කල්ප කාලෙකට පසුව යමක් ලියන්ට ඕනි කියල හිතුන නිසා පොඩ්ඩක් වෙනස් පැත්තක් ගැන ලියන්ට හිතුන. ගුලි කියපු ගමන් අපේ සම හරක් ට මතකෙට එන්නෙ වෙන එකක්. කෝක උනත් අද කියන්න යන්නෙ රාවනා ගුලි කියන දේ ගැන. සයිබර් අවකාසෙ මේක ගැන නම් ඕන තරම් කියල තියනව. මේව හිරි ගල්ලු , පාසි ලු . මේව ඔක්කම අබරපු එකකලු. අනේ මංදා.
කොහොම හරි වැකේෂන් එකේ ට්‍රේනින් දාල ඉන්න ගමන් මේක ගැන යමක් ලියන්න හිතුන. මං මේකට රාවනා ගැන නොකිය මගේ ඉගන ගන්න සබ්ජෙක්ට් එකට අදාලව මානවවංශ පුරාවිද්‍යාව තුලින් පොඩ්ඩක් මේක ගැන බලන්න හිතුවා...
පැරනි තොරතුරු විචාරා බලනකොට අපේ ඇත්තො ලග විවිද බෙහෙත් තිබුනා. මේව පාරම් පරිකයි. පිට දෙන්නෑ. සමහරක් බෙහෙත් වර්ග ලියල තියෙන්නෙ වෙනම නමකින්. අන් වර්ථනාම. හරියට කැම්පස් එකේ කාඩ් දානව වගේ. කොහොම හරි රාවනා ගුලි ගැන හොයද්දි මට පරන වදන් වගයක් හම්බුනා.මේක නම් ගැමි වදන් පෙලක්....
"රාවනාගෙ බෙහෙත් ගුලිය හැමටම සත්තයි
හිරිගල් පාසියෙන් ඇබරූ බව ඇත්තයි
සීතා දේවි කැන්දාආ බව සත්තයි
සීතා ගුහාවේ සැගවුනු බව සත්තයි"
මේකෙ කියන විදියට මේව හිරි ගල් පාසි මේව ගෙන් හදපු දෙයක්... තවත් ගැමි කතාවක කියනව රාවනා බත් ගුලි කර විසිකරා ඒව තමා මේ රාවනා ගුලි කියලා.. කවුරු කීවත් ගොඩක් වුන් රවනා ගුලි දැකල නෑනි. මෙන්න මේවටයි රාවනා ගුලි කියන්නෙ..
මේක බොහොම අමාරුවෙන් හොයා ගත්තෙ. මේව හම්බෙන්නෙ පොලවෙ තිබිලලු. මට නම් හිතෙන්නෙ මේක අල වර්ගයක් කියල. පිට පොත්තවගේ ලාවට. දුබුරු පාටට හුරුයි. මේව දැනුත් මිනිස්සු පාවිචිචි කරනව. හැබයි තියන කෙනෙක් කියන්නෙත් නෑ..... දෙන්නෙත් නෑ.......
මේක බඩේ අමාරුවටයි කන්නෙ. මටත් ඉතින් ඔයවගේ එකක් දැක්කම පුදුම බඩේ අමාරුවක්නෙ තියෙන්නෙ. මාත් පොඩ්ඩක් ටෙස් කොරා. ඔය තියෙන්නෙ කාපු කොටහ.
මේක ඇතුල සුදු පාටයි. අර රාවනා බත් ගුලි විසිකරපු කතාව ඇත්තක්ද කියලත් වෙලාවක හිතෙනවා. මෙකද මේකෙ රස බත් වගේමයි. බත් කීවට පොල් වගේ. අනේ මංද ඔය දෙකම වගේ. එතකොට ඉස්සර බතුත් අද කන එවුව වගේමද??? ඒක ගැන පොඩ්ඩක් හොයන්න ඕනෙ.... මේ වෙලාට තමා ඩෙසිනේෂන් එකට මේවගේ මොකක් හරි කොරන්ට හිතෙන්නෙ..
කොහොම හරි මට ඕනෙ වුනේ රාවනා ගුලි කියන්නෙ මොනාද කියල පෙන්නන්ට. අදින් පස්සෙ නම් රාවනා ගුලි පොටෝ ගොඩක් තැන්වල තියෙයි. හැබයි ඒ තැන් වල මගේ අතේ පොටො එකත් තියෙයි. ඒත් නැති වෙයි. . පොටෝෂොප් තියනවනෙ. (හිහ්...)
සටහන ; ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
තෙවන වසර,
පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,
පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,
ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
මිහින්තලේ
මිහින්තලේ
------ ---------------------------------


