Wednesday, July 2, 2014

කැණීම් සදහා භූමිය සකසන ක්‍රම.

කොටු දැල් ක්‍රමය

මෝර්ටිමල් වීලර් විසින් හදුන්වා දුන් මෙම ක්‍රමයට විලරියානු පෙට්ට් ක්‍රමය ලෙසද අපර නාමයක් වේ. මෙහිදී කැණීම් ප්‍රෙද්ශය නිසියම් ක්‍රමවේදයකට අනුව කොටු වලට බෙදා කැණීම් කටයුතු සිදුකරයි.මීටර් 10ප්‍රදේශයක් සාමාන්‍යය කොටු 09 කට බෙදා පස් කණ්ඩියක් ඉතුරු කරමින් කැණීම් සිදු කරයි.මේවායේ දිග පළල පිළිබද නිශ්චිත නැත. එය භූමිය සම්පත් යන සාධක මත පුරා විද්‍යා අධීක්ෂණ තීරණය කරයි. 
මෙහි පියවර ලෙස,

  • භූමිය සදහා අක්ස නිර්මාණය කිරීම.මුලින්ම කාර්තු 04 කි.
  • නැවත dubhy level එක හෝ  teodolight එක භාවිතයෙන් 30m* 30m  කොටු වලට බෙදීම.
  • එම කොටු යාකිරීම හා කොටු අංක ගත කිරීම
  • කැණීම් කිරීමට අවශ්‍යය කොටස් 283න් 3/1 cm කොටුවක් යොදා එහි වටේට 25 cm ඉතිරි කල යුතුය.


කොටු දැල් ක්‍රමයේ වාසි.

  • පස් කණ්ඩිය පස් ඉවත් කිරීමට පහසුව සලසයි
  • පස් කණ්ඩිය උපකාරීත්වයෙන් පස්වල ව්‍යාප්තිය අධ්‍යයනය කිරීමට අවබෝධ කර ගැණීමට අවස්ථාව උදාවේ.
  • දත්ත වාර්ථා ගතකිරීම පහසුය
  • ක්‍රමවත් අයුරින් කැණීම් දියත් කිරීමට හා  සැළසුම් ඇදීදට හැක.


අවාසි

  • පස් කණඩි හේතුවෙන් පුරා වස්තු මග හැරීම
  • ගොඩනැගිළි ආදිය වාර්ථා කිරීමට අපහසු වීම.
  • ඉවුරු කොටස් කඩා වැටීම

විවෘත ක්‍රමය


මෙය පිල්ප් බාකර් විසින් වැඩි වශයෙන් භාවිතා කරන ලද ක්‍රමයකි. වත්මනේ බහුල ලෙස මෙම කැණීම් ක්‍රමය ප්‍රියතාවෙන් යුත්තව කැණීම් කරුවන් ළාවිතා කරයි.මෙහි දී කැණීම් සිදු කිරීමට ප්‍රථම භූමිය අංකනය කරයි.කොටු දැල් ක්‍රමය මෙන් නියරක් ඉතිරි නොකරයි.මෙම ක්‍රමයේ දී 1,2,3 ආදී වශයෙන් හෝ අවිධිමත් අයුරින් කැණීඹෟ දියත් තිරීමට හැක.

වාසි

  • සියලු පුරාවස්තු එකවර ගොඩගැණීමට හැක.
  • පහසුවෙන් කැණීම් කර හැක.
  • විශාල ප්‍රෙද්ශයක් පිළිබද එකවර අවබෝධ කරගත හැකි වීම.


අවාසි

  • මිණුම් ගැනීමේ අපහසුතා ඇතිවීම
  • කැණීම් කටයුතු සාපේක්ෂව අපහසු වීම
  • පස් ඉවත් කිරීමේ අපහසුව
  • පුරා වස්තු කඩිනමින් සංරක්ෂණයට යොමුවිය යුතුවීම
  • වර්ෂා අවස්ථා වලදී ජලයෙන් විෂාල ලෙස හානි වීම



කාර්තු ක්‍රමය

ගොඩැල්ලක් නිශ්චිත දිගක් පළලක් ඇතිව කාර්තුවලට බෙදා ගනිමින් කැණීම් කරයි.පළමුව එක් කොටසක් කැණීම් කරයි.එමගින ගබා ගන්නා අවබෝදය මත ඊට ප්‍රති විරැද්ධ කොටස හා පසුව අනෙක් කොටස් කැණීම් කරයි.


අගල් ක්‍රමය
ඉතා විශාල ප්‍රදේශයක පුරා විද්‍ය්‍යාත්මක තත්වය අවබෝධ කර ගැණීම සදහා මෙම ක්‍රමය යොදා ගත හැකිය.දිග වැඩි පළල අඩුව නිශ්චිත දිශානතියකින් යුත්තව අගල් වි්‍යාප්ත කරයි. හරප්පා ශිෂ්ටා චාරය හා එච් සුසාන භූමිය අතර සලදතාව තේරුම් ගැණීම සදහා අගල් කැණීම් එම ස්ථාන දෙක අතර වි්‍යාප්ත කරන ලදී.


ජලාශීත පුරා විද්‍යා කැණීම්

දිය යට පුරා විද්‍යා කැණීමක දී මුහුදු පත්ලේ තැම්පත් වී ඇති පුරා වස්තු සොයා කැණීම් දියත් කරයි.මෙහි දී ගිලාබත් වූ නැවු කොටස් ආදිය සොයා පර්යේශන දියත්වේ.මෙම දිය යට කැණීම් වලදී ඩ්‍රෙජ් නම් උපකරණය පාවිච්චි කරයි.මෙමගින් පස ඉවත් කිරීම සිදුකරයි.

   මෙහි දී ගවේශනය කරනු බන නැවේ සීමාව ලකුණු කර ගැනීම සිදු කරයි.දියයට කැණීම් වලදීද ගොඩ බිම සේ දත්ත ලක්ෂයක් ලකුණු කරයි.බාර් එකක් ආදාරයෙන් සෙන්ටර් පොයින්ට් එක සාදා ගනී.මෙහිදී නූල් ගසා හෝ ටේප් එකක් සෙන්ටර් බාර් එකට තබා මිනුම් කර අදී. 



  සටහන-   ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                              දෙවන වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ.
                                                                                      
                                                                                                                              

No comments:

Post a Comment

Comments system

Disqus Shortname