Friday, December 11, 2015

වැහි දෙයියොයි.. බලි රූපයි. වැහි බලි යාගයයි....

හපොයි. හොදටම වැස්ස...........  කස්ටියටම වැස්ස දැන්නම් ඇතිවෙලා වගේ. ඒත් මේ වැස්ස පුරාණ ගැමියාට නම් ආශිර්වාදයක්ලු.

 අහසින් වටෙනා එක ජල බිදකුදු මහ මුහුදට නොම යවන ලෙසින් ,
මහ වැව් තැනුවේ හෙළ රජ දරුවන් ......
බත බුලතින් සරු කරන හෙටින්...

කොහොම නමුත් වැස්ස හැම කාලෙටම ලැබෙන් නෑ. සිංහල ජනශ්‍රතියෙත් වැස්ස හා සම්බන්ධ රසවත් ජන කතා අභිචාර විදි බොහොමයි. මේ කියන්නෙත් මං පොඩි එකා කාලෙ අහපු එහෙවු කතාවක්.

දැන්නම් හොදටම වැස්ස උනත් වැසි නැති කාලෙට ලාංකික ගැමියගෙ ජීවන රටාව එහෙම් පිටින්ම වෙනස් වෙනවා. ගොවි තැන් බතක් කරගන්න බෑ. ඉතින් ඔබේ මගේ ආතලා,  මුත්තලා ඒ කියන්නෙ අපේ මුතුන් මිත්තෝ වැසිලබා ගන්න බලි රූප භාවිතා කරලා තියනවා. මේ ක්‍රියාවෙ එකක් තමයි වැහි බලිය නටන එක.



පොළොව ඉරි තැලිලා ගිය වැසි නැති කාලෙ වැස්ස ලබාගන්න නොයෙක් ක්‍රම භාවිතා කරලා තියනවා. පෙරහර ඇතිවීමත් මේ ක්‍රියාවෙ එක් අවස්ථාවක්. කොහොම හරි නියං සමයෙදි ගමේ වැඩි මහළු පිරිමි එකතු වෙලා හුඹස් මැට්ටෙන් බලි රූප දෙකක් හදලා තියනවා. වැව් පිට්ටනියෙ මැටිත් මේකට භාවිතා කරලා තියනවා. මේව නිරුවත් දේව පිළිම. කාන්තා හා පිිරිමි විදිහට. . කොහොමින් හරි ගමේ පිරිමි පමනක් සම්බන්දවෙලා කරන මේ වැඩේ දී මෙම පිළිම දෙක හවස් යාමෙදි වැවු පිට්ටනියට ගෙනිහින් තියනවා. සමහර පෙදෙස් වල දේවාලයේ දේව පිළිමය භාවිතා කරලත් තියනවා. ඒ පිළිමය බිම වැල් පොටකින් ගැට ගහන් බිම ඇදන් ගිහිනුත් තියනවාලු. කොහොම හරි මේ වැඩේට සම්බන්දවන සියළුම පිරිමි නිරුවත්වයි මේකට සම් බන්ධ වෙන්නෙ. මෙහෙම ගෙනිහින් පිරිමි  හවස් වරුවෙ වැව් පිට්ටනියෙදී ම  කාලා බීලා නටලා සතුටු වෙලා  වැවු පිට්ටනියෙ අර නිරුවත්ව හදපු බලි රූප දෙක තනි කරලා රෑ වෙද්දි තමන්ගෙ ගෙවල් වලට එනවා.

ඉතින් මේ තමන්ගෙයි,දේවියගෙයි රූප දෙක දකින දෙවියො මේ රූප දෙක තවත් අය පහුවදා උදේට දකියි කියලා මහා වරුසාවක් රාත්‍රිෙය්ම ඇද හැලෙනවාලු. බලි රූප දෙක විනාශ වෙන්න. ඉතින් වැහි වතුරට පිළිම දෙක දියවෙලා ගිහින් ඒ එක්කම වැවත් පිරෙනවාලු. මේ හේතුවෙන් ඇළ දොළ පිරුණු පසු ගැමියන්  නියගයට තිත තියලා නැවතත් තම ගොවිතැන් බත් තරන්ට පටන් ගන්නවා.මේක රජරට වැව් ගම්නමාන වාසීන් කරලා තියන දෙයක්. මින්නේරිය පොළොන්නරුව වැනි පැතිවල දුරාතීතයේදී මේ යාතුක්‍රම සිද්දවෙලා තියනවා. හැබයි මේ එකම වැහි බලිය එක එක පැතිවල වෙලා තියෙන්නෙ එක එක විදිහට. වැහි බලියට කලින් කරපු බලිත් තිබිලා තිනවා.  


සුද්ද ලෙසට අඩුක්කුගති මේ ගමේ මහ දෙයියෝ
නින්ද ගමේ වන් විපතට පිටු පෑවද දෙයියෝ
බද්ද රාළ අමුඩ කොටේ ගලවාගෙන අයියෝ
සද්ද නොකර වහං උනයි වැහි ගම්පල දෙයියෝ

මලේ බඹරු ලෙස පිරිවර ලැබුනයි පෙර කාලේ
ජලේ ගසා පීනායති නාඹරයන් එකලේ
බලේ කොයිද වළං තැලිව හිදලා ගං පතුලේ 
කුලේ බලය නහ ගත්තයි වැහි ගම්පල රාලේ

වැහැපන් දෙයියා කහපං දෙඤ්ඤං
දොරකඩ පොල්ගහකින්දෙම දෙඤ්ඤං
හාඩං මීගෙන් බානක් දෙඤ්ඤං
තනිකඩ අක්කා දීගෙට දෙඤ්ඤං

කොහොමින් හරි බලියෙන් අසතුටු දෙවියන් සතුටු කරලා දෙව කෝපයෙන් වැස්ස ලබා ගෙන තියනවා අපේ මුතුන් මිත්තන්.............


සටහන ;                 ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ

------ ---------------------------------

6 comments:

  1. අහම්බෙන් හම්බුන ලිපියක්. නියමයි. දිගටම ලියහන්.උඹට ජය............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යහළුවා.

      Delete
  2. /වැහැපන් දෙයියා කහපං දෙඤ්ඤං
    දොරකඩ පොල්ගහකින්දෙම දෙඤ්ඤං
    හාඩං මීගෙන් බානක් දෙඤ්ඤං
    තනිකඩ අක්කා දීගෙට දෙඤ්ඤං/

    මේ වගෙ කවියක් සිබිල් වෙත්තසිංහගෙ බින්දු පත්තරේ තිබ්බා. මෙන්න මෙහෙම:

    රුන්දත්තරිකිට කැත්තක් දෙන්නං
    හාන්ඩ මීගොං බානක් දෙන්නං
    දොරකඩ පොල්ගහ ගන්ඩම දෙන්නං
    මගෙ මුක්කං දුව දීගෙට දෙන්නං

    ReplyDelete
    Replies
    1. හරියට හරි.‍ ඒක තමයි මම කීවෙ. ගමෙන් ගමට මේ කවි කන්නලවු වෙනස් වෙනවා. මේවගේ කවි බොහොමයි. වැහි බලියට කලින් කියන ඒවා, හෙලුවැලි බලියෙදි කියන කවි, පසුකවි විදියට. මේක ලොකු වපසරියක් ස්පර්ශ කරනවා...

      Delete
  3. හොඳ බ්ලොගයක්. බ්ලොග් පවර් එකට ඇඩ් කලා.
    www.blogpower.info

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා.. =D =D

      Delete

Comments system

Disqus Shortname