Wednesday, March 11, 2015

අතිශයින් ලාංකික ක්‍රිකට් පිස්සන්ට පමණයි....

ලෝකකුසලාන සමයේ ක්‍රිකට් උණුසුම ඔබට මෙන් මටද දැනෙන බැවින් මාගේ සුපුරුදු ක්‍රමයෙන් වෙන්ව යමක් ලියන්නට සිතුවේ මහත් කනස්සල්ලෙනි. අපේ ජාතික ක්‍රිඩාව මෙන් අපි ක්‍රිකට් වලට ආදරය කරමු. එනමුත් අපේ ඇතැමුන් මැච් එකක් බැලීමට ග්‍රවුන්ඩ් බහින්නේ සෙල්ලම් කරන අපේ කොල්ලන්ට සප්එකක් දීමට නොවේ. කොටින්ම ඇතැමුන්ට උවමනා ඉන් ආතල් එකක් ගැනීමටය. එතැනසිට බුකියට පොටෝ එකක් අප්ලෝඩ් කිරීමටය. මෙය ක්‍රිඩාවකි. සටනකි. රටට ගෞරවය ගෙන ඒම පිලිබද සටනකි. 

එබැවින් අපි මැච් එකක් බලන්නට යායුත්තතේ අපේ උන්ට මැච් එක ගහන්නට බොක්කෙන්ම සප් එක දීමටය. එනමුත් අපේ වැරදින්ම ඕස්ට්‍රේලියාව සමග පැවති මැච්එකට අපිම කෙලව ගත්තේය. 4 සීමාවෙන් එහා සෙල්ලම් කරන වුන්ට සහය වීමට ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ මෙන් අපේඋන් පිරී සිටියේය. සැබවින් සතුටකි. විටෙක ලාංකකිකයන් ග්‍රවුන්ඩ් එක අතික්ක්‍රමණය කර ඇතැයි සිතුනි. 

නමත් කණගාටුවට කරුණකි. අපි අපේ කොල්ලන්ට සප් එක දියයුතුය. එකෙක් අවුට් වන විට තරගය අපේ කොල්ලන්ගෙන් ගිලිහෙන විට අප කල යුත්තේ කෑගසා සහය වීමය. උන්ව දිරිමත් කිරීමය. එවිට නිසැකවම නැවත තරගයට පිවිසිය හැක. නමුත් ලංකාව හා ඕස්ට්‍රේලියා  මැච් එක බලන්න ගිය ඇතැම් අපේ උන් කලේ කුමක්ද?. දෙඅත් ඔලුවේ බැද නිකටේ තබා ඔහේ බලාසිටියේය. කෑගසන්නේද හූ කියන්නේද අපේ උන් 4 ක් 6ක් ගැහුවොත් අවුට් උනොත් පමනි. මේ අනුව බලන විට සිදුවී ඇත්තේ  ලාංකකික ප්‍රේක්ශකයන් ක්‍රිඩකයන් දිරිමත් කරනවා වෙනුවට ලාංකික ක්‍රිඩකයන් ලාංකික ප්‍රේක්ශකයන් දිරිමත් කිරීමකි. එනමුත් ඉංදීය කණ්ඩායම තරග කරන විට උන් දිනුවත් පැරදුනත් පිටියේ ඉංදීය ක්‍රිඩා ලෝලීන්ගේ එක හඩකි. එනම්.,  ඉංදියා........ ඉංදියා.....   යන්නමය. මෙවර අපරාජිතව උන් ඉදිරියට යන්නට රහස එයයි. එනම් ක්‍රිඩාලෝලීන්ගේ දිරිමත් කිරීමයි. ඉංදියාව පලමු වටයේ දෙවන තරගයේ අසරණ විය. එය දිනා දුන්නේ ඉංදීය ජනයයායි. 

අපේ ඇතැමුන් ඕස්ට්‍රේලියාවේ සිට ඕස්ට්‍රේලියාවටම සහය විය. ඒ උන්ගේ කැමැත්තය. පුරවැසි බාවය එරට ලැබුණද උපන්රට අමතක කරහැකිද? ලෝකයේ අපි වෙනස් ජාතියක් අපි හැමෝටම වඩා වෙනස් යැයි පවසා අපි  කෑගසයි. ඇත්ත. මෙහෙම බලන කොට අපි වෙනස් ජාතියක්.........   අපි වෙනස්ම ජාතියක්...