ ව ලංකාවේ පුරාශිලා යුගය පිළිබඳ සිදුකරන සාකච්ඡාවේ දී මේ පිලිබඳ විග්‍රහ කිරිමට අවස්ථාව උදාකරගත හැකි වේ.
ස්වභාවික වෘක්‍ෂලතා
මානවයාගේ මැදිහත් වීමකින් තොර ව යම් ප‍්‍රදේශයක ජනනය වී ඇති වෘක්‍ෂලතා ස්වභාවික වෘක්‍ෂලතා යටතට ගැනේ. ශ්‍රී ලංකාවේ ස්වභාවික වෘක්‍ෂලතා ප‍්‍රධාන වශයෙන් 1. වනාන්තර හා 2. තණ බිම් යනුවෙන් කොටස් දෙකකට වර්ග වෙයි. මෙම ස්වාභාවික වෘක්ෂ ලතා ලංකාවේ ආදි මානවයාගේ චර්යාවන් සඳහා ඍජු ලෙස බලපා ඇති ආකාරය වර්තමාන පුරාවිද්‍යාඥයින් විසින් තේරුමි ගනිමින් සිටී. පුරාණ මානවයා හා සම්බන්ධ විවිධ සංස්කෘතික ලක්ෂණයන් ව්‍යාප්ත වීම හා සීමා වීම සඳහා මෙන් ම ඔහු ගේ චර්යාව තීරණය කිරීමට ද වෘක්ෂලතා බලපෑම් සිදුකර ඇත. අනෙක් අතට ලංකාවේ මධ්‍ය කඳුකරයේ දක්නට ඇති සමහර තණබිම් හා පතන භූමි ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් නිර්මාණය වී ඇති බවට ආචාර්ය සිරාව් දැරණියගල  මහතා විසින් පෙන්වා දී ඇත.
dumbara-kanduදුම්බර කඳුවැටියේ දර්ශනයක් (මෙම ඡායාරූපය http://www.siodi1234.blogspot.com වේබ් අඩවියෙනි.)
ලංකාවේ පාරිසරික කලාප
පාරිසරික සාධකයන්ගේ විවිධතාව අනුව ලංකාව පාරිසරික කලාප කීපයකට බෙදා වෙන්කර අධ්‍යයනය කිරීමට පර්යේෂකයින් පෙළඹි ඇති. ඒ අනුව, ලංකාව ප්‍රධාන වශයෙන් පහත දැක්වෙන ආකාරයට බෙදා වෙන්කර ඇත.
environmental-zonesලංකාවේ පාරිසරික කලාප (මෙම සිතියම එස්. යු. දැරණියගල මහතාගේ Prehistory of Sri Lanka: an Ecological Perspective කෘතියෙන් උපුටාගන්නා ලදී)
A අර්ධ ශුෂ්ක කලාපය B පහත රට වියළි කලාපය C පහත රට අන්තර් වියළි කලාපය D තෙත් කලාපය 1 පහත රට තෙත් කලාපය 2 කදුකර තෙත් කලාපය 3 උස්බිම් තෙත් කලාපය E කදුකර වියළි කලාපය
ලංකාවේ වර්තමාන පුරාවිද්‍යා අධ්‍යයනයන් සඳහා මෙම පාරිසරික වර්ගීකරණය භාවිත කරන බව හඳුනාගත හැකි. ඒ අනුව ප්‍රාග් ඓතිහාසික අධ්‍යයන දියත් කිරීමේ සැලසුම් හා මානව සංරචක අර්ථකථනය කිරීම් මෙම පාර්සරික වර්ගීකරණය අනුව කලාප වශයෙන් වෙන් වෙන් වශයෙන් සලකා බැලීම කෙරෙහි ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාඥයින් උත්සුක වේ. දැනට සිදුකර ඇති පුරාවිද්‍යා අධ්‍යයන අනු බොහෝ ප්‍රාග් ඓතිහාසික අද්‍යයන සිදුකර ඇත්තේ තෙත් කලාපය එනම් D පාරිසරිත කලාපයේ හා ඊට අඩු වශයෙන් අර්ධ ශුෂ්ක කලාපය වන A පාරිසරික කලාපයේ වේ. ඒ අනුව අර්ධ ශුෂ්ක කලාපයේ සිදුකර ඇති අද්‍යයන අනුව ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් පැරණි ම සාධක වන පුරාශිලා යුගයට අයත් සාධක අනාවරණය වී ඇත. එ මෙන් ම තෙත් කලාපයේ ගුහා තුළින් මධ්‍යශිලා යුගයට අයත් සාධක විශාල ප්‍රමාණයක් අනාවරණය වී ඇත. මෙම කලාපයන්ගෙන් පරිබාහිර කලාපයන් ගේ ඇති ප්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාව පිළිබඳ ව මේ දක්වා යොමු කිරීමට හැකි වී ඇත්තේ අවම අවධානයක් වන අතර එම ස්ථාන අද්‍යයනය කිරීම ඉදිරි කාලයේ දී සිදුකළ යුතු කාර්යයන් අතර පවති.


යම්කිසි විෂයක් අධ්‍යයනය කිරීමේ දී විවිධ ආකාරයෙන් නැතිනම් විවිධ ප‍්‍රවේෂ (approaches) ඔස්සේ එම විෂයන් අධ්‍ය්‍යනය කළ හැකි බව අප දන්නා සාමාන්‍ය කරුණකි. එම විවිධ ප‍්‍රවේෂ අතුරින් යම් විෂයක් හා සම්බන්ධ ප‍්‍රාමාණිකයින් පිළිබඳ අධ්‍යයනය කිරීම අදාළ විෂය හා එහි විවිධ පැතිකඩ පිළිබඳ අවබෝධයක් ලැබිය හැකි ප‍්‍රතිඵලදායි එක් ක‍්‍රමයකි. එ බැවින් මෙතැන් සිට මෙම ලිපි මාලාවේ ඉදිරි ලිපි කීපයක් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවේ ආරම්භකයින් හා පර්යේෂකයින් පිළිබඳ ව අවධානය යොමුකිරීමට වෙන් වනු ඇත. තවත් අතකට ලංකාවේ අතීත මිනිසා පිළිබඳ සොයාබලන ලිපි මාලාවක දී ඒ සම්බන්ධයෙන් කැප වූ පූර්ව පර්යේෂකයිනට ලබා දිය යුතු ගෞරවය ලබාදීමේ වැදගත් ම ක‍්‍රමය වන්නේ ද ඔවුන් විසින් අදාළ ක්ෂේත‍්‍රය වෙත ලබා දී ඇති දායකත්වය ප‍්‍රමාණ කිරීමයි. ඊට අමතර ව ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ ව අපි අද අත්විදින දැනුම නිර්මාණය කිරීම සඳහා පුරාවිද්‍යාඥයින් හා වෙනත් පර්යේෂකයින් විසින් විදින ලද දුක්ගැහැට හා අපහසුතා පිළිබඳ යම්තාක් දුරකට අවබෝධයක් ලබා ගැනීමට ද මෙය අවස්ථාවක් කරගත හැකි වේ. එය කෘතවේදී ඕනෑම මිනිස් සමාජයක් සතු වටිනා ලක්ෂණයක් වශයෙන් ද හඳුනාගත හැකි වේ. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවේ අතීතය පිළිබඳව ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා විසින් තමන් විසින් ඇමරිකා එක්සත් ජනපදයේ හාවඞ් සරසවිය වෙත ඉදිරිපත් කරන ලද ආචාර්ය උපාධි නිබන්ධය ඇසුරින් සකස් කොට ඇති Prehistory of Sri Lanka: an ecological perspective ග්‍රන්ථයේ දී History of Research (පිටු අංක 2-22) හිසින් අගනා තොරතුරු සමුදායක් හා විග‍්‍රහයක් ඉදිරිපත් කොට ඇති බව දක්වන්නේ එතුමාට ගෞරව වශයෙනි. මෙය මේ සම්බන්ධයෙන් ලියැවුණු පරීපූර්ණ ලේඛනයක් බව සමහර විද්වතුන් ගේ අදහසයි.
iranamadu-formationඉරණමඩු පස් සැකැස්ම (මෙම ඡායාරූපය http://www.frontlineonnet.com අඩවියෙන් උපුටාගන්නා ලදී.)
විජයාගමනයට පෙර ලංකාවේ සිටි මානවයා නැතහොත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ ලංකාවේ වර්තමාන පරපුර ප‍්‍රමාණවත් තරමකට දැනුවත් වී නො සිටියත් ලංකාවේ මෙම යුගය පිළිබඳ අධ්‍යයනයන් ගේ ආරම්භය අදින් වසර 125 ද ඉක්මවා යන බව පැහැදිළි ව පෙනී ගොස් ඇත. ශ‍්‍රී ලංකාව එවකට පාලනය කළ සුදු ජාතිකයන් විසින් විවිධ පුරාවස්තු පිළිබඳ ව සොයාබැලීම සඳහා හැරී චාල්ස් පර්වියස් බෙල් මහතා යටතේ පුරාවිද්‍යා සමීක්‍ෂණය (Archaeological Survey of Ceylon) 1890 දී පිහිටු වීමටත් පෙර කාලයක සිට ලංකාවේ ගල් යුගයේ මානවයා පිළිබඳ සොයාබැලීමේ උනන්දුව ආරම්භ වී ඇත. 19 වැනි සියවසේ දී යුරෝපයේ මානවයාගේ පෞරාණිකත්වය පිළිබඳ ඇති වූ දැනුම හා උනන්දුව ලංකාව කෙරෙහි ද ඍජු ආකාරයෙන් බලපා ඇති ආකාරය පෙනී යයි. චාල්ස් ඩාවින් මහතා (Charles Darwin) විසින් පරිණාමවාදය පිළිබඳ ඉදිරිපත් කළ අදහසින් ප‍්‍රබෝධමත් වූ යුරෝපීය ජාතීකයින් මෙතෙක් පැවති ආගමික මැවීම්වාදී අදහස් වලින් ඈත් වී මිනිසාගේ පෞරාණිකත්වය පිළිබඳ සොයා බැලීම කෙරෙහි උනන්දු විය. යුරෝපය කෙන්ද්‍ර කරගනිමින් සිදු වූ මෙම උද්‍යෝගයේ ප‍්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ සිටි යුරෝපීයයන් විසින් මේ පිළිබඳ උනන්දුවක් ඇතිකරගෙන මානවයා ගේ පෞරාණිකත්වය පිළිබඳ සොයාබැලීම සඳහා යොමු වූ බව පෙනී යයි. විශේෂයෙන් ම අප‍්‍රිකානු හා ආසියානු කලාපයේ රටවල පැරණි ජනකොටස් කෙරෙහි මෙම ආකර්ශනය වඩාත් වැඩි වූ බව පෙනී යයි.
ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන සිදු වු ආකාරය හා ඒවායේ ලක්‍ෂණ විග‍්‍රහ කර බලන විට අවස්ථා කීපයක විශේෂ ලක්ෂණ පවතින බව හඳුනාගත හැකි වේ. ඒ අනුව, ලංකවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන ආරම්භ වූ බවට සාධක ඇති 1885 වර්ෂයේ සිට වර්තමානය දක්වා කාලය ප‍්‍රධාන පර්ච්ඡේද නැතිනම් අවධි 3කට බෙදා හඳුනාගත හැකි වේ. එනම්, 1. ආරම්භයේ සිට ක‍්‍රිස්තු වර්ෂ 1939 දක්වා අවධිය, 2. ක‍්‍රිස්තු වර්ෂ 1939 සිට ක‍්‍රිස්තු වර්ෂ 1969 දක්වා අවධිය හා 3. ක‍්‍රිස්තු වර්ෂ 1969 සිට මේ දක්වා අවධිය ආදී වශයෙනි. මෙතැන් සිට මෙම එක් එක් අවධි පිළිබඳ ව සංක්‍ෂිප්ත ආකාරයෙන් විමසා බලමු.
ආරම්භක අවධිය
r-b-footeරොබර්ට් බෲස් පූටේ (මෙම ඡායාරූපය කේ.ඒ.ආර්. කෙනඩිගේ God Apes and Fossil men කෘතියෙන් උපුටා ගන්නා ලදී.)
ඉන්දියාවේ භූ සමීක්‍ෂණ මණ්ඩලයේ ‘රොබර්ට් බෲස් ෆූටේ’ විසින් මදුරාසිය අසල පල්ලවරාම්හි බොරළු ආවාටයක තිබී පැලියෝලිතික උපකරණයක් ක‍්‍රිස්තු වර්ෂ 1863 දි සොයා ගැනීමෙන් ඉන්දියාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණ නිල වශයෙන් ඇරුඹුණු බව සැලැකිය හැකි වෙයි. වර්තමානයේ පවතින ආකාරයේ පටු පරිපාලන හෝ දේශපාලන සීමා වලට (ඉන්දියාව, ලංකාව, උතුරු පළාත, වයඹ පළාත වැනි සංස්කෘතික සීමා) අනුගත නොවී කලාපීය සංසිද්ධියක් වශයෙන් අවධානය හා අධ්‍යයනය කළ යුතු සංසිද්ධියක් නැතිනම් විෂයක් වශයෙන් ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව මෙම ලේඛකයා විසින් හඳුනා ගැනේ. එ බැවින් උක්ත සිද්ධිය ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් ගේ ආරම්භක අවස්ථාව වශයෙන් ද සැලකිය හැකි වේ. ඊට සමාන්තර වශයෙන් ශ්‍රී ලංකා භෞමික පරිස්ථිතිය තුළ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ ක‍්‍රිස්තු වර්ෂ 1885 දි පමණ ආරම්භ වේ. මෙම ආරම්භකයින් පුරාවිද්‍යාඥයින් නොවන අතර (මේ වන විය පුරාවිද්‍යාව විෂයක් වශයෙන් වර්ධනය වී නොතිබිණ.) ආරම්භක සමයේ විවිධ ක්‍ෂේත‍්‍රයනට අයත් විවිධ වෘත්තිකයන් විසින් ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ සිදුකර ඇත. ලංකාවේ විවිධ ස්ථානයන් ගේ පොළොව මතුපිට විසිරී පැතිරී ඇති තිරුවාණා (quartz), කහඳ (chert) වැනි ගල් වලින් සකස් කරන ලද මෙවළම් රැස් කිරීම මෙම පර්යේෂණයන් ගේ ආරම්භක කාර්යය විය. එ මගින් ගල් ආයුධ භාවිත කළ මිනිස් කොට්ඨාසයක් ලංකා පොළොවේ වාසභූමි කොටගෙන ජීවත් වූ බව ඔවුන් විසින් සාධක ඉදිරිපත් කර ඇත. මෙම මෙවළම් එකතු කිරීම හා අර්ථදැක්වීම් යුරෝපීය ප‍්‍රදේශ වලින් ලැබුණු සාධක සමඟ අර්ථකතනය කිරීමට මෙම පුද්ගලයින් උනන්දු වී ඇත්තේ නිරායාසයෙනි.
madras-footeරොබර්ට් බෲස් පූටේ විසින් පළමුවෙන් ම සොයා ගන්නා ලද අත් පොරොව (මෙම ඡායාරූපය කේ.ඒ.ආර්. කෙනඩිගේ God Apes and Fossil men කෘතියෙන් උපුටා ගන්නා ලදී.)
කීට විද්‍යාඥයකු වූ ඊ. ඊ. ග‍්‍රීන් (E.E. Green) විසින් 1885 දි පමණ පේරාදෙණිය, නාවලපිටිය, පූඬළුඔය වැනි මධ්‍යම කඳුකරයට අයත් ස්ථාන වලින් කහඳ හා තිරුවාණා පාෂාණ වලින් සකස් කරන ලද පතුරු මෙවලම් සොයාගත් බව වාර්තා වන අතර මෙය ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් ගේ පැරණි ම පිළිබිඹුව බව විවිධ විද්වතුන් විසින් පෙන්වා දී ඇත. ඉන් අනතුරු ව, වැවිලිකරුවකු වූ ජෝන් පෝල් (John Pole) මස්කෙළිය, දිඹුල, දික්ඔය, බගවන්තලාව, නුවරඑළිය, මාතලේ, මඩොල්සීම, ගාල්ල, මාන්කුළම යන ස්ථානයන්ගේ විවිධ ආකාරයේ ගල් ආයුධ රැස්කළ බව දැකගත හැකි වේ. මොහු විසින් 1913 දී තමන් විසින් සිදුකරන ලද අධ්‍යයන පිළිබඳ ව විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එම වාර්තාවේ දී මොහු ඔහුට හමු වූ කහද මෙවළම් පුරාශිලා යුගයට අයත් බවත් තිරුවාණා මෙවලම් නවශිලා නවශිලා යුගයට අයත් බවත් පෙන්වා දීමට උත්සාහ කර ඇත.
green-stone-toolsග්‍රීන් විසින් මහනුවර ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද තිරුවාණා ගල් මෙවළම්
එයින් පසු ව සුප‍්‍රකට ස්විස් ජාතික මානව විද්‍යාඥයන් දෙපොළක් වූ පී. සැරසින් හා එෆ්. සැරසින් (P. Sarasin & F. Sarasin) දෙසොහොයුරන් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධිය පිළිබඳ ව අවධානය යොමු කර ඇත. මොවුන් විසින් මීට ඉහත අධ්‍යයනය සිදුකළ සෙලිබීස් දිවයින (Celebes Islands) තුළ සිදුකරන ලද පර්යේෂණ දැනුම ලංකාවේ පර්යේෂණ ආරම්භ කිරීම හා පවත්වාගෙන යාම සඳහා පිටිවහලක් වූ බව සිතිය හැකි වේ. එම දැනුම අනුව ලංකාවේ විවිධ ප‍්‍රදේශ වලින් හමුවන ගල් ආයුධ මිනිස් නිර්මාණ බව ඔවුන් විසින් පෙන්වා දි ඇත. විවිධ පුද්ගලයින් විසින් එක්රැස් කරන ලද ගල් ආයුධ මිනිසුන් විසින් සිදකරන ලද නිර්මාණ නොව ස්වාභාවික ව නිර්මාණය වු ඒවා බවට සමහර පුද්ගලයින් විසින් අදහස් දැක්වීම නිසා මෙම පෙන්වා දිම වැදගත් වේ. සැරසින් සොහොයුරන් පළමු ව ලංකාවේ දකුණු පළාතේ තෙළුල ගුහාව හා ගල්ගේ ගුහාව පර්යේෂණයට ලක්කර සත්ත්ව අවශේෂ හා තිරුවාණා ගල් මෙවළම් අනාවරණය කරගැනීමට සමත් විය. මෙයින් පසු ව බුත්තල හා ඔක්කම්පිටිය ප‍්‍රදේශයේ ස්ථාන අධ්‍යයනය කළ ද එම ස්ථාන වලින් ප‍්‍රාග් ඓතිහාසික සාධක අනාවරණය කර ගැනීමට සමත් ව නැත.
එයින් පසු ව මොවුනගේ අවධානය යොමු වී ඇත්තේ ලංකාවේ පැරණි ම මිනිසුන් ලෙස සැලකූ වැද්දන් ජීවත් වූ ප‍්‍රදේශ වන බිබිල හා නිල්ගල ප‍්‍රදේශ වෙතයි. මොවුන් මේ අතර ගංගොඩදෙණිය ගුහාව කැනීමට ලක්කොට ඒ මගින් යම් ප‍්‍රතිඵලයක් ලැබීමට සමත් වූ අතර මෙම කැනීමේ වැදගත් කරුණක් වන්නේ එම ගුහාවේ පස් තට්ටු නැතිනම් පාංශු ස්තරණය පිළිබඳ සැලැකිල්ලක් දක්වා තිබීමයි. සැරසින් දෙපොළ විසින් යකුන්ගේහෙළ ගංගොඩදෙණිය ගුහාව කැනීමට ලක් කරන ලද අතර එයින් මානව සැකිල්ලක් අනාවරණය කරගැනීමට සමත් වී ඇත. එයින් පසු ව මැටිගහආර ගුහාව හා ඇකීරියන්කුඹුර ප‍්‍රදේශයේ ගොන්ගීනේ ගුහාව කැනීමට ලක් කළ ද සාර්ථක ප‍්‍රතිඵළ අත්කර ගැනීමට සමත් වී නැත. මෙම කටයුතු වලින් අනතුරු ව සැරසින් දෙ සොහොයුරන් ගේ අවධානය ලංකාවේ මධ්‍යම කඳුකරය වෙත යොමු විය. මහනුවර හා බණ්ඩාරවෙල ප‍්‍රදේශයෙන් මතුපිටින් මෙවළම් සොයාගත් අතර මහනුවර, ගම්පොළ, නාවලපිටිය ප‍්‍රදේශයේ ද ගල් මෙවලම් රැස් කර ඇත. මෙම ගල් මෙවළම් ස්විට්සර්ලන්තයේ බේසල් නුවර කෞතුකාගාරයේ ඇති බව සඳහන් වේ. මොවුන් විසින් ජෝන් පෝල් විසින් එක්රැස් කර තිබූ ගල් මෙවළම් නැවැත පරික්‍ෂාවට ලක් කර ඇත. 1909 දි මොවුන් ලංකාවේ සිදුකළ විවිධ කාර්යයන් අළලා තම වාර්තාව ඉදිරිපත් කරන ලද අතර ලෝක මට්ටමින් පවා ප‍්‍රාග් ඉතිහාසය සම්බන්ධයෙන් වර්ධනයක් නොතිබූ යුගයක මෙවැනි සාර්ථක වාර්තාවක් ඉදිරිපත් වීම ඉතා වැදගත් සංසිද්ධියක් වශයෙන් පුරාවිද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇත. මෙම වාර්තා මඟින් ලංකාවේ ගල් ආයුධ බටහිර යුරෝපයේ ගල්ආයුධ සමඟ සැසැදිම මගින් ඒවා ඉහළ පුරාශිලා යුගයට අයත් බව හා යුරෝපයේ මැග්ඩලේනියන් සංස්කෘතිය (Magdalenian) හා සැසදෙන බව ද පෙන්වා දෙන ලදි. මෙවැනි කරුණු නිසා සැරසින් සොහොයුරන්ගේ පර්යේෂණ බෙහෙවින් වැදගත් බව නීර්ණය කළ හැකි ය.
රජයේ ප‍්‍රධාන ඛනිජ සම්පත් පර්යේෂකයා වූ පාර්සන්ස් (Parsons) ද ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන සදහා දායකත්වය දක්වා ඇත. ඔහු විසින් බඹරබොටුව ආසන්නයේ දික්මුකලාන තේ වත්තේ පිහිටි ගුහාවක් (බෙලිගල් ගේ) කැනීමට ලක්කොට අඩි 8ක් ගැඹුරින් මිනිස් සැකිලි කොටස් කීපයක් අනාවරණය කොට ගන්නා ලදි. එමෙන් ම ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගයේ දි ශිලාමෙවලම් සඳහා මූලික වශයෙන් ක්වාට්ස් හා කහද පාෂාණ යොදාගෙන ඇති බව පෙන්වා දෙන ලදි. පසු ව චාල්ස් හාට්ලි විසින් පාර්සන්ස් විසින් සිදුකළ මෙම කැනීමෙන් මතු වූ පස් දැලකින් හලාවඩාත් සුමට ආකාරටයන් පරික්ෂාවට ලක්කර ඇත.
ජි. බි. ගාඞ්නර් (G.B. Gardner) විසින් බෙලිගල්ගෙට නැගෙනහිරින් වූ බෙලිහුල්ඔය ප‍්‍රදේශයේ ශිලා මෙවලම් රැස්කළ අතර ම දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පර්යේෂණ දියත් කළේ ය. ලෙවිස් (Lewis) විසින් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පර්යේෂණ දියත් කල අතර ඒවා අතුරින් මාතර දිස්ත‍්‍රික්කයේ ඌරුමුත්ත ගල්ගුහාව සිදුකළ කැනීම වඩාත් සැලකිල්ලට ලක් වී ඇත.
වැද්දන් හා සිංහල ජනයා පිළිබඳ ව මානවවංශ විද්‍යාත්මක පර්යේෂණ රැසක් දියත් කරමින් වාරිමාර්ග ඉංජිනේරුවෙකු වූ හෙන්රි පාකර් (Henry Parker) විසින් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන ක්‍ෂේත‍්‍රය වෙත දායකත්වය සැපයී ය. මොහු විසින් ලංකාවේ ජීවත් වන සිංහල, වැදි හා දෙමළ ජනයා සතු ව ඇති විවිධ ජනප‍්‍රවාද පිළිබඳ ව තාර්කික අදහස් ඉදිරිපත් කිරීමට උත්සාහ ගන්නා ලදි. ඒ අතර වැදි ජනයා ගේ ප‍්‍රභවය පිළිබද අදහස් දක්වා ඇති අතර ම ලංකාවේ වෙසෙන වැද්දන් දිවයිනේ පැරණි පාළි වංසකතාවන් ගේ දැක්වෙන යක්‍ෂයන් ගේ මුණුපුරන් විය හැකි බව ප‍්‍රබල වශයෙන් පළමු ව පෙන්වා දීමට උත්සාහ කර ඇත. මොහු විසින් රචනා කරන ලද Ancient Ceylon: an account of the aborigines and of part of the early Civilization Asian Educational Survices, New Delhi. (1909) ග‍්‍රන්ථය මගින් විවිධ කේෂ්ත‍්‍ර අරඹයා පැතිර ගිය තමා ගේ දැනුම පෙන්නුම් කොට ඇත. පුරාතන ලංකාව නමින් මේ පොතේ පරිවර්තනයක් දැන් සිංහල බසින් ප‍්‍රකාශයට පත් වී ඇත. පාකර් විසින් හේනේබැද්ද බැඳියගල්ගේ හා ඇබිලිත්ත ප‍්‍රදේශයේ මුල්ලේගම ගල්ගෙය කැනීමට ලක් කළේ ය. සිදුකළ කැනීම් මගින් පස් තට්ටුවල පිහිටීම අධ්‍යයනය කරමින් ඓතිහාසික අවධියෙන් යට පිහිටි ස්ථර වල පිහිටීම අධ්‍යයනය කරන ලද අතර මොහු ලංකාවේ දී පළමු වතාවට ශිලා මෙවලම් වර්ගීකරණය කිරීමට උත්සාහ ගන්නා ලදි.
c-g-seligmanසි.ජී. සෙලිග්මාන් (මෙම ඡායාරූපය http:/www.hebrewswakeup.com/hiddenhand වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී)
වර්තමානයේ දී ලෝකයේ විශිෂ්ට ම මානව විද්‍යා පර්යේෂණයක් දියත් කළ මානව විද්‍යාඥයින් වශයෙන් ගෞරවයට ලක් කෙරෙන සි. ජී. සෙලිග්මාන් හා බී. ඉසෙඞ්. සෙලිග්මාන් (Charles Gabriel Seligman & Brenda Zara Seligman) යුවල ගේ දායකත්වය වර්තමාන ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා අධ්‍යයනයන සදහා බෙහෙවින් යොදාගැනෙන බව පෙනී යයි. ඔවුන් විසින් සිදුකළ අද්‍යයන අතුරින් වැද්දන් පිළිබද ව සිදුකර ඇතිThe Veddas - Cambridge University Press ඉතා වැදගත් වශයෙන් කැපී පෙනේ. වැද්දන් සම්බන්ධයෙන් මොවුන් විසින් සිදුකළ අධ්‍යනයේ ප‍්‍රශස්ථ මට්ටමේ සිංහල පරිවර්තනයක් මෑතක ඵලකර ඇත. (ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය බලන්න.) මොවුන් විසින් හේනේබැද්ද ප‍්‍රදේශයේ බැඳියගල්ගේ කැනීමට ලක්කොට එම ගුහාවේ ඓතිහාසික කාලයෙන් ඔබ්බේ වූ පස් තට්ටුවේ ගල් ආයුධ අන්තර්ගත වූ බව පෙන්වා දී ඇත. සි. ජී. සෙලිග්මාන් විසින් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික ගල් ආයුධ ”සංඛ්‍යාව” අනුව වර්ග කිරීමේ අදහස පළමු වරට ඉදිරිපත් කර කරන ලදි. සැරසින් සහෝදරයින් විසින් ගල් මෙවළම් රැස්කළ බණ්ඩාරවෙළ ප‍්‍රදේශයේ සෙල්ග්මාන් යුවල විසින් ද ගල්මෙවළම් රැස් කර ඇත. මෙම ප‍්‍රදේශයේ හමු වන මෙවලම් පුරාශිලා යුගයට අයත් බවට සැරසින්වරු දැක් වූ අදහස් ප‍්‍රතික්‍ෂ්ප කරමින් මෙම ආයුධ නවශිලා යුගයට අයත් බවට අදහස් දක්වා ඇත. මොවුන් විසින් එක්රැස්කල ගල් ආයුධ දැනට ඔක්ස්පොර්ඞ් හි පීට් රිවර්ස් කෞතුකාගාරයේ ඇති බව සමහර විද්වතුන් සදහන් කර ඇත.
ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයනයන් ගේ වැදගත් නියෝජනයක් දැක් වූ චාල්ස් හාට්ලි (Charles Hartley), පාර්සන්ස් විසින් අධ්‍යයනය කළ බෙලිගල්ගේ ගුහාව දිගට ම කැනීම් කළ නමුත් විශාල පාෂාණ කොටස් හමුවීම නිසා පිහිටි පොළොව දක්වා කැනිම් කිරීමට හැකි වී නැත. හාට්ලි විසින් බණ්ඩාරවෙල, දියතලාව, හපුතලේ, කොස්ලන්ද, පට්ටිපොළ, රාගල, නානුඔය, රදැල්ල, නෝවුඞ්, දික්ඔය, දිඹුල, කොග්ගල, හැටන්, මස්කෙළිය, බගවන්තලාව, උලපනේ, නාවලපිටිය, ගම්පොල, දොළොස්බාගේ, පේරාදෙණිය, කඩුගන්නාව, මහනුවර, කුරුණෑගල, පුත්තලම, හබරණ, පොළොන්නරුව, හම්බන්තොට, බෙලිගල්ගේ, ආදි වශයෙන් ලංකාවේ බොහෝ ස්ථානයන් ගේ තම අධ්‍යයන සිදු කර ඇත. මොහු විසින් එක්රැස් කරන ලද ගල් ආයුධ වලින් විශාල ප‍්‍රමාණයක් කේම්බි‍්‍රජ් හි ඩවුනින් වීදියේ පුරාවිද්‍යා හා මානව විද්‍යා කෞතුකාගාරය හා ඔක්ස්පොර්ඞ් පීට් රිවර්ස් කෞතුකාගාරය තැම්පත් කර ඇති බව පෙන්වා දී ඇත. මොහු ගේ ගවේෂණ තුළින් ශිලාමෙවළම් දහස් ගණනක් සොයාගෙන ඇත
Veddaශ්‍රී ලංකාවේ වැදි ජනයා (මෙම ඡායාරූපය http://www.probertencyclopaedia.com වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.)
සැරසින්වරු ගොඩනැගූ අඩිතාලම පුළුල් කිරීමට හාට්ලි සමත් වූ අතර මේ දක්වා රැස්කර තිබූ ගල් මෙවළම් රැස්කර ඒවා නවශිලා යුගයට අයත් මෙවලම් වලට සමාන බවට අදහස් දැක්විය. හාට්ලි විසින් 1913 දී කුඩා ගල් මෙවළම් පිග්මි (Pigmy) යනුවෙන් හදුන්වා ඇති අතර මෙවැනි ගල් ආයුධ දැන් ක්‍ෂුද්‍රශිලා ගල් ආයුධ වහයෙන් හදුන්වනු ලැබේ. මෙවැනි ක්‍ෂද්‍රශිලා මෙවලම් ලැබෙන ප‍්‍රදේශ ලෙස තෙත් කලාපයේ නැතිනම්, D පාරිසරික කලාපය් උස්භූමි ආශ‍්‍රිත ව පිහිටි මාතලේ, නාවලපිටිය,පට්ටිපොල, මහඑළිය, දියතලාව හා යාපනයේ මුහුදුබඩ වෙරළ තීරය දක්වන ලදි.
අඩසඳ (Lunate) හැඩයේ ජ්‍යාමිතික ගල් මෙවළම් රැස්කිරීමට මොහු සමත් වූ අතර ම ලංකාවේ ප‍්‍රථම වතාවට ශිලාමෙවළම් වර්ගීකරණයක් ඉදිරිපත් කළේ හාට්ලි විසිනි. නමුත් අවාසනාවන්ත කරුණක් වන්නේ තමන් විසින් සිදුකළ අධ්‍යයන සම්බන්ධයෙන් සෑහීමට පත් විය හැකි මට්ටමක වාර්තාවක් ඉදිරිපත් කිරීමට හාට්ලි සමත් වී නොමැති වීමයි.
ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයනයන්ගේ ආරම්භක සමයේ සිටි ඉතා ම වැදගත් හා වෙනත් ම ආරක් ගත පර්යේෂකයෙන් වශයෙන් භූ විද්‍යාඥයකු වූ ඊ. ජේ. වේලන්ඞ් (E.J. Wayland) හදුනාගත හැකි වේ. ඔහු ලංකා රජයේ සහකාර ඛනිජ සම්පත් ගවේෂකයකු වහයෙන් සේවය කළ වෘත්තීකයෙකි. නූතන යුගයේ බිහි වූ විශිෂ්ට ම ප‍්‍රාග් ඓතිහාසික පුරාවිදඥයා වන ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා කෙරෙහි මොහුගේ ආභාසය ලැබී ඇති බව කැළුම් මනමේන්ද‍්‍ර-ආරච්චි මහතා විසින් පෙන්වා දී ඇත. මොහු විසින් ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය සඳහා භූ විද්‍යා හා දේශගුණ තත්ත්ව බලපෑ ආකාරය පිළිබද ව විශේෂ අවධානය යොමුකර ඇත. ඒ සදහා ඔහු සතු දැනුම අනිවාරයයෙන් ම උපකාර වන්නට ඇත. වේලන්ඞ් විසින් ලංකාවේ වයඹදිග කලාපයේ කලාඔය හා මෝදරගම්ආරු තැම්පතුව (Plateau Deposits) පිළිබඳ ව අධ්‍යයනය කරන ලදි. එ මෙන් ම ගිණිකොණදිග වූ උඩපොතාන අර්ධ ශුෂ්ක ප‍්‍රදේශයේ සිට මුලතිව් දක්වා කලාපය ද පරික්‍ෂා කරන ලදි. මොහු මෙම ප‍්‍රදේශයේ වඩා යටින් ලැබෙන බොරළු තට්ටුව ප්ලයිස්ටෝසීන ග්ලැසියර අවධියට අයත් බවත් මතුපිට රතු පැහැති වැලි පස වියළි දේශගුණික තත්ත්වයක් පෙන්නුම් කරන බවත් දැක් විය. වර්තමානයේ භූ විද්‍යාඥයින් විසින් Iranamadu Sequence හා පුරාවිද්‍යාඥයින් විසින් ඉරණමඩු පාංශු සංකීර්ණය (Iranamadu Formation- IFm) යනුවෙන් හදුනාගන්නා රතු පාංශු තැම්පතුව පිළිබද පළමු ව පුරාවිද්‍යාත්මක දෘෂ්ටියකින් යුතු ව අවධානය යොමු කරමින් අධ්‍යයනය සිදුකර ඇත්තේ වේලන්ඞ් විසිනි. 1970/80 දශකයන් හී දි මේ පාංශු තැම්පතුව පිළිබඳ ව ආචාර්ය එස්.යු. දැරණියගල මහතා විසින් වැඩිදුර අවධානය යොමුකරමින් ප‍්‍රශස්ථ මට්ටමේ අධ්‍ය්‍යනයක් සිදුකර ඇත. වේලන්ඞ් විසින් ලංකාවේ අතීතය පිළිබද ව ප‍්‍රකාශන ගණනාවක් සිදුකර ඇති අතර ඒ අතුරින් 1919 දී ජාතික කෞතුකාගාරයේ නිල ප්‍රකාශනය වූ Spolia Zeylanica සඟරාවෙන් ප‍්‍රසිද්ධියට පැමිණ වූ Outline Of The Stone Ages Of Ceylon ලිපිය වඩාත් සැලකිල්ලට ලක් වී ඇත. මෙම ප‍්‍රකාශනයේ දී මොහු විසින් ගල් මෙවළම් කඳුකර වර්ගය (Hill Series) හා පහත් බිම් වර්ගය (Lowland Series) යනුවෙන් වර්ග කර ඇත. චාල්ස් හාට්ලි වැනි පර්යේෂකයින් විසින් බණ්ඩාරවෙළ ප‍්‍රදේශයේ රැස්කළ ශිලාමෙවළම් විශාලත්වයෙන් කුඩා වුව ද ඒවා පූර්වශිලා හා නවශිලා යුගය අතර කාලයට අයත් බව ද ප්ලැටෝ තැම්පතු වල අන්තර්ගත පහත්බිම් ශ්‍රෙණියේ ආයුධ වර්ගය වඩා විශාල ගල් මෙවළම් වන අතර එවා ඔහු විසින් යුරෝපයේ මධ්‍යම පුරාශිලා නැතිනම් මුස්ටේරියන් තාක්ෂණය (Mousterian) සමඟ සැසදෙන බව සඳහන් කර ඇත.
ජොන් ස්ටීල් (John Still) හා ඒ. එම්. හෝකාර්ට් (A.M. Horcart) විසින් ද ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා අධ්‍යයන සඳහා යම් දායකත්වයක් සපයා ඇත. ස්ටීල් විසින් ලංකාවේ වැදි ජනයා හා පැරණි ජීවන ක‍්‍රමය පිළිබඳ අදහස් ඉදිරිපත් කර ඇත.
හාවඞ් සරසවියේ පශ්චාත් උපාධි සිසුවෙකු වූ ඊ. සී. වෝර්මන් (E.C. Wormann) විසින් 1938-39 කාලයේ දී ලංකාවේ වයඹදිග කලාපයේ වෙරළ තීරය පරික්‍ෂාවට ලක්කර ගල් ආයුධ රැස්කර ඇත. මොහු විසින් රැස්කළ ගල් ආයුධ ඇමරිකාවේ හාවඞ් සරසවියේ පීබොඩි සරසවියේ කෞතුකාරයේ ඇති බව දැක් වේ. ඔහු බණ්ඩාරවෙළින් ලැබුණු ශිලාමෙවළම් පරික්‍ෂාකර ඒවා මධ්‍යශිලා මෙවළම් ලෙස හඳුනාගන්නා ලදී. එ මෙන් ම වේලන්ඞ් විසින් දැක්වූ ප්ලැටෝ ඩිපොසිට්වලට අයත් මෙවළම් ද මධ්‍යශිලා යුගයට අයත් බව හඳුනා ගන්නා ලදි.
එන්. ඒ. නූන් හා එච්. වී. වී. නූන් (N.A. Noon & H.V.V. Noon) විසින් කදුකරයට අයත් බණ්ඩාරවෙළ ප‍්‍රදේශය නැවැත පරික්‍ෂාවට ලක්කරන ලදි. ඔවුන්ගේ පරීක්‍ෂණ වල දි ගල් මෙවලම් 2000ක් පමණ සොයාගත් අතර මේවා විවිධ පදනම් අනුව විශ්ලේශනය කිරීම වැදගත් වේ. මොවුන් විසින් ලංකාවේ ශිලාමෙවළම් එක ම සංස්කෘතියකට අයත් බවත් එය බණ්ඩාරවෙළ සංස්කෘතිය ලෙස සැලැකීම සුදුසු බවට අදහස් දක්වා ඇත.
මේ දක්වා ආරම්භක අවධියේ ප‍්‍රාග් ඓතිහාසිකපර්යේෂණ පිළිබඳ ව අවධානය යොමු කරන විට ඒ හා සම්බන්ධ ලක්ෂන කිපයක් හඳුනාගත හැකි වේ. එනම්, 1. විදේශිය පුද්ගලයින් විසින් මේ පිළිබඳ අධ්‍යයනය සිදුකිරීම, 2. පුරාවිද්‍යාඥයින් නොවන වෙනත් කේෂත‍්‍රයන් හා සම්බන්ධ විවිධ වෘත්තිකයින් විසින් අධ්‍ය්‍යන සිදු කිරීම ඒ අතුරින් කැපී පෙනේ. එමෙන් ම බොහොවිට ප‍්‍රාග් ඓතිහාසික සංස්කෘතියට අදාළ ගල් මෙවළම් හා මානවවංශ විද්‍යා සාධක වෙත වැඩි නැඹුරුවක් දැක්වීමත් තවත් ලක්ෂණයකි. හඳුනාගත හැකි තවත් විශේෂම ලක්ෂණයකි මෙම පර්යේෂණයන්ගෙන් සැලකිය යුතු බහුතර ප්‍රමාණයක් ලංකාවේ මධ්‍යම කඳුකර කලාපය වෙත යොමු වී පැවතීමයි. එය පසු ව වෙනස් වන බව පෙනී යයි. කෙසේ නමුත් ලෝකයේ ම ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණ සමඟ සංසන්දනය කරමින් බැලීමේ දී විශිෂ්ට ආකාරයේ දත්ත සම්භාරයකින් ලංකාව සමන්විත බව හා විධිමත් ප‍්‍රාග් ඓතිහාසික පර්යේඹන මාලාවක් සඳහා ක‍්‍රමික පදනමක් ලබාදීමට සමත් වී ඇති බව තහවුරු වෙයි. ඒ අනුව වර්තමානයේ ප‍්‍රශස්ථ මට්ටමේ වර්ධනයක් අත්කොටගෙන ඇති ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවේ පදනම සාරවත් හා විධිමත් දෘෂ්ටීයක් සහිත ව හැඩගැසුණු බව තීරණය කිරීමට පුළුවන.
- - - ඔබගේ ප්‍රතිචාර ගෞරවයෙන් අපේක්ෂා කරමි - - -
central-highlandශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය (මෙම සිතියට ගුණසේන ශ්‍රී ලංකා සිතියම් පොතින් උපුටා ගන්නා ලදී.)


ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් ගේ අතීතයේ පවත්නා ගුණාත්මක ලක්ෂණ අනුව අවස්ථා තුනකට බෙදා දැක්විය හැකි ආකාරය මෙයට ඉහත ලිපියේ දී සාකච්ඡාවට බඳුන් කරනු ලැබු අතර එයින් පළමු නැති නම් ආරම්භක අවධිය පිළිබඳ ව දැනටමත් සංක්‍ෂිප්ත අයුරෙන් සාකච්ඡා කරනු ලැබ ඇත. ඒ බැවින් ලංකා ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයනයන් ගේ ආරම්භක අවධියෙන් පසු අවධිය වන අතරමැදි අවධිය පිළිබඳ ව මෙම ලිපියේ දී අවධානය යොමු කරනු ලැබිය හැකි වේ.
දිවයිනේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන්ගේ අතීතය අධ්‍යයනය කිරීමේ දි හමු වන දෙ වන අවස්ථාව වන අතරමැදි අවධියට අයත් ලක්ෂණ ක‍්‍රිස්තු වර්ෂ 1939-1969 කාලය තුළ පෙන්නුම් කරනු ලැබේ. මෙම අවධිය සම්බන්ධයෙන් හඳුනාගත හැකි වැදගත් ම ලක්ෂණය වනුයේ සෑම අතින් ම මෙම අවධිය සතු සංක‍්‍රාන්ති ලක්ෂණයි. ආරම්භක අවධිය සතු න්‍යයාත්මක ලක්ෂණ ද අඩුවැඩි වශයෙන් මෙම අවධියේ පවතින බව දැකගත හැකි අතර ම නූතන අවධීය වෙත ගමන් කිරීම සඳහා ස්ථිරසාර පදනමක් මෙම අවධියේ දී සැකසෙන බව ද හඳුනාගත හැකි වේ. දැකගත හැකි තවත් වැදගත් ම ලක්‍ෂණයක් වනුයේ, ආරම්භක අවධියේ දී දැකගත හැකි වූ ආකාරයේ වූ විදේශික පර්යේෂකයන්ගෙන් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන දේශීය විද්වතුන් අතට හුවමාරු වීමයි. එ සේ නො මැති නම් මෙම අවධීයේ දී ලාංකේය විද්වතුන් ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන වෙක එළැඹෙන ආකාරය හා ඔවුන් ගේ දායකත්වයේ වර්ධනයක් දැකගත හැකි වේ. මෙතෙක් නොපැවති ආකාරයෙන් විධිමත්, සංවිධානාත්මක හා විශාළ පරිමාණයෙන් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ දියත් වීම ආරම්භ වෙයි. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව වැනි විධිමත් හා සංවිධානාත්මක රාජ්‍ය ආයතන ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන සඳහා පිවිසෙන බවක් ද දැකගත හැකි වේ.
p.e.p.deraniyagalaපී.ඊ.පි. දැරණියගල මහතා
මෙම අවධියේ ප‍්‍රමුඛ පර්යේෂකයා වශයෙන් ක‍්‍රිස්තු වර්ෂ 1939-1963 කාලයේ දී කොළඹ ජාතික කෞතුකාගාර අධ්‍යක්‍ෂකවරයා වශයෙන් සේවය කළ ආචාර්ය පෝල් එඞ්වඞ් පීරිස් දැරණියගල(Paules Edward Pieris Deraniyagala 1900 - 1976) මහතා හඳුනාගත හැක. කීර්තිමත් ඉතිහාසඥයෙකු මෙන් ම විද්වතෙකු වූ ආචාර්ය පෝල් ඊ. පීරිස්  (Paul Edwerd Pieris) මහතා ගේ පුත‍්‍රයෙකු වූ පී. ඊ. පී. දැරණියගල මහතා ක්‍ෂේත‍්‍ර ගණනාවක් කෙරෙහි දක්‍ෂතාවක් පෙන්නුම් කළ අයෙකි. සත්ත්ව විද්‍යාව ඔස්සේ මානව විද්‍යාවටත් එ තැනින් පුරාවිද්‍යාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන දෙසටත් අවතීර්ණ වූ මෙ තුමා ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව කෙරෙහි දක්වා ඇත්තේ අතිශය වටිනා දායකත්වයකි. archaeology.lk වෙබ් කණ්ඩායම විසින් ප්‍රකාශයට පමුණුවනු ලබන 'දිනිති - ශ්‍රී ලාංකේය පුරාවිද්‍යාව' විද්‍යුත් සඟරාව සඳහා කැළුම් නලින්ද මනමේන්ද-ආරච්චි මහතා විසින් රචනා කරන ලද පී.ඊ.පී. දැරණියගල මහතා පිළිබඳ ලිපිය (පසුගිය සියවසේ මෙරට බිහි වූ විශිස්ට විද්වතෙක්) කියවීමෙන් මෙ තුමා පිළිබඳ පෞද්ගලික විස්තර හා එ තුමා ගේ ශාස්ත‍්‍රීය සේවය පිළිබඳ දැනගැනීම හැකි වනු ඇත. පී. ඊ. පී. දැරණියගල මහතා විසින් සිදුකර ඇති ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ ප‍්‍රමාණාත්මක හා ගුණාත්මක අතින් අතීශය පුළුල් වපසරියක පැතිර ඇති බව ඒ සම්බන්ධ ව සිදුකර ඇති ප‍්‍රකාශන ඇසුරු කිරීමේ දී පෙනී යයි. 1958 දී ජාතික කෞතුකාගාර ප‍්‍රකාශනයක් ලෙස එළිදුටු The Pleistocene of Ceylon කෘතිය මෙතුමා විසින් ඇමරිකා එක්සත් ජනපදයේ හාවර්ඞ් සරසවිය වෙත ඉදිරිපත් කරන ලද ආචාර්ය උපාධි නිබන්ධය ඇසුරින් සකස් කර ඇති අතර මෙ තුමා විසින් විවිධ තේමාවන් යටතේ ලියවුණු සියගණනක් වූ කෘති හා ශාස්ත‍්‍රිය ලිපිලේඛන අතර අතර කැපී පෙනේ. ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා විසින් ලංකාවේ අතීතය අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් දක්වා ඇති දායකත්වය පූර්ණ වශයෙන් මෙම ලිපියෙන් පෙන්වා දී ඇති බව කිසිවෙකු විසින් සැලකිය යුතු නොවේ. ඒ පිළිබද ව පූර්ණ විග‍්‍රහයක් ඉදිරිපත් කිරීම මෙවැනි ලිපි මාලාවකින් පමණක් සිදුකළ හැක්කකි. එ බැවින් මෙ තුළින් සිදුකළ හැක්කේ ආචාර්ය දැරණියගලයන් ගේ කාර්යය කොටස පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් ආධුනික පාඨකයාට හඳුන්වා දීමක් පමණක් බව සිහිතබාගෙන මෙම ලිපිය කියවීම වැදගත් වේ.
පී. ඊ. පී. දැරණියගල මහතා පළමු ව සිංහරාජ අඩවියේ තුඩාවේ ගල්ගේ කැනීම් කරන ලද අතර 1940 දශකයේ ආරම්භයේ සිට උඩුපියන් ගල්ගේ, බඹරගල, ලූණුගල්ගේ, කුකුලේගම, ලේනම, මඩොල්ගල්ගේ, යක්ගිරිලෙන වැනි ස්ථාන වල කැනීම් සිදුකොට ගල් ආයුධ, සත්ත්ව අවශේෂ හා ශාක අවශේෂ වැනි ප‍්‍රාග් ඓතිහාසික සාධක රැසක් අනාවරණය කොටගෙන ඇත. අනතුරු ව ඔහු ගේ අවධානය ශ‍්‍රීපාද අඩවිය වෙත යොමු කර ඇත. ශ‍්‍රී පාද අඩවියේ පිහිටි කුරුවිට බටදොඹලෙන හා ඒ ආසන්නයේ ම පිහිටා ඇති බටතොටලෙන ගුහාවන් හී පළමුවරට කැනීම් සිදුකර ඇත්තේ මෙතුමා විසිනි. බටදොඹලෙන කැනීම තුළින් ශිලාමෙවළම් මෙන් ම සත්ත්ව අස්ති රැසක් ද සොයා ගත් බව වාර්තා වී ඇත. 1945 දි කුකුළේගම අසල නෙරවාන ගල්ගේ ගුහාව පිළිබඳ ව අධ්‍යයන කර ඇති අතර ම මොණරාගල දිස්ත‍්‍රික්කයේ සියබලාන්ඩුව ප‍්‍රදේශයේ මණ්ඩාගල්ගේ කැනිමට ලක්කර ගල් ආයුධ සොයාගත් බව ද වාර්තා වී ඇත.
ඊ. ජේ. වේලන්ඞ් විසින් පළමු වරට අවධානය යොමුකළ Palatoa Deposit එකට අයත් මිනිහාගල්කන්ද ප‍්‍රදේශය 1949 දි
skull-balangoda-manපි.ඊ.පි. දැරණියගල මහතා විසින් බෙල්ලන්බැඳිපැලැස්ස කැනීමෙන් අනාවරණය කරගන්නා ලද බලංගොඩ මානවයාගේ හිස්කබලක්
දැරණියගල විසින් සොයාබලා ඇත. කඳුකරයේ පිහිටි බණ්ඩාරවෙළට නැගෙනහිරින් වූ රාවණාඇල්ල ගුහාව ද මේ ආසන්නයේ කැනීමට ලක් කර ඇත. මෙම කැනීම මඟින් ශිලා හා අස්ථි මෙවළම් රැසක් අනාවරණය කරගත් අතර මිනිස් හිස් කබලක් ඒ මගින් සොයාගැනීමට ලැබීම වැදැගත් කරුණක් සේ අගය කළ හැකි වේ. 1953 දි සබරගමුවේ, කෑගල්ල අසළ කළුකොළදෙණිය ගල්ගුහාවෙන් පළමු වතාවට කෙටේරි තලයට සමාන ගල්මෙවලමක් සොයාගන්නා ලදි. මෙය නවශිලා තාක්‍ෂණය පිළිබඳ සාධයක් වශයෙන් ද විද්වතුන ගේ අවධානයට පාත‍්‍ර වී ඇත. පැල්මඬුල්ලට නුදුරු බුලත්වත්ත ස්ථානයෙන් බලංගොඩ සංස්කෘතියට නෑකම් කියන මෙවළම් සොයාගෙන ඇත. පසු ව රත්නපුර කබරගල්ගේ ගුහාව, තෙළුල ආසන්නයේ අළුගල්ගේ, විල්පත්තුවේ බොරදියවල ආදි ස්ථානයන්ගේ සිදුකළ පර්යේෂණ අනුව විවිධ ද්‍රව්‍ය සොයාගැනිමට සමත් වී ඇත.
1956-61 කාලයේ දි ඇඹිලිපිටිය ආසන්නයේ වලවේ ගංගාව ඇසුරේ පිහිටා ඇති බෙල්ලන්බැදිපැළැස්සේ සිදුකළ කැනීම ඉතා වැදගත් පුරාවිද්‍යා කැනීමක් ලෙස ලංකාවේ පුරාවිද්‍යා වංශකතාවේ සටහන් වී ඇත. ලංකාවේ වාසය කළ ආදි මානවයාගේ ශරීර ස්වාභාවය පිළිබඳ ව අදහසක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් නැතිනම් භෞතික මානව විද්‍යාත්මක වශයෙන් වැදැගත් වූ මානව සැකිලි 12ක් පමණ මෙම අවස්ථාවේ දි අනාවරණය කරගැනීමට හැකි විය. මෙය ලංකා ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණ අතරතුර සිදු වූ වැදගත් ම සිදුවීමක් වශයෙන් හඳුනාගැනීම අපහසු නොවේ. මේ පිළිබඳ විස්තර යම් ප්‍රමාණයක් එ තුමා ගේ The Pleistocene of Ceylon කෘතියේ ද අන්තර්ගත වී ඇති බව දැකගැනීමට පුළුවන. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධියේ ජීවත් වූ මිනිසා Homo sapiens නමින් හඳුන්වන නූතන මානව (Modern man) ලක්ෂණ සහිත මානවයෙකු බව විධිමත් අයුරින් තහවුරු කරනු ලැබුයේ පී.ඊ.පී. දැරණියගල මහතා විසිනි. මෙම මානවයා පළමු වරට හොමෝ සේපියන්ස් බලංගොඩෙන්සීස් දැරණියගල (Homo sapiens balangodensis Deraniyagala) නොහොත් බලංගොඩ මානවයා නමින් හඳුන්වනු ලැබූයේ ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා විසින් වීම අතිශය වැදගත් සංසිද්ධියකි. ඒ අනුව ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මධ්‍යශිලා මානවයාගේ පියා වශයෙන් ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා හඳුනාගනු ලැබූව ද එයට එකහෙලා විරුද්ධවීමට කිසිවෙකු සමත් නොවනු ඇත. (ලංකාවේ ආදිම මධ්‍යශිලා මානවයා බලංගොඩ මානවයා යනුවෙන් හඳුන්වා දුන්න ද ඔහු ලංකාවේ බලංගොඩ ප‍්‍රදේශයට පමණක් සීමා වූ මානවයෙකු නොවේ. මෙම හැදින්වීම ලංකාවේ මධ්‍යශිලා මානවයා පිළිබඳ පොදු හැදිනවීමකි. බලංගොඩ මානවයා ලංකාවේ සෑම ප‍්‍රදේශයක ම ජීවත් වී ඇති බව තහවුරු වී ඇත. පුරාවිද්‍යා විශයයේ සම්මතය අනුව යම් නව සාධකයක් පළමු වරට අනාවරණය වූ ස්ථානය අනුව නම් කිරීමේ සම්ප්‍රදායට අනුගත ව මෙම නාමකරණය සිදුකර ඇති බව සිහතබා ගැනීම වටී. සෙන්ට් ඇචූල් (Saint-Acheul) නම් ස්ථානයෙන් පළමු වරට අනාවරණය වූ අත්පොරෝ ලොව කුමන ස්ථානයකින් හමු වුවද ඒවා මුළින් ම හමු වූ ස්ථානයේ නම වූ ඇචූලියන් අත්පොරෝ නමින් හැදින්වීම උදාහරණයකි.
පී.ඊ.පී. දැරණියගල මහතා විසින් සිදුකරන ලද බෙල්ලන්බැඳිපැලැස්ස කැනීම් පරිශ්‍රහ හා කැනීමෙන් අනාවරණය වූ මානව සැකිල්ලක කොටස්
මෙයින් පසු ව ආචාර්ය පී. ඊ. පී. දැරණියගල විසින් මහනුවරට ගිණිකොණදිගින් පිහිටි ස්ත‍්‍රිපුර ගුහාව හා විල්පත්තුවේ ඔට්ටප්පුවේ සිදුකළ ගවේෂණ මඟින් ප‍්‍රාග් ඓතිහාසික අවධියට අයත් ශිලාමෙවළම් අනාවරණය කොටගෙන ඇත. රත්නපුර ආසන්නයේ රනගින්නේ හෙරස්ස ගල්ගේ, බුදුගල්ලෙන හා දිග්ගල්ලෙන ද මොහු විසින් පරික්‍ෂාවට ලක් කරන ලදි. සබරගමුවේ පිහිටි පල්ලේපත්තුවේ ගවරගිරිය අසල මානෙල ගල්ගේ හා කෑගල්ල කිතුල්ගල බෙලිලෙන පරික්‍ෂාවට ලක්කර දත්ත රැසක් අනාවරණය කරගන්නා ලදි. රක්වාන බුත්කන්ද, ඉත්තෑකන්ද හා බුළුතොට ගුහාව මතුපිට සමීක්‍ෂණ මඟින් තිරුවාණා පාෂාණයෙන් හා කහඳ පාෂාණයෙන් සකස් කරන ලද ගල් ආයුධ සොයාගෙන ඇත. ලංකාවේ දකුණු ප‍්‍රදේශයේ හුංගම ආශ‍්‍රිත ව කළ ගවේෂණ මඟින් මධ්‍යශිලා මෙවළම් අනාවරණය කරගැනිමට ද සමත් වී ඇත. වර්ෂ 2005 පමණ මෑත කාලයක දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය නිමල් පෙරේරා මහතා විසින් හුංගම මිනී ඇතිලිය ප‍්‍රදේශයෙන් විධිමත් අන්දමින් ප‍්‍රාග් ඓතිහාසික සාධක රැසක් අනාවරණය කරගැනීමට සමත් වී ඇත.
neravana-galgeපී.ඊ.පී. දැරණියගල මහතා විසින් සිදුකරන ලද කුකුලේගම නෙරවන ගල්ගේ ගුහාවෙන් අනාවරණය වූ සත්ත්ව අස්ථි මෙවළම් හා ගල් මෙවළම් (රත්නපුර ජාතික කෞතුගාගාර එතකුවෙනි)
ලංකාවේ වැදි මිනිසා පිළිබඳ අවධානය පුළුල් වශයෙන් යොමුකිරීමට ආචාර්ය පී. ඊ. පී. දරණියගල මහතා සිදුකර ඇත. ලංකාවේ ප‍්‍රාථමික ජනකොටස් පිළිබඳ ව සිදුකර ඇති මෙවැනි අධ්‍යයන මඟින් මධ්‍යශිලා යුගයේ මානවයාගේ සංස්කෘතික කටයුතු රැසක් පිළිබඳ ව කරුණු පෙන්වා දීමට සමත් වී ඇත. එ මෙන් ම ලංකාවේ ස්ථාන ගණනාවක ව්‍යාප්ත වී ඇති ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් පිළිබඳ ව ද ආචාර්ය පී. ඊ. පී. දැරණියගල ගේ අවධානය හා අධ්‍යයන යොමු වී ඇත.
ලෝකය හිමෙන් වැසී තිබූ අවධියක් වූ අදින් වසර 10,000-1,800,000 කාලයේ පැවතුණු ප්ලයිස්ටොසීන යුගයට අයත් රත්නපුර දියළු තැම්පතුව කෙරෙහි විධීමත් හා දීර්ගකාලීන අවධානයක් පි. ඊ. පී. දැරණියගල විසින් යොමුකර ඇති අතර ම එ මගින් ලංකාවේ එම යුගයට අයත් සාධක හා පාරිසර්ක තත්ත්ව පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව උදා කර දී ඇත. මෙම දියළු නිධිය අවස්ථා තුනකට බෙදා දක්වමින් හඳුනාගන්නා ලදි. එනම් 1. රත්නපුර අවධිය, 2. පළුගහතුරෙ අවධිය (වගුරු ආදිය වියළී ගිය ශුෂ්ක අවධියකි) හා 3. කොළඹ අවධිය (දේශගුණය වර්තමාන තත්ත්වයට සමාන අවධියකි) යනුවෙනි. එමෙන් ම පී. ඊ. පි. දැරණියගල විසින් ලංකාවේ මුල් කාලීන භූ අවධීන් පිළිබද අධ්‍යයන වෙත ද තම අවධානය ගැඹුරු අන්දමින් යොමු කර ඇත. මෙම අදහස් පසුකාලීන ව ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ චර්යාවන් හා පරිසරිය තේරුම් ගැනීම සඳහා පුළුල් වශයෙන් දායක වී ඇත.
රත්නපුර දිස්ත‍්‍රික්කයේ දියළු නිධියට අයත් මැණික් පතල් තුළින් අනාවරණය වූ විවිධ සත්ත්ව හා මානව සංස්කෘතික සාධක කෙරේ අවධානය යොමු කර ලංකාවේ ප්ලයිස්ටෝසීන යුගයට අදාළ ව තොරතුරු රැසක් අනාවරණය කරන ලදි. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගයක් වශනේ හඳුනාගත හැකි ප්ලයිස්ටෝසීන යුගයේ ජීවත් ව සිට දැනට වද වී ගොස් ඇති සත්ත්ව වර්ග ගණනාවක් පිළිබද පී. ඊ. පි. දැරණියගල මහතා විසින් සිදුකළ අධ්‍යයන ඔහුගේ කැපී පෙනෙන අධ්‍යයන අතර පවතී. එ මඟින් මීට වසර දසදහස් ගණනකට ඔබ්බේ දී ශ‍්‍රී ලංකාවේ වාසය කර දැනට වද වී ගොස් සිටින හා තවමත් ජීවත් වන සතුන් ගනනාවක් පිළිබඳ ව කරුණු අනාවරණය කිරීමට සමත් වී ඇත. ඔහු ගේ The Pleistocene of Ceylon නම් කෘතිය මේ සම්බන්ධයෙන් විස්තර දැනගත හැකි අගනා ම කෘතිය වශයෙන් දැනට ද ගෞරවයට බඳුන් වී ඇත. මේ කෘතිය මඟින් ලංකාවේ ජීවත් ව වඳ ව සිටි නමුත් දැනය වද වී ගොස් ඇති ඉදිබු වර්ග, කිඹුල් වර්ග, අලිඇතුන්, කඟවේනා, හිපපොටේමස්, සිංහයා, ගවරා වැනි සතුන් පිළිබඳ ව ද කරුණු අනාවරණය කර ඇත. මේ අතුරින් දැනට වඳ වී ගොස් ඇති මානව පූර්වජයින් වර්ග දෙකක් පිළිබඳ සාධක ද පී. ඊ. පී. දරණියගල විද්වතා විසින් අනාවරණය කර ඇත. (මේ අවධිය පිළීබඳ විස්තරාත්මක කරුණූ ඇතුළත් ලිපියක් මේ ලිපිපෙළේ දී ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.)
පී. ඊ. පී. දැරණියගල මහතා රත්නපුර පැල්මඩුල්ල ආදි ප‍්‍රදේශ වල පිහිටි දියළු නිධියෙන් පැරණි සත්ත්ව පොසිල රැසක් සොයාගත් අතර මේවා ඉන්දියාවේ නර්මදා ගංගාවේ දෙපස තැම්පත් වී ඇති මධ්‍යම හා ඉහළ ප්ලයිස්ටෝසීන සත්ත්ව වර්ග සමඟ හා පංජාබ් ප‍්‍රදේශයේ ඉහළ ශ්වාලික් කඳුකර ප‍්‍රදේශයෙන් හමු වී ඇති සත්ත්ව අවශේෂ සමඟ සසදා බලමින් අධ්‍යයන සිදු කර ඇත. මෙම සත්ත්ව කොට්ඨාෂ දෙක අතර කැපීපෙනෙන සමානකමක් ඇති බව ද ඔහු විසින් පෙන්වා දී ඇත. ඒ අනුව අදින් වසර දසදහස් ගණනාවකට පූර්වයෙන් ලංකාව හා ඉන්දියාව අතර නිර්මාණය වී පැවැති ගොඩබිම් තීරය ඔස්සේ මෙම සතුන් දෙරට අතර නිදහසේ සංචරණය කිරීමට ඇති බව පෙන්වා දී ඇත. රත්නපුර දියළු නිධියේ පස් තට්ටු නැවැත තැම්පත් වීමක් පෙන්නුම් කරන හෙයින් ඒවායේ තැම්පත් වීම අපැහැදිළි බව ඔහු විසින් පෙන්නුම් කර දෙන ලදි. මෙම එම දියළු නිධියේ හෝ එම දියළු නිධියෙන් හමුවන සාධක කාලනීර්ණය කිරීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් ඇති වීම මෙම නැවත තැම්පත් වී පැවතීම ඍජුව ම බලපා ඇත. රත්නපුරය තදාශ‍්‍රිත මැණික් පතල් තුළින් හමු වූ මානවකෘතක පළමු ව ඔහු විසින් රත්නපුර සංස්කෘතිය (Rathnapura Cult.) යනුවෙන් නම් කළ ද පසු ව මෙය රත්නපුර කර්මාන්තය (Rathnapura Industry) ලෙස නම් කරන ලදි. සංස්කෘතියක් ලෙස නම් කිරීම සඳහා සාධක ගණනාවක් පිළිබඳ දත්ත අවශ්‍ය වන නමුත් මෙම මැණික් පතල් තුළින් යම් සංස්කෘතියකට අයත් තාක්‍ෂණය පිළිබඳ සාධක පමණක් නිරූපණය විය. එ බැවින් වියයුතු පරිදි ම මෙම සාධක කර්මාන්තය යනුවෙන් නම් කර ඇත. (රත්නපුර කර්මාන්තය (Rathnapura Industry) පිළිබඳ ව මෙම ලිපි පෙළේ ඉදිරි ලිපියකින් සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරනු ලැබේ.)
ලෝක ව්‍යාප්ත සංස්කෘතියක් වූ ඇචූලියන් අත්පොරෝ (Acheulean  handaxes) සංස්කෘතිය ලංකාවේ නැති වීමට හේතුව ලංකාව ඉන්දියාවෙන් වෙන් ව තිබීම බව දක්වන ලදි. එ මෙන් ම මෙම මෙවළම් නිර්මාණය කිරීමට සුදුසු තීරු වශයෙන් ගැල වී නොයන ක්වාට්සයිට් පාෂාණ ලංකාවෙන් හමු නොවීම හා අත්පොරෝ තාක්‍ෂණයෙන් මෙල්ල කිරිමට නොහැකි ඝණ ශාක වැස්මක් පැවතීම යන හේතු ද මෙම සංස්කෘතිය ලංකාවේ පැලපදියම් වීමට එරෙහි ව ක‍්‍රියාත්මක වූ බලවේග අතර පවතින බව පෙනී ගොස් ඇත. (2011 වඍෂයේ දී යාපනය තදාශ‍්‍රිත ප‍්‍රදේශයකින් ලැබී ඇති ගල් ආයුධ කීපයක් ඇචූලියන් සම්ප‍්‍රදාය නියෝජනය කරන බව ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ විශේෂඥයින් විසින් අදහස් කර ඇත. මේ පිළිබඳ විස්තර ලංකාවේ පුරාශිලා යුගය පිළිබඳ ලියැවෙන ලිපියෙන් බලාපොරොත්තු වන්න.)
ගල් යුගය නැති නම් ශිලා යුග අතුරින් මෑත ම අවධිය වශයෙන් සැකකෙනුයේ නවශිලා යුගයයි (Neolithic). එම අවධියේ ගල් ආයුධ වල හා මානව සංස්කෘතියේ පවතින විශේෂ ලක්ෂණ කීපයක් හේතුවෙන් මෙම අවධිය ඊට පෙර පැවති අවධීන් ගේන් වෙනස් වූ අවධියක් සේ ලසකනු ලැබේ. (මේ පිළිබඳ ව ලංකාවේ නවශීලා යුගය ලිපියේ දී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනු ලැබේ.) ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසික අවධිය තුළ නවශිලා යුගයක් පැවතුණූ බව නිශ්චිත වශයෙන් පිළිගැනීමට ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ විද්වතුනගේ සුදානමක් තවමත් දක්නට නැත. මෙම යුගය පිළිබඳ පිළිගැනීමට තරම් යෝග්‍ය විධිමත් සාධක ලංකාවෙන් අනාවරණය වී නොමැති වීම මේ සඳහා හේතු වී ඇත. නමුත් අදින් වසර දශක ගණනාවකට පුර්වයෙන් ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා විසින් මෙම අවධිය පිළිබඳ සාධක පවතින බබව පෙන්වා දී ඇත. අද වන විට ලංකාවෙන් නවශිලා යුගයක් පැවතුණු බව පිළිගැනීමට අවඹ වශයෙන් සෑහිමට පත්විය හැකි අන්දමේ සාධක ලැබෙමින් පැවතීම ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතාගේ ව්‍යක්ත බව පෙන්වන සාධකයක් බවට පත් වෙමින් බවතී.
balangoda-manබ්‍රිතාන්‍යයේ කෞතුකාගාරයක තැම්පත් කර ඇති පි.ඊ.පි. දැරණියගල මහතා විසින් රුක්අත්තන දැවයෙන් නිර්මාණය කරන ලද බලංගොඩ මානවයා ගේ හිසක් (මෙම ඡායාරූපය කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි මහතා ගේ කාරුණික අනුග්‍රහයෙනි.)
ඉතා පුළුල් වපසරියක් තුළ සිටිමින් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ සාධක එක්රැස් කරන ලද ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා ගේ පර්යේෂණයක් නිසිවිධි සුසමාදර්ශයක් (paradigm) තුළ ස්ථාපනය වී ඇති බව හඳුනාගත නොහැකි වීම මෙතුමා ගේ පර්යේෂණ සම්බන්ධයෙන් දැක්විය හැකි ප‍්‍රධාන ම දුර්වලතාව වශයෙන් හඳුනාගත හැකි වේ. එහෙත් සමකාලීන ඥානවිභාගාත්මක පරිස්ථිතිය තුළ මෙවැනි තත්ත්වයක් හඳුනාගැනීමට හැකි නොවීම එතුමාට මෙය චෝදනාවක් වශයෙන් එල්ල කිරීමට ඇති හැකියාව සෑම අතින් ම වලකාලයි. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවේ ඥාන ක්‍ෂේත‍්‍රය වෙත වටිතා අගනා දත්ත සම්භාරයක් පමණක් නොව විශීෂ්ට දිශානතීන් ගණනාවක් හෙළිකරමින් එ තුමා දක්වා ඇති දායකත්වය වර්තමානය දක්වා ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ ඕනෑ ම ආකාරයේ විශිෂ්ටයෙකු සමඟ සමපෙළ සිටීමට හැකි බව පෙන්වා දී ඇත. එ මෙන් ම තවත් වැදගත් ම කාරණයක් වනුයේ එතුමා විසින් මේ ක්‍ෂේත‍්‍රය වෙත ප‍්‍රාමාණික උගතකු බිහිකිරීමට දක්වා ඇති ඍජු හා වක‍්‍ර දායකත්වයයි. එ නම්  ලංකාවේ පමණක් නොව කලාපීය වශයෙන් ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ව විශේෂඥයකු වන ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල විද්වතා තම දරුවන් අතරින් ම බිහිකිරීමට හැකි වීමයි. මෙහි වැදගත්කම වඩාත් උද්දීපනය වන්නේ පි.ඊ.පී. දැරණියගල මහතා ලංකාව තුළ කිසිදු ආකාර දැනුම් නිෂ්පාදන නිල ආයතනයක් සමඟ සම්බන්ධ නෙවී සිටියදීත් මෙවැනි නිර්මාණයක් සිදුකිරීමට හැකි වීමයි.
1956 දී සම්පාදනය කරන ලද University of Ceylon - History of Ceylon කෘතිය සඳහා ආචාර්ය නන්දදේව විජේසේකර මහතා විසින් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික සමය යන හිසින් යුතුව ලිපියක් සපයමින් එ වකට පැවති ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධිය පිළිබඳ දැනුම ඉදිරිපත් කර ඇත. මෙම ලිපියේ දී විශේෂයෙන් ම අප විසින් ආරම්භක අවධිය යනුවෙන් හඳුනාගන්නා යුගයට අදාළ ක‍්‍රියාකාරකම් හා ඒ තුළින් අනාවරණය කොටගෙන තිබූ සාධක පිළිබඳ කරුණු ඉදිරිපත් කොට ඇත. කෙසේ නමුත් විජේසේකර මහතා, ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා විසින් මේ වන විට අනාවරණය කොට තිබූ කරුණු පිළිබද අවම අවධානයක් හෝ දක්වා නොමැති බව පෙනී යාම මෙම ලිපියේ පවතින විශේෂයක් වශයෙන් හඳුනාගත හැකි වේ.
අතරමැදි අවධිය තුළ දි නූන් හා නූන්ගේ දායකත්වය තවදුරටත් ලැබී ඇති බව හඳුනාගත හැකි අතර ම 1950 දශකයේ දී බි‍්‍රජඞ් ඕල්චින් (Bridget Allchin) විසින් ලංකාවේ ගල් ආයුධ පිළිබද ව අවධානය යොමුකර ඇති බවත් දැකගැනීම පුළුවන.
ජාතික කෞතුකාගාරයේ නිලධාරීයෙකු වූ එස්. පී. එෆ්. සේනාරත්න විසින් 1969 දී Prehistoric Archaeology In Ceylon නමින් යුතු ව ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය සම්බන්ධයෙන් කුඩා පොතක් ප‍්‍රකාශයට පත් කරන ලදි. වර්තමානයේ පවා ලංකාව තුළ ප‍්‍රාග් ඓතිහාසික අද්‍යයන ජනප‍්‍රිය වී ඇති බවක් පෙනී නොයන තත්ත්වයක් තුළ සේනාරත්න මහතා ගේ දායකත්වය ඉහළින් ඇගයීමට ලක්කළ හැකි ක‍්‍රියාවක් වේ.
ජාතික කෞතුකාගාරයේ එච්. එස්. ගුණරත්න (Curator in Geology and Prehistory, Department of National Museums, Colombo) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධ වී අවිස්සාවේල්ල අසල බෙලිලෙන-අතුළ ගුහාවේ කැනීමක් සිදුකරන ලද අතර එම කැනීම මඟින් මධ්‍යශිලා යුගයට අයත් ශිලා මෙවළම් හා සත්ත්ව අවශේෂ ලබාගැනීමට හැකි විය. මේ පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් පී. එච්. ඞී. එච්. ද සිල්වා මහතා විසින් සංස්කරණය කරන ලද ජාතික කෞතුකාගාරයේ නිල ප‍්‍රකාශනය වූ Spolia Zeylanica  (1971) හි 32 වෙළුමේ පළමු කොටසේ (1-12 පිටු) Beli-lena Atula – Another Stone age habitation in Ceylon යන හිසින් ප‍්‍රකාශයට පත් වී ඇත. මේ අනුව මෙම අවධියේ දී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය සම්බන්ධ ව ජාතික කෞතුකාගාරය දක්වා ඇති දායකත්වය ද පෙනී යයි.
belilena-etulaඅවිස්සාවේල්ල බෙලිලෙන-අතුල ගුහාව හා එම ස්ථානයේ සිදුකළ පුරාවිද්‍යා කැනීමෙන් හමු වූ විවිධ ද්‍රව්‍යය
අතරමැදි අවධියේ අවසාන කාලයේ දී සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ වෙත අවතීර්ණ වන ආකාරය දැකගත හැකි වුවත් එතුමා විසින් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය වෙත දක්වා ඇති දායකත්වය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසිත පර්යේෂණයන් ගේ නූතන යුගය තුළ දි සලකා බැලිය හැකි වන බැවින් මෙහි දී ඒ සම්බන්ධයෙන් අවධානය යොම් කරනු නොලැබේ.
ඉහත සාකච්ඡා කළ ආකාරයට ලංකාවේ ප්‍රාග් ඓතිහාසික අධ්‍යයනයන් ගේ අතර මැදි අවධිය පිළිබඳ ව දළ වශයෙන් අවධානය ‍යොමුකළ හැකි වේ. මෙම ලිපිය ආරම්භයේ දී පෙන්වා දෙනු ලැබ ඇති ආකාරයට මෙම අවධිය සතු ලක්ෂණ කීපයක් දැකගත හැකි වේ. විදේශිය විද්වතුන් අතින් ලංකේය විද්වතුන් වෙත ප්‍රාග් ඓතිහාසික අධ්‍යයන හුවමාරු වීම, ලංකාවේ සමස්ථ භූමි ප්‍රදේශය ම ආවරණය වන ආකාරයෙන් ප්‍රාග් ඓතිහාසික අධ්‍යයන දියත් වීම, භු විද්‍යාව, සත්ත්ව විද්‍යාව, මානව විද්‍යාව, කලාව වැනි කේෂ්ත්‍ර ගණනාවක් ආවරණය වන අයුරින් අධ්‍යයන සිදුවීම හා මෙම කේෂ්ත්‍රය සඳහා නව පර්යේෂකයින් අවතීර්ණ කරවීම වැනි ලක්ෂණ ඒ අතර කැපී පෙනේ.
ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේණ අතීතය පිළිබඳ ව අවධානය යොමුකරන විට එහි අවසාන අවධිය වශයෙන් නූතන අවධිය හඳුනාගත හැකි වේ. මෙම අවධියේ ආරම්භක අවස්ථාව වශයන් ක‍්‍රිස්තු වර්ෂ 1969 හඳුනාගත හැකි වේ. 1696 න් පසු අවධියේ දී ලංකාවේ ක‍්‍රියාත්මක වූ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා කාර්යයන් හා ඒවායේ ප‍්‍රතිඵල නිරීක්ෂණය කරන විට මෙම අවධිය ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයනයන්ගේ ස්වර්ණමය අවධිය වශයෙන් 1969 වසරෙන් පසු අවධිය හඳුනාගත හැකි වෙයි. ආචාර්ය සිරාන් දැරණියගල විසින් මෙතෙක් ලංකාවේ ක‍්‍රියාත්මක වූ පුරාවිද්‍යා කැනීම් ක‍්‍රම හා පර්යේෂණ විධික‍්‍රම විප්ලවීය ලෙස වෙනස් කිරීමේ අඩිතාලම වූ අනුරාධපුර ඇතුළු නගරයේ ගෙඩිගේ ප‍්‍රදේශයේ සිදුකළ කැනීම 1969 වසරේ දී ආරම්භ කිරීම මෙම පරිච්ඡේදයේ සමාරම්භක සංසිද්ධිය වශයෙන් හඳුනාගත හැකි වේ. මෙම අවධියේ සිටින තීරණාත්මක හා ප‍්‍රබල ම සම්පත් දායකයා වන්නේ ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගලයි. ඊට අමතර ව නිදහස් අධ්‍යාපනය විසින් බිහිකරන ලද ලාංකේය පුතුන් ගේ දායකත්වය ද මෙම යුගයේ දී බොහෝ දුරට හඳුනාගත හැකි වේ. මෙම අවධියේ ආරම්භක කොටසේ දී ප‍්‍රාග් ඓතිහාසික අධ්‍ය්‍යන සම්පූර්ණයෙන් ම පාහේ රාජ්‍යය ආයතනයක් වහයෙන් ශ‍්‍රි ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මත රදා පැවති බවක් හඳුනාගත හැකි අතර මෙම සියලූ ම ක‍්‍රියාකාරකම් සඳහා ආචාර්ය සිරාන් දැරණියගල මහතා ප‍්‍රමුඛ වී ක‍්‍රියාකළ බව දැකගත හැකි වේ. විදේශීය විශේෂඥ පර්යේෂකයින් ගේ දායකත්වයක් ද දැකගත හැකි අතර එම දායකත්වය ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරාධනය පරිදි හෝ එහි සහසම්බන්ධ පුරාවිද්‍යා පර්යේෂණ ඉලක්ක කරගනිමින් සිදු වී ඇත. 1990 දශකයෙන් පමණ පසු ව ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයනයන්ගෙන් යම් ප‍්‍රමාණයක් කැලණිය විශ්වවිද්‍යාල යේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය කේන්ද්‍ර කරගනිමින් සිදුවන බවක් ද හඳුනාගත හැකි වේ.
මෙම අවධියේ පර්යේෂණයන්ගේ ක‍්‍රියාකාරිත්වය හා දිශානතිය හඳුනාගැනීම සඳහා ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගලයන් ගේ විෂයානුබද්ධ ක‍්‍රියාකාරකම් හඳුනාගැනීම ද වැදගත් වේ. එ බැවින් මෙයින් ඉදිරියට ආචාර්ය සිරාන් දැරණියගල හා ඔහු විසින් ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය අරඹයා සිදුකර ඇති කාර්යයන් පිළිබඳ ව සැකෙවින් අවධානය යොමු කිරීම වැදගත් වේ.
siran-deraniyagalaආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා
මින් ඉහත ලිපියෙන් සාකච්ඡුා කළ ආචාර්ය පි.ඊ.පි. දැරණියගල මහතා හා ප‍්‍රීනි මොළමුරේ පිය හා මව් කොටගෙන සිරාන් දැරණියගල 1942 මාර්තු 1 වැනි දින උපත ලැබී ය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ප‍්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය ලබාගැනීමෙන් පසු ව වාස්තු විද්‍යාව, සංස්කෘත භාෂාව හා ලතීන් භාෂාව යන විෂය තුනෙන් ශාස්ත‍්‍රවේදි උපාධිය ලන්ඩන් විශ්වවිද්‍යාලයන් 1963 දී ලබාගන්නා ලදී. ශාස්ත‍්‍රපති උපාධිය ද එම සරසවියෙන් ම ද 1966 දී ලැබීමට සමත් විය. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා ආයතනයෙන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලැබූ අතර මෙහි දි ඔහු වසරේ දක්‍ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යාට හිමි වන ‘ගෝර්ඩන් චයිල්ඞ්’ ත්‍යාගය දිනා ගැනීමට සමත් විය. 1964 සිට 1976 දක්වා එංගලන්තය, ප‍්‍රංශය හා ඉන්දියාව වැනි රටවල දි ප‍්‍රමුඛ ඝණයේ පුරාවිද්‍යාඥයන් යටතේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව සම්බන්ඳයෙන් ප‍්‍රායෝගික හා න්‍යාත්මක අවබෝධයක් ලැබීමට අවස්ථාව විය. 1968 දි දිවයිනට පැමිණි ඔහු ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් හා ගවේෂණ සහකාර අධ්‍යක්‍ෂක වශයෙන් පත්විය. වැඩි විස්තර සඳහා මෙම ලේඛකයා ඇතුළු පිරිස විසින් ආචාර්ය සිරාන් දැරණියගල සමඟ දිනිති - ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාව විද්‍යුත් සඟරාව වෙනුවෙන් සිදුකළ සංවාදය හා ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ හා සිරාන් දැරණියගල හිසින් යුතු ලිපිය කියවන්න.
පි. ඊ. පී. දැරණියගල විසින් 1950-62 කාලයේ දී බෙල්ලන්බැදිපැලැස්සෙන්
Prehistory of Sri LankaPrehistory of Sri Lanka : An Ecological Perspective කෘතිය
ලබාගත් බෙල්ලන් හා අස්ථී පිළිබඳ ව නැවත පරික්‍ෂා කරමින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණ ක්‍ෂේත‍්‍රයට ප‍්‍රවේශ වූ සිරාන් දැරණියගල 1969 වසරේ දී අනුරාධපුරයේ ඇතුළුනුවර ගෙඩිගේ ප‍්‍රදේශයේ සිදුකළ පුරාවිද්‍යා කැනීමේ සිට විවිධ වූ ප‍්‍රාග් ඓතිහාසික, පොටෝ හා මූල ඓතිහාසික පර්යේෂණ දියත් කළ අතර තවදුරටත් සක‍්‍රීය ව එ් සදහා දායක වෙමින් සිටීxතම පියා ගේ පියවර අනුව යමින් ඇමරිකා එක්සත් ජනපදයේ හාවර්ඞ් සරසවියෙන් 1988 දි දර්ශනසූරි/ආචාර්ය උපාධිය ලබා ගන්නේ එදාමෙදා තුර ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව අරඹයා ආසියානු කළාපයෙන් බිහි වූ විශිෂ්ට ම ආචාර්ය උපාධි නිබන්දනයක් සේ සැලැකෙන Prehistory of Sri Lanka : An Ecological Perspective නම් නිබන්ධය ඉදිරිපත් කරමිනි. (මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්මරණ නිබන්ධ මාලාවේ 8 වැන්න ලෙස කොටස් දෙකකින් ප‍්‍රකාශයට පත් වී ඇත. මෙම කෘතහස්ත කෘතිය ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ ගුරු අත්පොත වශයෙන් විද්වතුනගේ ගෞරවයට ලක් වී ඇත.
1969 න් පසු යුගයේ දි සිරාන් දැරණියගල විධිමත් හා නවීන දියුණු ක‍්‍රම පදනම් කොටගත් සංවිධානාත්මක අධ්‍යයන වෙත යොමු විය.ඒ අනුව, අනුරාධුපර ඇතුළුනගරයේ කැනීම සිදුකිරීමට පළමු ව සිරාන් දැරණියගල මහතා විසින් එ වකට විද්‍යමාන වූ සියලූ ම ප‍්‍රාග් ඓතිහාසික දත්ත අ. න්‍යායවාදි මූලාංග, ආ. කාලානුක‍්‍රම විද්‍යාව, ඇ. තාක්‍ෂණය, ඈ. ආජීවය, ඉ. ජනාවාස, ඊ. කලා හා සැරසිලි, උ. වත්පිළිවෙත්, ඌ. සමාජ සංවිධානය එ. භෞතික මානවවිද්‍යාව හා ඒ. පුරා පරිසරය යන මාතෘකා යටතේ විමර්ශනයට භාජනය කිරීම ඇරැුඹිණ. එනම් එතෙක් විවිධ පර්ේ‍යෂකයින් විසින් එක්රැස්කර තීබූ දත්ත විධිමත් පදනමක් අනුව විශ්ලේෂණය කිරිම සිදුකර ඇත. මෙය පසුව දියත් කිරීමට අපෙක්ෂිත සැලසුම්සහගත පර්යේෂණ මාලාව විධිමත් හා පැහැදිළි මාවතක් ඔස්සේ දියත් කිරීමට අවශ්‍ය පැහැදිළි මඟපෙන්වීම සිදුකරන ලද බව පෙනි යයි.
ඊ. ජේ. වෙලන්ඞ්, පී.ඊ. පී. දැරණියගල වැනි පූර්ව ගවේශකයන් හඳුනාගෙන අධ්‍යනයට පාත‍්‍ර කරන ලද ඉරණමඩු පාංශු සංගතිය හා අනාකූල වූ ගුහා නිධි යන වර්ගද්වය ඔස්සේ මූලික ගවේශන හා කැනීම් සඳහා මූලාදර්ශ සපයාගන්නා ලදි. ලක්දිව මෙතෙක් නුවූ පරිදි තැම්පත් වී ඇති පස් තට්ටු පිළිබඳ අවධානය යොමු කරමින් මෙම පුරාවිද්‍යා කැනීම් සිදුකරන ලදී. ලොක පුරාවිද්‍යාවේ කැනීම් හා සංසන්දනය කිරීමේ දීත් මෙම පියවර විශිෂ්ට ඉදිරි පියවරක් වශයෙන් නම් කළ හැකි වේ. මෙම පුරාවිද්‍යා කැනීම් තුළ දී සංසිද්ධිගත අංක ගත යෙදීමේ ක‍්‍රමය ආදේශ කරමින් විධිමත් අයුරින් කැනීම් සිදුකළ ඇතර එමගින් කැනීම මගින් ලබාගත හැකි සෑම සාධකයක් ම ලබාගත හැකි පරිදි කැනීම් ව්‍යාපෘති සංවිධානය කොට දියක් කෙරිණ. මෙම ආකාරයට පළමු ව ලංකාවේ ස්ථාන තුනක කැනීම් ව්‍යාපෘති මුල් කරගත් ප‍්‍රාග් ඓතිහාසික පුරාවිදයා අධ්‍යයන දියක් කර ඇත. ඒවා නම්;
අ. බූන්දල-වැල්ලේගංගොඩ මීටර් 8ක් ඝණකම් වූ රක්ත ලැටසෝල් බවට ජීර්ණය වූ පෞරාණික වෙරළබඩ වැලි කඳු වලින් වැසුණු කලාපීය ස්ථතික බොරළු ටෙරසය
ආ. පතිරාජවෙල-වේලාන්ත වැලිකඳු වල රක්ත ලැටසෝල් මඟින් යට වූ මීටර් 15ක් ගණකම් වූ බොරළු ටෙරසය
ඇ. බූන්දල-ලේවාගංගොඩ මීටර් 25 දි පමණ රක්ත ලොටොසෝල් මඟින් වැසුණු බොරළු සහිත බිම යන ස්ථාන මූලික අධ්‍යයන ඉලක්ක විය.
ස්තර ගත කැනීම් ක‍්‍රමය සිරාන් දැරණියගල මහතා විසින් ප‍්‍රථම වතාවට 1969 දි අනුරාධපුර ඇතුළු නුවර දි යොදාගත් අතර 1970 දි බෙල්ලන්බැදිපැළැස්ස මෙසෝලිතින ජනාවාසය සම්බන්දයෙන් ද එම ක‍්‍රමවේදය අනුගමණය කෙරිණ.
මෙතෙක් රට තුළ නොපැවති අයුරින් දේශීය ප‍්‍රාග් ඓතිහාසික සාදක සම්බන්ධයෙන් පරිසර සාදක බලපා ඇති ආකාරය පිළිබඳ අවධානය යොමුකරමින් මෙන් ම භූ විද්‍යාත්මක සංසිද්ධින් දේශිය ප‍්‍රාග් ඉතිහාසයට බල පා ඇති ආකාරය පිළිබඳ ව ද වැදැගත් අවදානයක් යොමු කෙරිණ. චාතූර්ථික අවධියේ භූ ක‍්‍රියාකාරකම් පිළිබඳ ව එහි දි වැඩි අවධානයක් යොමු කෙරිණ. බහු විෂයාත්මක මෙන් ම අන්තර් විෂයාත්මක දෘෂ්ටියකින් යුක්ත ව දේශිය ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ ක‍්‍රමවත් මාවතක් ඔස්සේ මෙහෙය වීම ද සිරාන් දැරණියගල මහතා අතින් සිදු වූ කාර්යයකි. ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන සම්බන්ධයෙන් මෙතෙක් මෙ වැනි පුළුල් ප‍්‍රවේෂයකින් අවධානය යොමු කර ඇති බවක් හඳුනා ගැනීම අපහසු වේ. මේ වන විට යුරෝපය හා ඇමරිකා එක්සත් ජනපදය මුල්කොට ගනිමින් විදේශයන්හි වර්ධනය වෙමින් තිබූ දැනුම හා තාක්‍ෂණය ලබාගැනීම ද අරමුණු කොට ගනිමින් විවිධ විදේශීය විද්‍යාර්ථීන් සමඟ ඒකාබද්ධ අධ්‍යයන වැඩසටහන් දියත් කරන ලදි. ඒ අනුව සුප‍්‍රසිද්ධ භෞතික මානවවිද්‍යාඥයෙකු වූ කෙනත් ඒ. ආර්. කෙනඩි වැනි විද්වතුන් ගේ දයෙකත්වය ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව සඳහා ලබාගැනීමට හැකි වූ බව පෙනී යයි. ලංකාව හා ආසන්න රටවල් වශයෙන් ඉන්දියාව, ජාවා සුමාත‍්‍රා, ඔිස්ටේ‍්‍රලියාව ආදි රටවල් හා සම්බන්ධ අධ්‍යයන දියත් කිරීම ද ආචාර්ය සිරන් දැරණියගල මහතා විසින් ආරම්භ කරන ලදී. ඒ අනුව දකුණු ඉන්දීයාවේ වෙරළාසන්න ප‍්‍රදේශවල පැතිරී ඇති රතු පස් සැකස්ම වූ තෙරී ක්‍ෂේත‍්‍ර (Terri Sites) හා ඒ හා සමාන ලංකාවේ රතු පස් සැකැස්ම (ඉරණමඩු පස් සැකැස්ම - IFm) පිළිබඳ ව සංසන්දනාත්මක අධ්‍යයනය දියත් කොට ඒවා අතර සාම්‍යතාව පිළිබඳ වැදගත් කරුණු රැසක් අනාවරණය කරගැනීමට හැකි විය. ලංකාවේ මධ්‍යශිලා මානවයා පිළිබඳ අධ්‍යයනයන්හි දි වැදැගත් වන විදේශීය ප‍්‍රාථමික මානව ගෝත‍්‍ර වන කදාර්, මලපන්දම්, වෙන්චු, සේමෑන් ආදි ජන කොටස් පිළිබඳ ව සංසන්දනාත්මක මානවවංශවිද්‍යා අධ්‍යයන දියත් කිරීම ද කැපී පෙනෙන කටයුත්තක් වේ. මේ අවස්ථාව වන විට ලංකාවේ වෙරළබඩ කලාපය, මහඑළිය (Hortain Plain) වැනි මධ්‍යම කඳුකර ප‍්‍රදේශ මෙන් ම තෙත් කලාපයේ විවිධ ස්ථාන පිළිබඳ වත් අධ්‍යයන සිදුකරන ආකාරය හඳුනාගත හැකි වේ.
මෙම වැඩසටහන් උදෙසා විධිමත් කැනීම් හා ගවේෂණ කණ්ඩායමක් දැරණියගල විසින් සකසාගත් අතර ඔහු යටතේ සහකාර නිළධාරින් ද සම්පත් පුද්ගලයන් බවට පත් කිරීම ද වැදැගත් කරුණකි. මෙ වැනි ආකාරයෙන් මෙම විෂය උදෙසා විධිමත් ආකාරයෙන් පසු පර්යේෂණ කණ්ඩායමක් සකස් කරගත් ආකාරයක් මින් ඉහත පර්යේෂකයින් සම්බන්ධයෙන් හඳුනා ගැනීම අපහසු වේ. ශිලා මෙවලම් වර්ගීකරණය, පාංශු ස්තර වින්‍යාස (soil stratification) අධ්‍යයන හා කාලනීර්ණ උදෙසා සාම්පල ලබාගැනීම ආදිය සදහා පුද්ගලයන් පුහුණු කිරීම කැපී පෙනේ. ඩබ්ලියු. එච්. විජේපාල, නිමල් පෙරේරා වැනි නිලධාරින් මෙන් ම ඇල්ෆ‍්‍රඞ් ඩි. ද මැල් වැනි බෙහෙවින් පෙළඹී ගිය අතිදක්‍ෂ කැනීම්කරුවන් ඒ අතුරින් කැපී පෙනේ.
wijayapalaආචාර්ය ඩබ්.එච්. විජයපාල මහතා (වමේ), ආචාර්ය නිමල් පෙරේරා මහතා (මැද) හා මහාචාර්ය ගාමිණි අදිකාරි මහතා (දකුණේ)
ශ්‍රී ලංකාවේ පුරාශිලා යුගය පිළිබඳ ව මෙතෙක් පැවති ගැටමුසු තැන් බොහෝ දුරට නිරාකරණය කිරීමට ආචාර්ය සිරාන් දැරණියගල ගේ අධ්‍යයන මගින් හැකි වී ඇත. ඉරණමඩු පස් සැකැස්ම, යාල වනෝද්‍යානය තුළ පිහිටා ඇති මිනිහාගල්කන්ද වැනි ස්ථානයන් ගේ සිදුකළ පුරාවිද්‍යා පර්යේෂණ මඟින් දිවයිනේ පුරාශිලා අවධියක් (Palaeolithic) නිශ්චිත ව පැවැති බවත් එය අදින් වසර 125,000/250,000 පමණ දක්වා දිව යා හැකි බවත් ආචාර්ය සිරාන් දැරණියගල මහාතා විසින් පෙන්නුම් කරන ලදි. පී.ඊ.පී. දැරණියගල මහතා ගේ අවධානයට පාත‍්‍ර වූ හිමෙන් වැසී ගිය අවධියක් වූ ප්ලයිස්ටෝසීන අවධියේ පැවති පරිසරය හා මානව සංස්කෘතිය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට හැකි විය.
melප්‍රවීන පුරාවිද්‍යෘ කැනීම් ශිල්පී ඇල්ප්‍රඩ් ඩි. මැල් මහතා
මේ සියල්ල ම අතුරින් වඩා වැදගත් වන්නේ මෙතෙක් කඩතොළු සිතුවමක් වශයෙන් පැවති ලංකාවේ මධ්‍යශිලා යුගය පිළිබඳ ව ඒ සියළු කඩතොළු තැන් පුරවාලමින් පරිපූර්ණ චිත‍්‍රයක් ඉඳිරිපත් කිරීමට ඔහු සමත් වීමයි. ලංකාවේ තෙත් කලාපයට අයත් (D පාරිසරික කලාපය) කිතුල්ගල ආසන්නයේ වූ බෙලි ලෙන, කුරුවිට ආසන්නයේ බටදොඹලෙන, බුලත්සිංහල ෆා-හියන් ලෙන, අත්තනගොඩ අළුලෙන, මහඑළිය (හෝර්ටන් තැන්න), ඇඹිලිපිටිය ආසන්නයේ වූ බෙල්ලන්බැඳිපැළැස්ස හා රාවණාඇල්ල ආදි ගුහා හා එළිමහන් ස්ථාන ආශ‍්‍රිත ව සිදුකරන ලද පර්යේෂණයන්ගෙන් හෙළි වූ දත්ත ආශ‍්‍රයෙනි. මධ්‍යශිලා මානවයාගේ ශරීර ස්වාභාවය නොහොත් භෞතික මානව විද්‍යාව, ආහාර හා ජනාවාස රටා, තාක්‍ෂණය, ආගමික හා අභිචාර හා ඔහු ජීවත් වූ පරිසරය වැනි මධ්‍යශිලා මානවයා හා සම්බන්ධ සියලූ ම කාරණා පිළිබඳ ව විධිමත් අයුරින් කරුණු ගොනු කිරීමට සමත් විය.
ආචාර්ය සිරාන් දැරණියගල මහතා දිවයිනේ අතීතය ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට ප්‍රොටෝ ඓතිහාසික යුගය හරහා ඓතිහාසික යුගය දක්වා විකාශය වීම තාර්කික අයුරින් පෙන්වා දිමට සමත් විය. නූතන මානවයා සම්බන්දයෙන් මුළුමහත් ආසියාවෙන් ම ලැබෙන පැරැණි ම සාධක ලංකාවෙන් ලැබෙන බව පෙන්වා දි ලංකාව කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු කර ගැනීමට සිරාන් දැරණියගල මහතා මුල් වූ පුරාවිද්‍යා පර්යේෂණ මගින් හැකි වී ඇත. ලෝකයේ මුල් වරට දියුණු ම ජ්‍යාමිතික ක්‍ෂද්‍ර ශිලා මෙවලම් තාක්‍ෂණයක් (වසර 32,000ක් පමණ පැරැණි) ලංකාවේ පැවැති බවට ස්ථිර සාධක ඉඳිරිපත් කිරීමට ද හැකි විය. මේ හා සමාන සාදක දැනට අනාවරණය වී ඇත්තේ අප‍්‍රිකානු මහාද්වීපයේ ස්ථාන අතළොස්සකින් හා නැගෙනහිර ආසියාවේ ස්ථානයකින් පමණි. මෙම සියලූ ම සාධක සමඟ ආචාර්ය සිරාන් දැරණියගල මහතා විසින් මෙතෙක් ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු පර්යේෂකයෙක් නොකළ අයුරින් ප‍්‍රාග් ඓතිහාසික සමය සම්බන්ධයෙන් විධිමත් කාළක‍්‍රමා වලියක් ඉඳිරිපත් කිරීම ද කැපී පෙනෙන්නකි.
දිර්ඝ කාලයක් පුරා දේශීය ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ ව පර්යේෂණයන් හි නියැළුනෙකු වශයෙන් විවිධ වර්ගීකරණ ඉදිරිපත් කරන ලද අතර ඒ අතුරින් දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් හමු වූ ගල් මෙවළම් ලක්‍ෂ 2ක් පමණ අධ්‍යයනය කිරීමෙන් ඉදිරිපත් කරන ලද ප‍්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් වර්ගීකරණය කැපීපෙනෙන වර්ගීකරණයකි.ලංකාවේ සිදුකර ඇති ගල්මෙවළම් වර්ගීකරණ මෙම වර්ගීකරණය හා සසඳා  බැලීම මඟින් මෙම වර්ගීකරණයේ ඇති විශිෂ්ට බව තහවුරු කරගත හැකි වනු ඇත. මෙම වර්ගීකරණය තුළ දී ඕනෑම ගල් ආයුධයක් 1. ශිලා මෙවළම අයත් ක්‍ෂේත‍්‍රය, 2. නිෂ්පාදනය වූ ආකාරය, 3. බාහිර හැඩය, 4. කාර්යය, 5. භාවිතයේදි ඇතිවන ලක්‍ෂණ, 6. විශාලත්වය, 7. භාවිත කොටසේ හරස් කැපුම හා 8. අමුද්‍රව්‍ය යන සාදක අනුව සලකා බලනු ලැබේ. මෙම වර්ගීකරණය තුළ දී ලංකාවෙන් හමුවන ප‍්‍රාග් ඓතිහාසික ගල් මෙවළම් මූලික මෙවලම් වර්ග පංති (class) xixකටත් ඒවා තුළ ශිලා මෙවලම් මාඳිළි (type) 115කටත් බෙදා දක්වා ඇත. (ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික ගල්මෙවළම් පිළිබඳ විස්තරාත්මක තොරතුරු ඉදිරි ලිපියකින් බළාපොරොත්තු වන්න.)
සියවසකට වඩා පැරැණි ශ්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ ගමන් මෙඟ් නූතන යුගයේ තීරණාත්මක සම්පත් දායකයා වන සිරාන් දැරණියගල හතලිස් වසරකට ආසන්න කාල පරාසයක් තිස්සේ අධ්‍යයන හා පර්යේෂණයන්හි නියැලී ඇති අතර තව දුරටත් ප‍්‍රායෝගික හා උපදේශාත්මක මට්ටමින් නියැලෙමින් සිටී. දේශීය ප‍්‍රාග් ඉතිහාසය පමණක් නොව ප්‍රොටෝ හා මූල ඓතිහාසික කාලයන්ට ද අදාළ ව පර්යේෂණ රැසක් දියත් කොට ඇති අතර ම තව දුරටත් එවැනි පර්යේෂණයන්හි නියැලෙමින් සිටී. ඇමරිකන් ඇන්ත්‍රොපොලොජීස්ට් සඟරාව කියන්නාක් මෙන් ම දේශීය ප‍්‍රාග් ඉතිහාසය හැදෑරීමේ ගුරු අත්පොත වශයෙන් බොහෝ කාලයක් ඔහු සමිපාදනය කළ Prehistory of Sri Lamka: An Ecological Perspective ග‍්‍රන්ථය පවතිනවාක් මෙන් ම දේශීය ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයන කෙතෙක් කල් පවතී ද ඒ තාක් කල් සිරාන් උපේන්ද්‍ර දැරණියගල හා ඔහුගේ මත ද වියතුන්ගේ අවධානයට පාත‍්‍ර වීම නොවැලැක් විය හැක්කකි.
doravakaවරකාපොල ආසන්නයේ පිහිටි දොරවකකන්ද ඇතාබැඳි ලෙන
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර කැනීම් අධ්‍යක්‍ෂවරයෙකු ලෙස මෙන් ම පසු ව අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස සේවය කළ ආචාර්ය ඩබ්ලිව්.එච්. විජයපාල මහතා ආචාර්ය සිරාන් දැරණියගල මහතා ගේ මඟපෙන්වීම අනුව බුලත්සිංහල අසළ ෆාහියන්ලෙන, අත්තනගොඩ අළුලෙන, කිතුල්ගල බෙලිලෙන හා වරකාපොළ දොරවකකන්ද කැනීමට ලක්කරන ලදී. මෙ තුමා ව්සින් 1980 දී ලංකාවේ අස්ථි මෙවළම් පිළිබඳ ව වර්ගීකරණයක් ඉදිරිපත් කරන ලදි. එම අස්ථි මෙවළම් වර්ගීකරණය ආචාර්ය සිරාන් දැරණිගල මහතා විසින් ඉදිරිපත් කරන ලද ගල් ආයුධ වර්ගීකරණයේ ආභාසය ලැබී ඇති බව දැකගත හැකි වේ. වරකාපොල ආසන්නයේ පිහිටි දොරවකකන්ද ස්ථානයේ සිදුකළ පුරාවිද්‍යා පර්යේෂණ කැනීම් ඔස්සේ මෙතෙක් දිවයිනේ අවධානයට අව ම වශයෙන් යොමු වී පැවැති නවශිලා තත්ත්වයක් පිළිබඳ ව අදහස් ඉදිරිපත් කරන ලදි. එතුමා විසින් සිදුකරන ලද පර්යේෂණ පිළිබඳ ව විස්තර තවමත් අප‍්‍රකාශිත එතුමා ගේ ශාස්ත‍්‍රපති උපාධි නිබන්ධය වන Mesolithic Stone Technology of Sri Lanka, A study of The Stone Implement from Beli-lena (Kitulgala), A Dissertation submitted for the MA (Archaeology) Examination held by the University of Peradeniya හා දර්ශනසූරි උපාධි නිබන්ධය වන New Light On The Prehistory of Sri Lanka; In The Context Of Resent Investigations At Cave Sites. A thesis submitted for the degree of Doctor of Philosophy of the University of Peradeniya (1997) යන පශ්චාත් උපාධි නිබන්ධයන්හි අන්තර්ගත වී ඇති අතර මෙම නිබන්ධන පේරාදෙණිය සරසවියේ ප‍්‍රධාන පුස්කකාලයේ උපාධි නිබන්ධ සංචිතයේ තැම්පත් කර ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වර්තමාන අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා විසින් ද ආචාර්ය සිරාන් දාරණියගල ගේ මඟපෙන්වීම හා උපදේශකත්වය සහිත ව පුරාවිද්‍යා කැනීම් කීපයක් සිදුකර ඇති අතර එයින් 2005 දි සිදුකළ කුරුවිට අසළ බටදොඹලෙන, ඇඹිලිපිටිය බෙල්ලන්බැදිපැලැස්ස හා හුංගම ආසන්නයේ මිණී ඇතිලිය වැනි ස්ථාන කැපී පෙනේ. එ තුමා විසින් සිදුකරන ලද පර්යේෂණයන් පිළිබඳ විස්තර බි‍්‍රතාන්‍ය පුරාවිද්‍යා සංගමයේ ප‍්‍රකාශනයක් ලෙස 2010 වසරේ දී නිකුත් වූ Prehistoric Sri Lanka: Late Pleistocene rockshelters and an open-air site කෘතියේ අන්තර්ගත වී ඇත.
කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ (Postgraduate Institute of Archaeology - PGIAR) මහාචාර්ය ගාමිණි අදිකාරි මහතා
potgullenaගම්පහ අලවල පොත්ගුල්ලෙන
විසින් ද මෑත යුගයේ ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ කෙරෙහි වැදගත් දායකත්වයක් දක්වා ඇත. එ තුමා විසින් ලංකාවේ වියළි කලාපයට අයත් සීගිරිය ආසන්නයේ පොතාන, අලිගල හා පිදුරංගල ස්ථානයන්ගේ මෙන් ම තෙත් කලාපයට අයත් ගම්පහ පිළිකුත්තුව, ගම්පහ වාරණ හා ගම්පහ අත්තනගල්ල අලවල පොත්ගුල්ලෙන යන ස්ථාන වල සිදුකරන ලද ප‍්‍රාග් ඓතිහාසික පුරාවිදයා කැනීම් වැදගත් තැනක් හිමිකර ගනී. මෙ තුමා විසින් සීගිරිය හා තදාසන්න කලාපයේ සිදුකරන ලද ප්‍රාග් ඓතිහාසික අධ්‍යයන පිළිබඳ දත්ත හා තොරතුරු පුරාවිද්‍යා පශෟචාත් උපාධි ආයතනයේ පුස්තකාලයේ ඇති එ තුමා ගේ පශ්චාත් උපාධි නිබන්ධයන් ‍ගේ අන්තර්ගත වී ඇත. මහාචාර්ය ගාමිණි අදිකාරි විසින් ලංකාවේ මධ්‍යශිලා යුගයේ පසු කාලීන ලක්‍ෂණ පෙන්නුම් කරන යුගයක් වශයෙන් පශ්චාත් මෙසෝලිතික (Post-mesolithic) යුගය පිළිබද ව අදහස් ඉදිරිපත් කිරීම ද වැදගත් වෙයි.
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ම පුරා උද්භිද විද්‍යාඥයෙකු වූ ආචාර්ය ටී. රත්නසිරි පේ‍්‍රමතිලක මහතා විසින් ද ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගය සම්බන්ධයෙන් වැදගත් වන පර්යේෂණ කීපයක් ම සිදුකර ඇත. පුරා උද්භිද විද්‍යාඥයෙකු (Palaeo-botanist) වූ ඒ මහතා විශේෂයෙන් ම ලංකාවේ චාතුර්ථික අවධියේ පුරාපාරිසරික විද්‍යාව පිළිබඳ ව පර්යේෂණ සිදුකරන ඔහු මහඑළිය (හෝර්ටන්තැන්න) ආශ‍්‍රිත ප‍්‍රදේශ වලින් අදින් වසර 13,000කට පමණ පූර්වයෙන් ධාන්‍ය වගාකොට ඇති බවට සාධක පුරා පරාග සාධක ඔස්සේ ගෙනහැර දක්වයි. එ නම් නවශිලා යුගයේ ක‍්‍රියාකාරකම් ලංකාවේ සිදු වූ බව විධිමත් පුරාශාක පිළිබඳ අධ්‍යයන ඔස්සේ තහවුරු කොට දක්වයි.
kelum-manamendraකැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි මහතා
ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයනයන් ගේ වර්තමාන අවධියේ දී විවිධ පැතිකඩ අරඹයා පර්යේඹණ අවධානය යොමුවන ආකාරයක් ද හඳුනාගත හැකි වේ. ඒ අතුරින් ඉතා වර්ධිත මට්ටමකට පත් ව ඇති විෂයක් වශයෙන් පුරා සත්ත්ව විද්‍යාව (Archaeozoology) හඳුනාගත හැකි වේ. මූළික ව සත්ත්ව විද්‍යාඥයෙක් වූ ආචාර්ය පී. ඊ. පී. දැරණියගල විසින් පදනම දමා ආරම්භ කරන ලද මෙම විෂය පසු ව කීට විද්‍යාඥයෙකු වූ පී.බී. කරුණාරත්න විසින් ඉදිරියට ගෙනඑන ලදී. මෙම විෂය වර්තමානයේ දී ඔහුගේ ශිෂ්‍යයකු වූ ප‍්‍රවීන සත්ත්ව විද්‍යාඥ කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි මහතා විසින් වර්ධනය කරනු ලැබ ඇත. කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි මහතා ගේ ශිෂ්‍යකු වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු වේ ජූඞ් පෙරේරා ද මෙම විෂයේ ප‍්‍රවීනත්වයක් ඇතිකර ගෙන සිටින බව පෙනී යයි. මහාචාර්ය ගාමිනි අදිකාරි මහතා ගේ මඟපෙන්වීම යටතේ කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි මහතා ගේ අධික්ෂණය යටතේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාසත්ත්ව විද්‍යාව පිළිබඳ ඒකකයක් බිහිකිරීමට දක්වා මෙම විෂය වර්ධනය වී ඇත. මෙම විෂය අනුව ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ සංස්කෘතික සංචිත අතර පවතින ඔහුගේ පාරිභෝජනයට භාවිත වූ හෝ ඔහු වටා ජීවත් වූ විවිධ සත්ත්ව විශේෂ හා සත්ත්ව වර්ග විධිමත් ක‍්‍රමවේද අනුව හඳුනා ගැනීම හා අධ්‍යයන සිදුකිරීම සිදුකරනු ලබයි.
එ මෙන් ම, භු පුරාවිද්‍යාව ද ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයනයන් පෝෂණය කිරීමේ විෂයක් වශයෙන් අදවන විට විදේශිය භූ පුරාවිද්‍යාඥයින් ගේ මෙන් ම ලාංකේය වෘත්තීය හා යොවුන් භූ විද්‍යාඥයින් ගේ උනන්දුව නිසා වර්ධනය වන බව දැකගත හැකි වේ.
මීට අමතර ව මධ්‍යම සංස්කෘතික අරමුදල වැනි වෙනත් සංවිධාන මෙන් ම විදේශීය ව්‍යාපෘති කීපයක් විසින් සිදුකරන ලද ගවේෂණ හා කැනීම් මඟින් ද ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ කරුණු අනාවරණය කරගැනීමට සමත් ව ඇත.
උක්ත ආකාරයෙන් සලකා බැලීමේ දී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණයන් ගේ නූතන අවධිය 1969 දි ආරම්භ වී මේ දක්වා ක‍්‍රියාත්මක වන බව හඳුනාගත හැකි වේ. මෙ වැනි වර්ධනයක් මෙම විෂය අත්කොට පැවතියත් වර්තමානය වන විට මෙම විෂට හා සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්ව ගණනාවක් ද හඳුනාගැනීමට හැකි වී තිබෙන අතර එම බාධකයන් ඍජු ලෙස ම විෂයය පද්ධතියක් වහයෙන් මෙම විෂය ගුණාත්මක අන්දමින් විකාශය වීමේ දී ගැටළුකාරී වී ඇති බවත් හඳුනා ගැනීමට පුළුවන. (මෙම ලේඛකයා විසින් සිදුකරන ලද ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව : අතීතය, වර්තමානය හා අනාගතය පිළිබඳ විචාරාත්මක විශ්ලේෂණයක් පර්යේෂණ පත්‍රිකා සංක්ෂිප්තය කියවන්න.)
මෙම ලිපි පෙළේ අවසාන ලිපි තුනෙන් සාකච්ඡා කළ ආකාරයට වර්තමානයේ විශාල දැනුම් පද්ධතියක් දක්වා විකාශය වි ඇති ප‍්‍රාග් ඉතිහාසය පුද්ගලයින් ගණනාවකගේ බුද්ධිමය හා ශාරිරික ශ‍්‍රමය හා කැපකිරීම් රැසක් මධ්‍යයයේ සකස් වී ඇති බව හඳුනා ගැනීමට පුළුවන.
batadomba-lenaකුරුවිට ආසන්නයේ පිහිටි බටදොඹලෙන ගුහාව


පුරාශිලා යන වචනයෙන් හැඟවෙන ආකාරයෙන් ම මෙ මගින් කියැවෙන්නේ පැරණි ශිලා යුගය (old stone age) පිළිබඳවයි. මෙම ලිපි මාලවේ පළමු ලිපියෙන් පෙන්වා දුන් ආකාරයට ප‍්‍රාග් ඓතිහාසික අවධිය තුළ අනුයුග කීපයක් පවති. එම සෑම යුගයකට ම පොදු ලක්‍ෂණය වශයෙන් හඳුනාගත හැක්කේ ගල් මෙවළම් භාවිත වීමයි. මෙ ලෙස ගල් ආයුධ භාවිත වන යුගයන් ගේ භාවිත ගල්ආයුධවල වර්ධණීය ලක්‍ෂණ අනුව අවස්ථා කීපයක් වශයෙන් වෙන් කෙරේ. ඒ අනුව, වර්ධනය අතින් පහළ ම ලක්‍ෂණ නිරූපණය කරන්නේ පුරාශිලා යුගයයි. මෙම යුගය පුරාවිද්‍යාඥයින් අතර පැලියෝලිතික යුගය (Palaeolithic) යනුවෙන් භාවිත වේ. මෙම ලිපියෙන් ප‍්‍රාග් ඓතිහාසික අවධියේ මිනිසා ගේ පැරණි ම අවධිය වශයෙන් හඳුනාගන්නා පුරාශිලා යුගය ලංකාවේ පැවතුණු ආකාරය පිළිබඳ ව සාකච්ඡා කිරීමට අවස්ථාව උදා කරගත හැකි වේ.
පුරාශිලා නැති නම් පැලියෝලිතික යන වචනයේ වාච්‍යාර්ථය වන්නේ 'පැරණි ම ගල් යුගය' යන්නයි. මානවයා තම මනස භාවිත කරමින් ගල් මෙවළම් තමා ගේ විවිධ කාර්යයන් උදෙසා භාවිත කිරීම මෙම යුගයේ දී ආරම්භ කරයි. ප‍්‍රාග් ඓතිහාසික අවධිය යටතේ අවධානයට පාත‍්‍ර වල මානවයාගේ අතීතය පිළිබඳ කතාවේ දීර්ඝ ම කාලපරිච්ඡේදයක් නියෝජනය කරනු ලබන්නේ පුරාශිලා නැතිනම් පැලියෝලිතික යුගයයි. ඊට සාපේක්‍ෂ ව මධ්‍යශිලා හා නවශිලා යුග නියෝජනය කරනු ලබන්නේ කෙටිකාලීන කාලපරාසයකි. ලංකාවේ මානවයාගේ අතීතය තුළ පුරාශිලා යුගය අදින් වසර 70,000-250,000 කාලය තුළ පැවතුණු බව පැහැදිළි වී ඇත. දැනට අනාවරණය වෙමින් බවතින සාධක සමඟ මෙහි ඈත කාලය අදින් වසර 1,600,000 (ලක්‍ෂ 16) දක්වා ඈතකට ගමන් කිරීමේ හැකියාවක් ඇති බව පෙනී යමින් පවති.
ඒ අනුව මානව අතීතයේ ඉතා දීර්ඝ කාලයක් නියෝජනය කරනු ලබන පුරාශිලා යුගය අනුයුග තුනකට බෙදා අධ්‍යයනය කිරීමට පුරාවිද්‍යාඥයින් හා මානවවිද්‍යාඥයින් පෙළඹි සිටි. එ නම්, පහළ පුරාශීලා යුගය (Lower Paleolithic)මධ්‍ය පුරාශිලා යුගය (Middle Paleolithic)හා ඉහළ පුරාශිලා යුගය (Upper Paleolithic) වශයෙනි.
irranamaduඑල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදින් විසින් ඉදිකළ ඉරණමඩු ගුවන් ධානය පථය-මෙහි රතු පැහැයෙන් දැක්වෙන්නේ ඉරණමඩු පාංශු සැකැස්මයි
ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාඥයින් අතර ආරම්භක අවස්ථාවන්හි දී පුරාශිලා යුගයටත් පූර්ව ශිලා අවදීයක් පිළිබඳ ව යම් අවධානයක් පැවතින. මෙම අවධිය අරුණශිලා අවධිය (Eolithic) යනුවෙන් හැඳින්වින. එයින් අදහස් වන්නේ ශිලා අවධිය පිළිබඳ මුල් ම අවධානය යොමු වූ අවස්ථාව වශයෙනි. එ නම් ශිලායුගයේ අරණළු පහළ වූ අවධිය යන අරුත මෙම වචනයේ ගැබ් වී ඇත. මිනිසා තම මනස භාවිත කරමින් විශේෂ ආකාරයකින් හැඩ ගැසීමට හෝ සකස් කිරීමකට ලක් නොකළ ද, ස්වාභාවික ව පරිසරයෙන් ලැබෙන ගල්කැට වල ඇති හැකියාව හා උපයෝගිතාව පිළිබඳ දැනුවත්ව ඒවා තම විවිධ කාර්යයනට භාවිත කළ බවට අදහස් ඇත. ඒ අනුව සතුරනට පහර දීම, විවිධ දෑ තලා ගැනීම වැනි කාර්යය සඳහා ස්වාභාවික ව හමු වන ගල් භාවිත කර ඇත. වර්තමානයේ දී විවිධ ගෙඩි වර්ග කඩාගැනීමට කිසිදු සකස් කිරීමකට ලක් නොකල ගලනැටිති භාවිතය මේ සඳහා උදාහරණයක් වශයෙන් සැකලිය හැකි වේ. පුරාවිද්‍යාඥයින් විසින් අරුණශිලා යුගයට අයත් සේ සලකනු ලබන ගල් අතර කිලෝග්‍රෑම් 5ක් වැනි බරින් වැඩි ගල් පවතින බැවින් ඒවායේ උපායෝගිතාව ප‍්‍රශ්න කෙරී ඇත. කෙසේ නමුත් අදවන විට පුරාවිද්‍යාඥයින් හා මානවවිද්‍යාඥයින් විසින් මිනිසා ගේ සංස්කෘතියේ ආරම්භක අවස්ථාව වශයෙන්, මෙම ලිපිය සඳහා ද ප‍්‍රස්තුත වී ඇති පුරාශිලා යුගය අවධානයට ලක් වී ඇත.
ලෝකයේ මානව අතීතයේ දී පසුකර ඇති පුරාශිලා යුගය නැතිනම් ගල් යුගයේ ආදිම කාලය පිළිබඳ සාධක අප‍්‍රිකාණු මහාද්වීපයට අයත් රටවල්, යුරෝපා කලාපයට අයත් රටවල මෙන් ම ඉන්දියාව ආශ‍්‍රයෙන් ද පුරාශිලා හෙවත් පැලියෝලිතික යුගයට අයත් මානවකෘති හමු වී ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ මෙම යුගයට අයත් සාධක හමුවීම පිළිබඳ ව තත්ත්වය එතරම්ම පැහැදිළි නොවන බව මෑතක් වනතෙක් ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යාඥයින් එලඹ සිටි අදහසකි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයනයන් ගේ ආරම්භක කාලයේ දී, එ නම් යටත් විජිත පාලන සමයේ ද් විවිධ පුද්ගලයින් විසින් විවිධ අවස්ථාවන්හි දි එක්රැස් කළ ගල්මෙවලම් අතුරින් සමහරක් පුරාශිලා හෝ ඊටත් පූර්ව අරුණ ශිලා යුගයට අයත් බව ඔවුන් විසින් ප‍්‍රකාශ කර ඇත. එම කරුණු විධිමත් අධ්‍යයන මත ඉදිරිපත් නොවූ බැවින් හා අදවන විට වඩාත් වර්ධනය වි ඇති ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ දැනුම් පද්ධතිය හා සමපාත නොවන බැවින් එම අදහස් ඒ ආකාරයෙන් පිළිගැනීම ගැටළුදායක වේ.
near-iranamadu-tankඉරණමඩු ජලාසය හා තදාහ්‍රිත ප්‍රදේශයේ මෙම පාංශු තැම්පතුව විහි දී ඇති ආකාරය
ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා පෙන්වා දී ඇති ආකාරයට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික දත්ත අවසාධිත තැම්පතු වර්ග ස්ථාන තුනකින් අනාවරණය වේ. එ නම්, 1. පහතරට තෙත් කලාපයට අයත් ගංගා ආශ‍්‍රිත රත්නපුර නිධි, 2. අර්ධ ශුෂ්ක කලාපයේ වූ ඉරණමඩු සංයුතියට අයත් වෙරළබඩ දියළුනිධි, බොරළු හා මතුපිට වූ වැළිකඳු හා 3. පහත රට තෙත් කලාපයේ වූ ගල්ලෙන්වල අවසාධිත සහ එළිමහනේ වූ පස් තැම්පතු යන ස්ථාව වර්ග තුනයි. මේවා අතුරින් අංක 2 යටතේ දක්වා ඇති චාතුර්ථික අවධියේ තොරතුරු සපයන අර්ධ ශුෂ්ක කලාපයේ වෙරළබඩ වැලි වැටිය හෙවත් බොරළු තට්ටුව ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ සාධක අනාවරණය කරන ස්ථාන අතුරින් විශේෂ වැදගත්කමක් ඇති ස්ථාන වශයෙන් කැපී පෙනේ. මෙම තැම්පතු භූගත ජීර්ණයට ලක් වී තද රතු පැහැයේ සිට හුඹස් මැටි රතු පැහැය ගෙන ඇත. විශාල ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්ත ව ඇති මෙම තැම්පතුව ඊ.ජේ. වේලන්ඞ් විසින් ප‍්‍රථමයෙන් ම ‘ප්ලැටෝ ඩිපොසිට්’ යනුවෙන් හදුනාගත් අතර පසු ව ඉරණමඩු පාංශු තැම්පතුව (Iranamadu Formation-IFm) යනුවෙන් නම් කරන ලදි.
මෙම වැලි තට්ටුව එළියොනයිට් වශයෙන් ජීර්ණය වූ පැරණි වෙරළබඩ වැළිකඳු ලෙස සැලැකිය හැකි වෙයි. මෙම වැලි තට්ටුවේ ෆෙල්ඞ්ස්පාර්, ඇම්ෆිබෝල්ට්ස්, ෆයිරොක්සීන් හා ගා(ර්)නට් ආදි සංඝටක අන්තර්ගත වෙයි. එ වැනි රසායන තත්ත්වයක් නිසා මේ වැලි වැටිය රතුපැහැ හා විශේෂ ලක්‍ෂණ නිරුපනය කරන බව භූ විද්‍යාඥයින් ගේ නිගමනය වී ඇත. එහෙත් මේ පිළිබඳ හිතළු අදහස් හා සමහර ජනප‍්‍රවාද මගින් කියවෙන්නේ අතීතයේ පැවති මානුෂියත්වය ඉක්මවා ගිය පුද්ගලයකුගේ ක‍්‍රියාකාරකම් නිසා මෙම තැමතුවේ හැඩය හා ස්වාභාවය නිර්මාණය වී ඇති බවයි.
පුරාවිද්‍යාඥයින් විසින් ඉරණමඩු පාංශු සංකීර්ණය වශයෙන් හඳුනාගන්නා මෙම පාංශූ තැම්පතුව ලංකාවේ වයඹදිග ප‍්‍රදේශය, උතුරුදිග ප‍්‍රදේශය, ගිණිකොණදිග ප‍්‍රදේශය හා දකුණු දිග ප‍්‍රදේශය යන ප‍්‍රදේශයන් ගේ වෙරළාසන්න කලාපයේ තීරයක් වශයෙන් ව්‍යාප්ත ව ඇති බව නිරීක්‍ෂණය කළ හැකි වේ. උස්සන්ගොඩ ප‍්‍රදේශයේ දැක ගත හැකි රතුපැහැති පස් තට්ටුව මෙම පාංශු සංකීර්ණය පිළිබඳ ලංකාවේ බොහෝ සිංහල පාඨකයින් ගේ අද්දැකීම් අතර ඇත. සංයුතියෙන් හා සැකැස්මෙන් මෙම පාංශු තැම්පතුව හා සමාන පාංශු තැම්පතුවක් ඉන්දීය අර්ධද්වීපයේ නැගෙනහිර හා දකුණු ප‍්‍රදේශයේ වෙරළාසන්න කලාපයේ ව්‍යාප්ත වී ඇති බවත් හඳුනාගත හැකි වේ. ලංකාවේ ඉරණමඩු පාංශු සැකැස්ම වශයෙන් මෙම පස් තැම්පතුව හැඳින්වෙන අතර ඉන්දියාවේ දී මෙම සැකැස්මට තේරි ක්‍ෂේත‍්‍ර (Terri sites) යනුවෙන් පර්යේෂකයින් ගේ වඅධානයට ලක් වී ඇත. ඉන්දියාවේ ව්‍යාප්ත වී ඇති මෙම පාංශු සැකැස්ම ද ලංකවේ ඉරණමඩු පාංශු සැකැස්ම හා සමාන භූ විද්‍යාත්මක සිද්ධින් හා රසායන සංයුතින් අනුව සැකසී ඇති බව ඒ පිළිබඳ අද්‍යයන සිදුකළ පර්යේෂකයින් ගේ අදහසයි.
iranamadu-formationශ්‍රී ලංකාව තුළ ඉරණමඩු පාංශු සංකීර්ණයේ ව්‍යාප්තිය (මෙම සිතියම අන්තර්ජාලයෙන් ලබාගන්නා ලද සිතියමකි.)
ලංකාවේ ඉරණමඩු පාංශු සංකීර්ණය නැතිනම් මෙම වැලිපස් තට්ටුව විහි දී ගිය ප‍්‍රදේශ වශයෙන් පහත දැක්වෙන ස්ථාන හඳුනා ගත හැකි වේ.
- පල්ලම සිට පුල්මඩුව දක්වා වූ වයඹ දිග හා උතුරු දිග වෙරළබඩ ශ‍්‍රි ලංකාව
- අම්බලන්තොට සිට පොතුවිල් කෝමාරි දක්වා වූ ගිණිකොණ දිග හා දකුණු දිග ශ‍්‍රි ලංකාව
ක‍්‍රිස්තු වර්ෂ 1972 දි ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා විසින් මෙම ඉරණමඩු පාංශු සංකීර්ණයේ පැරණි බව තිරණය කිරිමේ පර්යේෂණ ශ‍්‍රි ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කරන ලදි. මේ අනුව ඉරණමඩු පාංශු සංකීර්ණය සමස්ත වශයෙන් අද්‍ය්‍යනයට ලක්කෙරුණු අතර එහි දී ලංකාව වටා පිහිටි ස්ථාන 50ක් විශේෂ අයධානයට ලක් කොට අධ්‍යයනයට පාත‍්‍රකරන ලදි. දළ වශයෙන් අදින් වසර 125,000කට පෙර කාලයක සිට අදින් වසර 250,000ක් දක්වා වූ දක්වා කාලය තුළ ලංකාවේ ක‍්‍රියාත්මක වූ පරිසරය හා ප‍්‍රාග් ඓතිහාසික අවධියට අයත් පුරාශිලා යුගයේ සාධක හඳුනාගැනීම හා අර්ථකථනය කිරීම සඳහා මෙම පුරාවිද්‍යා පර්යේෂණ මඟින් හැකියාව උදාකර දෙන ලදී.
ආචාර්ය සිරාන් දැරණියගල මහතා විසින් සිදුකරන ලද ගවේෂණයේ දි අවධානයට ලක් වූ ස්ථාන වශයෙන් පහත ස්ථාන වැදගත් වේ.
වයඹදිග ප‍්‍රදේශයේ වූ විල්පත්තු ජාතික වනෝද්‍යානය හා අරනකල්ලු ආශ‍්‍රිත පොම්පරිප්පු, මුල්ලිකුලම්, මරිච්චුක්කණ්ඩි, සිලාවතුරෙයි, මුරුක්කන්, මඩු, අන්දන්කුලම්, වෙල්ලන්කුලම්/ අරිනකල්ලු, වනාතවිල්ල, ඉලවන්කුලම්, පුලියන්කුලම්/අරිනකල්ලු, පුත්තලම, තබ්බෝව, කල්ලඩි, මදුරන්කුලි, බංගදෙණිය, පල්ලම, ආඬිගම, ආණමඩුව
උතුරු ප‍්‍රදේශයේ වූ මාන්කුලම්, නවකොකාවිල්, ඉරණමඩු, අලිමංකඩ/ මාන්කුලම්, ඉරණමඩු, පැරණි කොකාවිල්, මුරියකුලම්, කච්චමිකුලම්, ඕලුමඩු /මාන්කුලම්, නවකොකාවිල්, මුරිකන්ඩි, මරදන්කුලම්, උයිලන්කුලම්, තුනුක්කායි, වෙල්ලන්කුලම්, පල්ලවරායන්, කඞ්ඩු, පූනකරි, පරන්තන්, පුදුකුඩුඉරිප්පු ඔඞ්ඩුසුඩාන්, නැදුන්කර්නි, පුලියන්කුලම්
ගිණිකොණදිග හා දකුණු කලාපයේ වූ බූන්දල හා රුහුණු ජාතික වනෝද්‍යානය ආශ‍්‍රිතව යාල, මිනිහාගල්කන්ද, ඔකද, පානම, පොතුව්ල් / බූන්දල, තෙළුල, තිස්සමහාරාමය, හම්බන්තොට, අම්බලන්තොට, හුංගම, රන්න, තංගල්ල / බූන්දල, අඟුණකොළපැලැස්ස, ඇඹිලිප්ිය ආදි වශයෙන් වූ ප‍්‍රදේශ ගණනාවක් ආචාර්ය සිරාන් දැරණියගල ගේ තියුණු පර්යේෂණයට ලක් විය.
මෙම ගවේෂණ හා අධ්‍යයන මගින් අනාවරණය වූ පුරාවිද්‍යාත්මක සාධත අනුව ‘අවුරුදු 125,000ක ට පමණ පෙර ශ්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික ජනාවාස පැවැති බවට සැකයකින් තොර ව පෙන්වා දීමට හැක් විය. මීට අදාළ ප‍්‍රබල ම සාධක හමුවන්නේ බූන්දල ප‍්‍රදේශයේ මුහුදු වෙරළ ආශ‍්‍රිතව සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැනීම් මඟිනි. මෙහි විසූ මිනිස්සු මධ්‍යතන පැලියෝලිතික (පුරාශිලා) තාක්‍ෂණික යුගයට අයත් සේ සැලැකිය හැකි තිරුවාණා හා චර්ට් ගලින් ගල් මෙවලම් නිපදවූ බව සාධක අනාවරණය විය. මෙම වැලි හා බොරළු ස්ථරයන්ගේ කාලනීර්ණය ඉදිරි අධ්‍යයන අනුව වසර 250,000/500,000 දක්වා ඉදිරියට යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
පුරාවිද්‍යාත්මක වශයෙන් මෙම සාධක අනාවරණය වූ පුරාවිද්‍යා කැනීම පිළිබඳ විස්තර දළ වශයෙන් හෝ සාකච්ඡා කිරීම මේ අවස්ථාවේ දී වැදගත් විය හැකි බව මෙම රචකයා ගේ විශ්වාසයයි. එ බැවින් සාමාන්‍ය පාඨකයාට වෙහෙසකාරි අද්දැකීමක් විය හැකි වුවත් විමර්ශනශීලි පාඨකයාට වැදගත් විය හැකි බැවින් මෙම පුරාවිද්‍යා කැනීම පිළිබඳ දළ අවධානයක් මීලගට යොමුකළ හැකි වේ. මේ සඳහා ඉරණමඩු සංකීර්ණයට අයත් බූන්දල ප‍්‍රදේශයේ ස්ථාන දෙකක සිදුකළ (බූන්දල වැල්ලේගංගොඩ - 49c හා බූන්දල පතිරාජවෙළ - 50a) පුරාවිද්‍යා කැනීම් පිළිබඳ ව අවධානය යොමුකරමු.
පළමු ස්ථානය - බූන්දල වැල්ලේගංගොඩ 49c
දකුණු ලංකාවේ වෙරළබඩ ප‍්‍රදේශයට අයත් මෙම ස්ථානයේ ඇති බොරළු තට්ටුව වර්තමාන මුහුදු මට්ටමට වඩා ආසන්න වශයෙන් මීටර් 8ක් පමණ උසින් පිහිටා තිබූ අතර එය දළ වශයෙන් මීටර් 4ක ඝණ වැලි තට්ටුවකින් වැසී තිබිණ. මෙම ස්ථානයේ සිදුකළ කැනීම් පරිශ‍්‍රයේ දිග හා පළල මීටර් 1.8×1.8 බැගින් විය. මෙම ස්ථානයේ ආචාර්ය සිරාන් දරණියගල  මහතා විසින් සිදුකරන ලද පුරාවිද්‍යා කැනීම මගින් පස් තට්ටු කීපයක් හඳුනාගත හැකි වූ අතර මෙම ස්තර මඟින් මනුෂ්‍ය ජනාවාසයක් පිළිබඳ සාධක අනාවරණය විය. මෙහි ප‍්‍රධාන වශයෙන් පස් තට්ටු තුනක් පැවති බව හඳුනාගැනමට හැකි විය. මෙම බොරළු තට්ටුවෙන් හමු වූ ගල් මෙවළම් කාලයේ පීඩනයට හසු වී ජීර්ණය වීමට ලක් වී පැවති බැවින් ඒවායේ පැවති විශේෂ ලක්‍ෂණ හෝ ගුණාංග හඳුනාගැනීම අපහසු විය. එහෙත් ඒවා නියත වශයෙන් ම ප‍්‍රාග්ඓතිහාසික මෙවලම් වශයෙන් පුරාවිද්‍යාඥයන්ගෙ අවධානයට ලක් විය.
49cබූන්දල වැල්ලෙගංගොඩ පුරාවිද්‍යා ස්ථානයේ සිදුකළ කැනීමේ පැතිකඩ සටහන
මෙම ස්ථානයේ සිදුකළ පුරාවිද්‍යා කැනීම් පරිශ‍්‍රයේ පාංශු ස්තරණය (Stratigraphy at Site 49c) පහත පරිදි හඳුනාගත හැකි වේ. මෙම විස්තර ආචාර්ය සිරාන් දැරණියගල මහතා වසින් රචිත් ඡුරු ග‍්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද බව සලකන්න.
I           bed-rock
II         basal gravels
III        sandy loam of Red Latosol
X         recent drifting sands
X – සෙන්ටී මීටර් 6ක් ඝණකම මෙය මතුපිට වර්ෂා තැම්පතුවයි
III – මට්ටම් 13ක් යටතේ අධ්‍යයනය කර ඇත. මෙය දළ වශයෙන් සෙන්ටි මීටර් 400ක් ඝණකම ස්ථරයකි
III – 1 සෙන්ටිමීටර් 30-42ක් වන මෙම තට්ටුව රතු ලැටසෝල් පසේ ඉහළ මට්ටමයි. සංයුතිය වැලි 70‍% රොන්මඩ 6‍% මැටි 20‍%
III – 2 සෙන්ටිමීටර් 30ක් වන මෙම ස්ථරය රතු ලැටසෝල් ස්තරයකි. සංයුතිය වැලි 58‍% රොන්මඩ 7‍% මැටි 35‍%
III– 3 විස්තරය 2 තට්ටුවට සමානය. සංයුතිය වැලි 57‍% රොන්මඩ 3‍% මැටි 40‍%
III – 4-9 විස්තරය පෙර පරිදිමය
III – 10 සංයුතිය වැලි 68‍% රොන්මඩ 8‍% මැටි 24‍%
III – 11 සංයුතිය වැලි 73‍්‍ර රොන්මඩ 11‍්‍ර මැටි 20‍%
III – 12 සංයුතිය වැලි 73‍% රොන්මඩ 8‍% මැටි 19‍%
III – 13 රතු ලැටසෝල් පසේ පහළ මට්ටමයි. සංයුතිය වැලි 72‍% රොන්මඩ 7‍% මැටි 21‍%
II – ඝණත්වය සෙන්ටිමීයර් 6-15 දක්වා වන බොරළු පදනම
I – ජීර්ණය වූ මව් පාෂාණය
දෙවන ස්ථානය - බූන්දල පතිරාජවෙළ 50a
මෙම ස්ථානයේ ව්‍යාප්ත වී ඇති පතුලේ බොරළු තට්ටුව වත්මන් මුහුදු මට්ටමට වඩා මීටර් 15ක් පමණ උසින් පිහිටා ඇත. මෙම බොරළු තට්ටුව වසර 125,000ක් පැරණි විය හැකි බවට නිරපේක්‍ෂ කාලනීර්ණ විධි අනුව තක්සේරු කොට ඇත. මෙම ස්ථානයේ සිදුකළ පුරාවිද්‍යා කැනීම මගින් ද එම කාලය හා සමාන්තර විය හැකි පුරාශිලා යුගයට අයත් සාධක ලැබී ඇත. ඉන්දියාවේ භෞතික විද්‍යා පර්යේෂණාගාරයේ සේවයේ නියුතු ව සිටි ආචාර්ය සිංවි විසින් මෙම බොරළුවලට පසු ව තැම්පත් වූ වැලි තට්ටුව තාපසම්දිප්තතා කාලනීර්ණ ක‍්‍රමවේදය අනුව කාලනීර්ණය කොට ඒවා අදින් වසර 74,000-64,000 කාලයට අයත් බවට නීර්ණය කොට ඇත. මෙම බොරළු තට්ටුවෙන් ලැබුණු ගල් මෙවලම් අතර ජ්‍යාමිතික නොවූ තිරුවාණා ක්‍ෂුද්‍රශිලා මෙවලම් ද විය. මෙම ස්ථානයේ වන පස් තට්ටුවේ එක් මීටරයක් තැම්පත් වීම සඳහා කාලය වසර 3,500 බැගින් ගෙන ගනනය කළ විට මෙම පස් තට්ටුවේ පහළම අවස්ථාව අදින් වසර ලක්‍ෂ 5ක් දක්වා ඇතට ගමන් කළ හැකි බව ආචාර්ය සිරාන් දැරණියගල ගේ තක්සේරඅව වී ඇත.
50aඉරණමඩු පාංශු සංකීර්ණයට අයත් 50a ක්ෂේත්‍රයේ කැනීම් පරිශ්‍රයේ පැතිකඩ
මෙම ස්ථානයේ සිදුකළ පුරාවිද්‍යා කැනීමෙන් අනාවරණය වූ පාංශු ස්තරණය (Stratigraphy at Site 50a) පහත පරිදි වේ.
I bed-rock
II basal gravels
III sandy loam of Red
            Latosol
IV stratum of lagoon
            molluscs
V colluvial red latosolic
            loam
X recent drifting sands
මෙම ස්ථානයෙන් හමු වූ ගල් මෙවලම් අතර වූ පතිරාජවෙල කුඩා පතුරු මෙවලම් සාධක මෑත පූර්ව 125,000-75,000 හා බූන්දල වැල්ලේගංගොඩ දි මෑත පූර්ව ca. 80,000 කාලයට අයත් වන බව කාලනීර්ණ අනුව පෙන්වා දි ඇත. මෙම ගල් ආයුධ නිර්මාණය කළ ජනයා ආදි ම හොමෝ සේපියන් මිනිසුන් විය හැකි ය.
small-sized-stone-artifactsඉරණමඩු පාංශු සංකීර්ණයෙන් හමු වූ කුඩා ගල් ආයුධ
මෙම පුරාවිද්‍යා කැනීම් මඟින් මෙම කාලයට අයත් ගල් මෙවලම් හැරෙන්නට
medium-sized-stone-artifacetsඉරණමඩු පාංශු සංකීර්නයෙන් හමු වූ මධ්‍යම ප්‍රමාණයේ ගල් ආයුධ
වෙනත් කිසිදු සංස්කෘතික හා මානව විද්‍යාත්මක සාධකයක් හමු වී නැත. මෙම ප‍්‍රදේශයේ පැවැතුණු හා පවතින නිවර්ථන දේශගුණ තත්ත්වය හා කාලය යන සාධක විසින් මෙවැනි සාධක සම්පූර්ණයෙන් ම පාහේ විනාශ කර දමා ඇත. අනෙක් අතට මෙම ස්ථානයේ සිදුකළ පුරාවිද්‍යා පර්යේෂණ පරාග වැනි ඉතා සියුම් සාධක ලබාගත හැකි සූක්‍ෂම හා සියුම් වර්ධිත තාක්‍ෂණ විධික‍්‍රම භාවිත කරමින් සිදුකර නොමැති වීම ද යම් යම් සාධක ග‍්‍රහනය කරගැනීම සඳහා බාධාවක් වශයෙන් පවතින්නට ඇත. එ සේ නමුත් ඉදිරියේ දියත් කිරීමට අපේක්‍ෂිත පුරාවිද්‍යා අධ්‍යයනයන් ගේ දී මේ කරුණු කෙරෙහි අවධානය යොමුකරමින් සියුම් ආකාරයේ පර්යේෂණ මාලාවක් දියත් කිරීමට ආචාර්ය සිරාන් දැරණියගල මහතා ගේ උපදේශකත්වය යටතේ ජාත්‍යන්තර සහයෝගය සහිත පර්යේෂණ මාලාවක් දියත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු සම්පාදනය කරමින් පවති.
large-stone-artifactsඉරණමඩු පාංහු සංකීර්ණයෙන් හමු වු විශාල ගල් ආයුධ
මෙම යුගය ලංකාවේ වියළි කලාපයේ ජනගහණ ගණත්වය වර්ග කිලෝමීටරයකට 0.8-1.5 අතර පවතින්නට ඇත. තෙත් කලාපයේ දී මෙය වර්ග කිලෝ මීටරයකට මානවයන් 0.3කට වඩා අඩුවෙන් සිටින්නට ඇත. ඒ අනුව තෙත් කලාපයට සාපේක්ෂ ව තෙත් කලාපයේ පැවති ඇත්තේ අඩු ජනගහනයකි. මෙම කරුණු දකුණු ආසියාතික හා ගිණිකොණදිග ආසියාතික කලාපයේ ජීවත් වන දඩයක්කාර රැස්කරන්නන් පිළිබඳ වූ මානවවංශ විද්‍යාත්මක දත්ත ඇසුරෙන් ගණන් බලා ඇත.
ඉරණමඩු පාංශු සංකීර්ණයේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණවලට අනුව අවම වශයෙන් අවසන් වසර ලක්‍ෂ කීපය තුළ උෂ්ණ අවධිවල වර්ෂාපතනය අධික තෙත් දේශගුණයක් පැවැතුණු බවත් ශීත අවධිවල වියළි දේශගුණ ස්වාභාවයක් තිබුණු බවත් පැහැදිළි වී ඇත.
ආහාර වශයෙන් ගත්තා යැයි සිතීමට හැකි ශාකමය අවශේෂ කිසිවක් මෙම අධ්‍යයන තුළින් අනාවරණය වි නොමැති බැවින් ඒ පිළිබඳ කිසිදු අදහසක් ඇතිකර ගැනීමට හැකි වී නැත. නිවර්ථන පරිසර තත්ත්වය අනුව මේවා කිසිවක් රතුවන් දුඹුරු කලාපයේ එළිමහන් ස්ථානවල ආරක්‍ෂා වී නොමැති බව මීට ඉහත දී ද දක්වා ඇත. අනෙත් අතට පෙර සඳහන් කළාක් මෙන් මෙම පර්යේෂණ ඔස්සේ මෙම ස්ථානවල මේ සම්බන්ධ ව ප‍්‍රමාණවත් නියැදි එක්රැස්කර නොමැති වීමත් මෙයට හේතු විය හැකි ය.
මෙම ලිපිය ආරම්භයේ දී සටහන් කර ඇතිවාක් මෙන් ඉන්දීය අර්ධද්විපික කලාපයෙන් පුරාශිලා යුගය පිළිබඳ සාධක රැසක් ලැබී ඇත. ඒ අතර ගල් ආයුධ මෙන් ම මානව සැකිලි සාධක ද පවතින බව පෙනී යයි. ඒ අනුව නිශ්චිත ලෙස ම පුරාශිලා යුගය පිළිබඳ ව සාධක සපයන ඉන්දිය භූමියේ සිට විවිධ අවස්ථාවල දී ලංකාව හා ඉන්දියාව සම්බන්ධ කරමින් පැවති භූමි පාලම ඔස්සේ සතුන් මෙන් ම මිනිසුන් ද දෙරට අතර සංක‍්‍රමණය වූ බව උපකල්පනය කිරීමට හැකි වේ. අවසාන අවුරුදු දශලක්‍ෂය තුළ දි අවම වශයෙන් අවුරුදු 8 ලක්‍ෂයක්වත් මුහුදු මට්ටම පහත් වීම හේතු කොටගෙන ලංකාව හා ඉන්දියාව යන දෙරට එක ම භූමිප‍්‍රදේශයක් ව පැවතුණු බව භූ විද්‍යාඥයින් ගේ අදහසයි.
ශ්‍රී ලංකාවේ උතුරු දිග හා ගිණිකොණ දිග වෙරළබඩ ප‍්‍රදේශයන් ගේ පිහිටා ඇති වැලිවැටි ඇසුරේ අදින් වසර 300,000 හෝ ඇතැම් විට 500,000 පමණ විය හැකි සාධක අඩංගු විය හැකි බව ආචාර්ය සිරාන් දැරණියගල විසින් මීට වසර ගණනාවකට පෙර සටහන් කර ඇත.
ලංකාවේ මානවයා ජීවත් වූ බවට පැරණි ම සාධක අනාවරණය වී ඇත්තේ ඉරණමඩු සංකීර්ණයේ උතුරු කලාපයේ ය. මේවා සාපේක්‍ෂ වශයෙන් අදින් වසර 500,000 කාලයට කාල නීර්ණය කළ හැකි වෙයි. ගිණිකොණදිග ලංකාවේ පිහිටි මිනිහාගල්කන්ද ප‍්‍රදේශයෙන් අනාවරණය වූ මානව වාසස්ථාන පිළිබඳ සාධක අදින් වසර 250,000 කාලයට සාපේක්‍ෂ වශයෙන් කාලනීර්ණය කළ හැකි වෙයි.
පසුගිය 2010 වර්ෂයේ දී ලංකාවේ යාපනය ප‍්‍රදේශයෙන් අනාවරණය වූ සාධක කීපයක් නිසා ලංකාවේ පුරාශිලා යුගය පිළිබඳ කථිකාව පරිවර්තනීය ස්වාභාවයකට පත් ව ඇත. එ නම් 1984 දී යාපන සරසවියේ මහාචාර්ය වරයෙකු වූ සෙල්ලයියා ක‍්‍රිෂ්ණරාජ් මහතා විසින් යාපනය පේදුරුතුඩුව ආසන්නයේ පිහිටි මායක්කායි ප‍්‍රදේශයේ විවපරිමලෙයිහි සිදුකළ කැනීමකදි හමු වූ ගල් ආයුධ කීපයක් ලැබී ඇත. මේවා කැපුම් ආයුධ වර්ගයක් වන අත්පොරෝ ආයුධ වන අතර කහඳ පාෂාණයෙන් සකස් කර ඇත. මෙම ගල් ආයුධ හමු වූ ස්ථානය හුනුගලින් නිර්මාණය වූ ගල්ගුහාවලින් සමන්විත ස්ථානයකි. මෙම ගල් ආයුධ 2010 වර්ෂය වනතෙක් ඒ පිළිබඳ විශේෂඥයින් වෙත යොමු කිරීම මඟහැරී ඇත්තේ එ වකට පැවති ත‍්‍රස්තවාදි යුද්ධය හේතුවෙන් මෙ පිළිබඳ අවස්ථාවක් නොමැති වූ බැවිනුයි. එහෙත් ත‍්‍රස්තවාදි කැරැල්ල නිමා වී 2010 වසරේ දී මෙම ප‍්‍රදේශයේ සිදුකළ පුරාවිද්‍යා අධ්‍යයන චාරිකාවක් අතරතුර දී ප‍්‍රාග් ඓතිහාසික ගල් ආයුධ පිළිබඳ විශේෂඥයකු වූ පුරාවිදයා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා වෙත මෙම ගල් ආයුධ ලබා දී ඇත. ඒ අනුව සිදුකළ නිරීක්‍ෂණ අනුව ආචාර්ය නිමල් පෙරේරා මහතා විසින් මේ ගල් ආයුධ ඇචුලියාන් සම්ප‍්‍රදායට අයත් අත්පොරෝ ආයුධ වශයෙන් මේවා හඳුනාගනු ලැබ ඇත. ඉන් අනතුරු ව මෙම ගල් ආයුධ ආසියානු කලාපයේ ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ ප‍්‍රාමාණික විද්වතෙකු වූ ආචාර්ය සිරාන් දැරණියගල මහතා වෙත යොමුකරනු ලදුව උක්ත නිගමන ඒ මහතා විසිනු ද තහවුරු කෙරී ඇත. ඒ අනුව මෙම ගල් ආයුධ අදින් වසර ලක්‍ෂ 5-16 අතර කාලයේ ජීවත් වූ හොමෝ ඉරෙක්ටස් (Homo erectus) මානවයා විසින් භාවිත කරන ලද ලෝක ව්‍යාප්ත සංස්කෘතියක් වූ ඇචුලියානු සම්ප‍්‍රදාය නියෝජනය කරන බව අනුමාණ කෙරේ. මේ දළ නිගමනය අනුව මෙම ගල් ආයුධ පහළ පුරාශිලා යුගයට අයත් විය හැකි වේ. ඒ අනුව මෙතෙක් සිතා නොසිට ආකාරයෙන් ඇචුලියානු අත්පොරෝ සම්ප‍්‍රදාය ලංකාව තෙක් ව්‍යාප්ත වී ඇති බවක් මෙයින් අනාවරණය වෙමින් පවති. මේ පිළිබඳ ස්ථිර හා පැහැදිළි නිගමනයකට එළැඹිම සඳහා මෙම සාධක කිසිසේත් ම ප‍්‍රමාණවත් නොවේ. එ බැවින් මේ පිළිබඳ ව පරික්‍ෂා කිරීම සඳහා විධිමත් හා ක‍්‍රමානුකූල පුරාවිද්‍යා පර්යේෂණ මාලාවක් දියත් කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි ඉලක්ක අතර පවති.
palaeolithicයාපනය ආසන්නයේ පිහිටි මායක්කායි පුරාවිද්‍යා ස්ථානයෙන් හමු වූ ඇචූලියානු අත්පොරෝ යැයි සැලකෙන ගල් ආයුධ
මෙම ලිපියේ දී පෙන්වා දුන් ආකාරයට ලංකාවේ මානව ජනාවාසයන් ගේ ආදිම අවස්ථාව පුරාශීලා යුගය මගින් සටහන් කෙරේ. ඒ අනුව ලංකාවේ පුරාශිලා යුගය පිළිබඳ කඩතොළු සහිත වුවත් නිශ්චිත සාධක ලැබෙන ආකාරය පුරාවිද්‍යා අධ්‍යයන අනුව පෙන්වා දිය හැකි වේ. කෙසේ නමුත් මෙම අවධිය හා ඒ කාලයේ ජීවත් වූ මිනිසා පිළිබඳ වඩාත් තියුණු අදහසක් ඇතිකර ගැනීම සඳහා තවතවත් පුරාවිද්‍යා හා පුරාවිද්‍යාව තදාශ‍්‍රිත අවශේෂ පර්යේෂණ දියත් කිරීම අත්‍යාවශ්‍යව පවති

මෙය ලිපි කිහිපයක එකතුවක් වන අතර ඒවා පහත සදහන් වෙබ් අඩවිය මගින් උපුටා පිළිවෙලට මෙහි අමුනා ඇත.

(උපුටා ගැනීම- http://si.archaeology.lk/article.php?articleID=3853)