Showing posts with label ජනශ්‍රැතිය. Show all posts
Showing posts with label ජනශ්‍රැතිය. Show all posts

Saturday, May 16, 2015

මත් නොවන රාවනා ගුලි.................


                                                                 කල්ප කාලෙකට පසුව යමක් ලියන්ට ඕනි කියල හිතුන නිසා පොඩ්ඩක් වෙනස් පැත්තක් ගැන ලියන්ට හිතුන. ගුලි කියපු ගමන් අපේ සම හරක් ට මතකෙට එන්නෙ වෙන එකක්. කෝක උනත් අද කියන්න යන්නෙ රාවනා ගුලි කියන දේ ගැන. සයිබර් අවකාසෙ මේක ගැන නම් ඕන තරම් කියල තියනව. මේව හිරි ගල්ලු , පාසි ලු . මේව ඔක්කම අබරපු එකකලු. අනේ මංදා.

කොහොම හරි වැකේෂන් එකේ ට්‍රේනින් දාල ඉන්න ගමන් මේක ගැන යමක් ලියන්න හිතුන. මං මේකට රාවනා ගැන නොකිය මගේ ඉගන ගන්න සබ්ජෙක්ට් එකට අදාලව මානවවංශ පුරාවිද්‍යාව තුලින් පොඩ්ඩක් මේක ගැන බලන්න හිතුවා...

පැරනි තොරතුරු විචාරා බලනකොට අපේ ඇත්තො ලග විවිද බෙහෙත් තිබුනා. මේව පාරම් පරිකයි. පිට දෙන්නෑ. සමහරක් බෙහෙත් වර්ග ලියල තියෙන්නෙ වෙනම නමකින්. අන් වර්ථනාම. හරියට කැම්පස් එකේ කාඩ් දානව වගේ. කොහොම හරි රාවනා ගුලි ගැන හොයද්දි මට පරන වදන් වගයක් හම්බුනා.මේක නම් ගැමි වදන් පෙලක්....


"රාවනාගෙ බෙහෙත් ගුලිය හැමටම සත්තයි
හිරිගල් පාසියෙන් ඇබරූ බව ඇත්තයි
සීතා දේවි කැන්දාආ  බව සත්තයි
සීතා ගුහාවේ සැගවුනු බව සත්තයි"

මේකෙ කියන විදියට මේව හිරි ගල් පාසි මේව ගෙන් හදපු දෙයක්... තවත් ගැමි කතාවක කියනව රාවනා බත් ගුලි කර විසිකරා ඒව තමා මේ රාවනා ගුලි කියලා.. කවුරු කීවත් ගොඩක් වුන් රවනා ගුලි දැකල නෑනි. මෙන්න මේවටයි රාවනා ගුලි කියන්නෙ..




මේක බොහොම අමාරුවෙන් හොයා ගත්තෙ. මේව හම්බෙන්නෙ පොලවෙ තිබිලලු. මට නම් හිතෙන්නෙ මේක අල වර්ගයක් කියල. පිට පොත්තවගේ ලාවට. දුබුරු පාටට හුරුයි. මේව දැනුත් මිනිස්සු පාවිචිචි කරනව. හැබයි තියන කෙනෙක් කියන්නෙත් නෑ..... දෙන්නෙත් නෑ.......

මේක බඩේ අමාරුවටයි කන්නෙ. මටත් ඉතින් ඔයවගේ එකක් දැක්කම පුදුම බඩේ අමාරුවක්නෙ තියෙන්නෙ. මාත් පොඩ්ඩක් ටෙස් කොරා. ඔය තියෙන්නෙ කාපු කොටහ.

මේක ඇතුල සුදු පාටයි. අර රාවනා බත් ගුලි විසිකරපු කතාව ඇත්තක්ද කියලත් වෙලාවක හිතෙනවා. මෙකද මේකෙ රස බත් වගේමයි. බත් කීවට පොල් වගේ. අනේ මංද ඔය දෙකම වගේ. එතකොට ඉස්සර බතුත් අද කන එවුව වගේමද??? ඒක ගැන පොඩ්ඩක් හොයන්න ඕනෙ.... මේ වෙලාට තමා ඩෙසිනේෂන් එකට මේවගේ මොකක් හරි කොරන්ට හිතෙන්නෙ..  

කොහොම හරි මට ඕනෙ වුනේ රාවනා ගුලි  කියන්නෙ මොනාද කියල පෙන්නන්ට. අදින් පස්සෙ නම් රාවනා ගුලි පොටෝ ගොඩක් තැන්වල තියෙයි. හැබයි ඒ තැන් වල මගේ අතේ පොටො එකත් තියෙයි. ඒත් නැති වෙයි. . පොටෝෂොප් තියනවනෙ. (හිහ්...)

සටහන ;   ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             තෙවන  වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ

------ ---------------------------------

Monday, January 26, 2015

පොළොන්නරුවේ නරු පොළගා..



ඉස්සර පොලොන්නරුව කියන්නෙ මහා රාජධානියක්. මේකාලෙ මහා පරාක්‍රම භාහු රජු රාජ්‍යය කරන සමයෙහි දි මෙනුවර ගෝපාල පබ්බතය කියල තැනක් තිබුන.මෙහෙම මෙතන හදුන් වනනෙ ගොපළු දරැවන් වාසය කර නිසාලු. වංශකතාවල කියවෙන විදිහට මෙතන මුල්කල භික්ෂූන් වහන්සේලා වැඩසිට තියනවා.ඒබව මෙතන කොටා ඇති කටාරමේ හා එහි ඇති සෙල්ලිපියෙන් තවත් තහවුරු වෙනවා. 

දවසක් මහා පරාක්‍රම භාහු රජතුමා රන්කොත් වෙහෙර එහෙම වැදගෙන ආලාහන පරිවෙන පැත්තෙන් ගෝපාල පබ්බතය ලගට ඇවිත් තියනව. මෙතනදි රජතුමා විශාල පොළගෙක් මෙම ගලදිගේ ඇදිල යනව දැක්ක. මූ අනිත් පොළගුන්ට වඩා විශාලයි. මුගේ ඇගේ විශාල නරු සලකුනු තියෙනවා. රජතුමා තම අසිපත ගෙන මෙම පොළගා රඹ කදන් පෙති ගසන්නාසේ පෙති ගැහුවා. මෙම හේතුව නිසා මෙම පවුවෙ පොළගා ඇදීයන පාාර කොටල තියනවා.අදටත් මේ පොළගා ඇදී යන පාර දකින්ට පුලුවන්.  

 චෝල ආක්‍රමණ කාලෙ පොළොන්නරුවක් තිබන්නෑ. එ් කියන්නෙ මෙහාට කීවෙ ජනනාතපුරම් කියල. මේ අනුව මට පුරාවිද්‍යාත්මකව හා (මගේ විශය පථය නිසා) භාෂා විද්‍යාත්මකව බලද්දි මෙන්න මෙහෙම හිතෙනවා. නරු පොළගා මැරූතැන නරුන් පොළව උනා. බස පෙරලීමෙන් පසුව මෙහෙ පොළොන්නරුව වුනා.!!!!



මෙන්න මෙතන තමා මංකීව ගෝපාල පබ්බතය.. 


  සටහන ;   ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             දෙවන වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        

                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ






Wednesday, November 26, 2014

ජනශ්‍රැතියේ කොට්ටෝරුවා....


            නවම්,මැදින් ආද ී ලෙස කියැවෙන දෙළොස් මහේ එක් එක් මාසය පිළිබදව පැරනි මුතුන් මිත්තන් දැරුවේ අපූර්ව වූ අදහසකි.ඔවුන් නිතැතින්ම එක් එක් මාසය පිළිබද අපූර්ව වූ  අදහස් දැරූවෝ වූහ.ඔවුන්ගේ මනස කලාගරයක්, පොත්ගුලක් සේ මාදකී.

                                                   ^^     ඉල්මහේ තලගොයි මසත්
                                                            බක්මහේ අලත් 
                                                            ඇහැළ මහේ මීපණිත්
                                                            නිකින්යේ ඌරු මසත්
                                                            නොකෑ එකා ඉදල වැඩක්නෑ    ^^


(ඌරු මස් ඇර අනික්වනම් මං කාල තියෙයි. ඌරු මසුත් ලගදිම කන්ට ඕන)

මීට අදාළ විස්තර ජනශ්‍රැතියේ සවිස්තරව කියැවේ.. එනම් පොසෙන් මසට රජ රටට වැසි නැති කාලයයි.(මේ කාලෙ නම් වහිනව හොදේ) වාපි සිදී යයි! යළ සුළං කෝඩෙ හමයි! යළ ගෙවි තැනද ඇරඹෙයි. මෙකළ මී ගස් වළ මල් පිපෙන කාලයයි.අහස වළා කුලින් බරව අළු පැහැයක් ගත්තත් , ඉදහිට වැටෙන සුළු පොදයක් හැර මහවැස්සක් නොවැටේ. මී මල් වැටුනු විට ඒවා කන්ට රිසියෙන් මුවන් ගෝනුන් වැනි සත්තු රොක්වෙයි. මේ කළ දඩයමට සුදුසු බව ජන ප්‍රවාදය ඇත්තේ එනිසාය..  දඩයමට මී මලේ පදම අහු වෙනවා ..  යනුවෙන් ජනප්‍රවාදයේ කියැවෙනනේ එනිසාය. පොසෙන් පොහොයට පසුව මහ වැස්සක් වහින බවත් ඉන් උඩ මළුවත් දඹුළු ගලත් සේදී යන බවත් රජ රට වැසියන්ගේ විශ්වාසයකි.මේ මීමල් පිළිබද ඇති එක් ජනශ්‍රැති කථාවකිමේ. මී මලට සම්බන්ද කොට්ටෝරුවා නම් කුරුල්ලා පිළිබද ජනශ්‍රැතියේ එන කතාවකි..

                        කුරුළු යුවළ ගල් තලාවක් අසළ කූඩුවක් තනාගෙන සිටින අතර ඒ දෙදෙනාට පැටැවු දෙන්නෙකු ලැබුනා. දිනක් කුරුළු යුවළ මී මල් ටිකක් ගල් තළාවෙ දාලා කෑම හෙයන්න ගියා! පැටවු දෙන්න ගල් තලාව අසළ කූඩුවෙ හිටියෙ. මේ තදින් පායන කාලයක්.! පෙසෙන් මහට තද අවු රශ්මිය නිසා සියුමැළි ලා මල් වියළී ගෙස් ගල් තලාවටම ඇළී ගියා. බැලූ බැල්මට මීමල් නැතුවා වාගෙයි පෙනුනෙ. 

කුරුළු යුවළ ආපහු ඇවිත් බැලුවාම මීමල් දකින්න තිබුනෙ නෑ. පැටවුන්ගෙ වරදින් මීමල් නැතුව ගියා කියල සැකයට දෙමවුපියෝ අර පැටවු දෙන්නට කොටල මරා දැම්ම. 

එදා රෑ තදින් වැසි වැටුනා. උදේ බලන කොට අර මීමල් ගල් තලාව මත නැවත මතු වෙලා. මේ දුටු කුරුළු යුවළට දරාගන්න බැරි ශෝකයක් මතුවුනා.ඒ නිසා තමා උන් හඩන හඩ මේ විදිහට කියැවෙනව කියල ජනප්‍රවාදයේ කියැවෙන්නෙ..

                                           මීපුප් ලදින් - දරු නොලදින්
                                                             රන්කැටි පුතා කෝ - කෝ - !

දරු දෙන්න නැතුව සොවින් කුරුළු යුවල මිය ගියා. ඉන් පසුව ඒ දෙන්නා අළු කොබෙයියන්ව ඉපිද තාමත් පැටවු දෙන්න හොයමින් කෑ ගස ගසා යනවලු.. 

මේ ජනශ්‍රැතියට සම්බන්ද කවිය මෙන්න මෙහෙමයි...,,


                                        වෙලේ ගහේ මී ගෙනවිත් ටදාරකඩ ගල        වැනුවා
                                        වේලි- වේලි අඩුවෙනකොට දරැවන් ඇන      මැරුවා
                                        කොට්ටේරියට දරු දුක වී දිවි නහගෙන         ඇඩුවා
                                        පුබ්බේරිය පුතේ වරෙං අම්මා අඩ                  ගැහුවා

මෙවන් කතා අතින් අපේ පැරණි ජනශ්‍රැතිය නිතැතින්ම පොහොසත්ය.අපෙන් වියැකී ඇති හෙළ ජනශ්‍රැතිය මේ ගෙන්දගම් පොළෙවෙ මත ප්‍රාණ වායු ලබන්නට හුස්ම පොදක් සැපයීම මා යුතුකමකි..

              සටහන ;   ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             දෙවන වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        

                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ






Monday, October 20, 2014

පොළොන්නරු ජනශ්‍රැති..(තමන්කඩු ටීකාව)....

වැකේශන් එකෙත් කැණීම් පුහුණුවක නිසා අලුත් යමක් ලියන්නත් බැරිවුනා.ඒත් බෑ කියල බෑනි. මේක ආස කොරන වැඩේනි. ඒනිසා වැඩ අස්සෙ රාත්තිරියෙ පොඩි දෙයක් ලියන්න හිතුන.. ඕනනම් අල්ලගන්න. වැඩක් නැත්තම් අතඇරල දාන්න.

මහා පරාක්‍රම භාහු රජතුමා බොහොම දැහැමින් රට කළ රජෙක්. මෙතුමාගෙ කාලෙත් මේ රත්න දීපෙට එක එකා කෙළ හලලා තියෙනවා. මෙහෙම යුද්ධෙට යන්න සූදානම් වෙනකොට මහ රජතුමා යුද්ධෙට යන්න සූදානම් වෙද්දි තම යුධසේනාවෙ බලය වැඩි කරන්න කියල ආයුධ භාර නිලධාරියගෙන් මට සිංහල කඩුවක් දිව කීවලු.. මේකාලෙ වැළිකැට ගානට පොළොන්නරුවෙ මිනිස්සු. පොළොන්නරුවෙන් වහලෙට නගින කුකුළෙක් බහින්නෙ රුහුනෙන්ලු. මේ නිසාම මෙහාට පසුකළ සිංහල පත්තුව කීව.. කොහොම හරි සිංහළ පත්තුවෙ රජු සිංහළ කඩුවක් ගෙන යුද්ධයට යනවිට තම අත කඩුව තිබෙන තුරු බිය නොවවු කීව...මේනිසා තමන් කඩුව ලෙස  හැදින්වූවා...මෙහෙම හැදුන තමන්කඩුවට තමන්කඩුවෙ කොඩියට වලහෙකුගෙ රුවක් එකතුවුනා.මෙකටත් එක හේතුවක් තියනවා..

මහා පරාක්‍රම භාහු රජු රාජපිරිවර සමග යනවිට එක් දවසක මහා වලසෙකු පැමිණ තිබෙනව ඉදිරියට. මේ වලහ විශාලයි. දත් විළිස්සමින් රජු ඉදිරියට පැමිණි වලහව රඹකදන් පෙති ගහන්නා සේ මරා තිබෙනවා. මේ හේතුවෙන් තමන්කඩුවට වලසගෙ රූපය එකතුවෙලා තියනවා..



             සටහන ;   ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             දෙවන වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ




Monday, September 8, 2014

මින්නේරි වැවේ ජනප්‍රවාද.. (02)

  මින්නේරි ගම්මානය හා ද වැව හා ද බැදුනු බොහෝ ජනප්‍රවාද අපට හදුනා ගත හැක.මෙහි දී මෙම වැව හා සබැදි කතා පුවත් බොහෝ රසවත් මෙන්ම හරවත් ද වන්නේය. එයින් එකක් සැකවින් මෙසේය...

           මහසෙන් රජු අනුරපුර රාජ්‍යය කරන තුර මෙම පෙදෙසට ද පැමින ඇති අතර ඒ ගමනක දී මෙම පෙදෙසෙහි ගවයන්ගේ කිරි ඉතාමත් මිහිරි බව අසා තිබේ. රජු ඇමතියන්ගෙන් මේබව ඇසූ විට ඹවුන් කියා සිටියේ නියන් කාලයේ දී ගවටන් තණ උලා කෑමට පට්ටියෙන් ලිහා දමන බවත් උන් වනයේ ඈතට ගොස්          තන උලාකා වතුර බී ආපසු එන බවත්ය. එබැවින් මී කිරි රසවත් වන්නේ එම තණ කොළ වල සරුසාර බව නිසා යනුවෙනි. 
මෙහි දී රජුට එම තණ පිටිය සොයා ගැනීමට අවශ්‍යය වූ අතර රජු, ගවයකුගේ පිටේ තල ගෝනියක්බැද, එහි මුල්ලක කුඩා සිදුරක් තනා ගවයා පිටත් කරන ලදී. එවිට ගවයා ගමන්ගත් මාර්ගයේ දිගට තල ඇට වැටුනු අතර      
දින කිහිපයකින් රාත්‍රි පින්නට තල ඇට පැල බවට පත්විය. තල පැලවුන පාර දිගේ ගමන්කොට ගවයන් තණ කෑ පෙදෙසත් වතුර බිවු ප්‍රෙද්ශයත් සොයා ගත්තේය. මෙතරම් නියං කාලයකත් නොසිදී වතුරතිබෙන මෙම ස්තානයේ වැවක් සෑ දීදට රජු කටයුතු කලේය. එම ජලාශ්‍රය ආශිත ප්‍රදේශය වැල් මී  ගහන වූ නිසා ජලය මෙතරම් රසවත් විය. 
ඒ නිසා වයින්ගේ කිරි මිහිරි විය. මෙම ප්‍රදේශය මිහිරි කිරි තිබූ ගම් පෙදෙසක් නිසා මිනිහිරි ගම නම් විය. පසුව එය මින්නේරිය නම් විය.ගවයා ත හමින් ගමන්කල පාර ජලාශයට වතුර එන ඇලක් වූ නිසා එය තලවතු ඇල නම් විය. පසුකාලයේ දී එම ඇල තලාවතුර ඔය නම්විය. 

ගවයන් තල කෑමට ගිය භූමියේ මෙනේරි සරුවට වැවුන නිසා එම පෙදෙසේ සෑදූ වැව මෙනේරි වැව කියා, පසුව මින්නේරි වැව ලෙස හැදින්වූ බව ද ජනප්‍රවාදයේ පැමිනේ. මහසෙන් රජු මින්නේරි වැව සෑදීමත් සමග දසාදන ලද දාගැබ මිනිහිරි දාගැබ ලෙස හදුන්වයි. මහසෙන් විහාර දාගැබ ලෙසද එය ප්‍රචලිතය. 
අනුරාදපුරයේ රජ කළ මහසෙන් රජතුමා , වැවු බදින කාලයේ වැඩසිටියේ රිටිගල කන්දේය. රජු ගල්ලිද ගමයා හමුවී වැව බැදීමට ඉඩමක් ගෙන ඇත. සීගිරිය ප්‍රදේශය අසල ගල්ලිද නමින් දැනුදු පුරාන ගම්මානයක් ඇත.වැව බදින ස්ථානයේ සිටි රජු ඇදුම් අදින ලද ස්ථානය වර්ථමානයේ පටපිළි කන්ද නම්වේ. 
ගල්ලිද ගමේ සිටිය කයිල වලාන වැද්දා හා මයිල වලාන වැද්දා ලෙස වැදි නායකයන් දෙදෙනකු විය. මහසෙන් මහරජු වැව බැදීම ගැන වැද්දන්ගේ ශූද්ද සභාවේ සාකච්ඡා කරන ලදී. මයිල වලනෙ වැදි නායකයා රජුට විරුද්ඹ විය. ඔහු පසුව රජු අතින් මරනයට පත්විය. 
මින්නේරිය වැව හදන ලද ස්ථානයේ මීට පෙර රජුන් හත් දෙනෙකු වැව සෑදීමට උත්සාහ කලත් බැරි විය. නමුත් රජු දොළපිදේනි භාර කර, වැව සෑදීම ආරම්ඹ කලනිසා මින්නේරි වැවේ වැඩ අවසන් කළ හැකිවිය. රජුන් හතකට හදන්න බැරිවූ වැව හැදූ නිසා මහසෙන් රජු හත් රජ්ජුරු බණ්ඩාර ලෙස හදුන්වයි..

පළමු කොටසට මෙතනින්..  http://www.myarky.com/2014/08/blog-post_19.html


              සටහන  -  ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             දෙවන වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        

                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලය

Wednesday, August 20, 2014

කළුදෑකඩ දෙයියෝ....


   ඉතිහාසය තුළ නොදත් නොදකිනා දෑ සොයා යෑමේ දී දේවත්වය පිළිබද නිරන්තරයෙන් විමසීමට සිදුවේ. මෙම දෙවියන් පිළිබද කථාව ද අතීතය තුළ විසූ මහසෙන් රාජ සමයට දිවේ.මෙය පිළිබද ලියවෙන ප්‍රථම සයිබර් අවකාශ ලිපියද මෙයයි.

                                  මහසෙන් රජතුමා මින්නේරි වැව සෑදීමට බොහෝ දෙනාගෙන් උදවු උපකාර ලබා ඇත.එහිදී මෙම වැව සෑදීම සදහා යකුන් ගෙන්ද වැඩ ගෙන ඇතිබව ජනශ්‍රැතිය පවසයි. මෙහි දී මෙම වැව සෑදීමට යකුන් පොළොන්නරුව ,දිඹුලාගල වැනි ප්‍රදේශන් ගෙන් යොදවා ගෙන ඇති අතර මෙම යකුන් යොදා වැව ඉදිකර ඇත. මෙසේ වැව ඉදිකිරිමේ දී සාදනු ලබන වැවු බැම්ම නිරන්තරයෙන්ම සේදී ගොස් වැව සාදා නිමකර ගැනිමට නොහැකි විය. මෙයට කරුනු විමසා දක්ශ නක්ශත්‍ර කරුවන් ගෙන්වා පරීක්ශාවේදී ඔවුන් මෙය සිදුවන්නේ යක්ෂ බැල්ම ඇති බැවින්. එමනිසා යකුන් උදෙසා රාජ ලේඇති නර බිල්ලක් දිවයුතු බව කීවාලු. මෙය ඇසූ රජු රජ වාසල සිටි රාජ කුමාරයකු මේසදහා බිළි දීමට නියම කළ අතර මෙහිදී මෙම බිල්ල මල්මාලා දමා රෙද්දකින් වසා බිළි දීම සිදුවිය. ඇදුරන් යෙදූ උපක්‍රමයකට අනුව මෙහිදී නියම කළ රාජකුමාරයා වෙනුවට කළුදෑවෙකු සරසා රාජකුමාරයා ලෙස බිලිදීම කරාලු. මේ බිල්ලට නියම වූ කුමාරයා රහසින් කලුදෑකඩට  ගෙස් සැගවි සිටිය අතර මෙම බිල්ලෙන් පසුව වැවු බැම්ම නොකැඩී වැව සාදා නිමකළාලු. මේ හේතුව නිසා මහනේ රජු මින්නේරි දෙවියන් වූවා සේම මෙම කුමාරයා ද කළු දෑකඩ දෙවියන් ලෙස දේවත්වයට පත්වූවා ලු..   එදා මෙන්ම අදටත් මෙම දෙවියන් පිළිබද දන්නා පැරණි මින්නේරි ,පොළාන්නරු වාසී  ගැමියන් අතින් කළුදෑකඩ ෙදවි වන්දනා මානයට ලක්වේ... 


මෙය මින්නේරි වැව සම්බන්ද පැරණි එක් විශ්වාසයක් වන අතර ජනශ්‍රැතිය තුළ මින්නේරි වැව හා සම්බන්ද තවත් බොහෝ කතා ඇති අතර ඒවා ඉදිරියේ දී ..........................................

                              ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                              දෙවන වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ

Saturday, August 2, 2014

පොළොන්නරුව ගල්විහාරය..


පොළොන්නරුව ගල්විහාරයේ සැතපෙන පිළිමයට වෙඩි තැබීමේ ඉතිහාස ජනශ්‍රැති ටීකාව.






මේ ලින්ක් එකෙනුත් වීඩියෝ එක බලන්න පුලුවන්.
https://www.youtube.com/watch?v=j8J_I49D5hE&feature=youtu.be



                             ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             දෙවන වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        

                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ.