Monday, September 21, 2015

A9 දිගේ යාල්පානම් බලා දෙවන දවස..

 යාපනේ සංචාරයේ දෙවන දවස මං ආරම්භ කරන්නෙ වැල්වැටිතුරෙයි වලින්. පළමු කොටස මෙතනින්. http://myarky.blogspot.com/2015/09/a9-01.html   කොහොම හරි මං මේ තැන් ගැන ලියන්නෙ ඔබත් යාපනේ යනවනම් බැලිය යුතුම තැන් විදිහට. මොකද මේ තැන් ඔබට ගොඩක් දුරට මගහැරෙන නිසා.

දෙවන දවසෙ මං උදෙන්ම ගියෙ මනල්කාඩු ක්ෂේත්‍රයට. සිංහල අර්තය ගත්තොත් වැලි කැලේට. ඇත්තටම මෙතන වැලි කැලයක්ම තමා. සුවිශේෂි ගෘහ නිර්මාන ලක්ෂණ පෙන්වන ගොඩනැගිල්ලක් මෙතන තියෙනවා.


මනල්කාඩු ආශිතවම තවත් පුරාවිද්‍යාත්මක වැදගත් බිමක් හදුනාගන්න පුළුවන්. මෙතරම් විශාල පෙදෙසක් පුරාවට වළංකටු විසිරිලා තියෙන්නෙ. මෙවැනි බිමක් ලංකාවෙ වෙන තැනකින් හමුවෙන්නෑ. මුහුදු හුළං වලට වලං කටු මතුවෙලා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මේසා විශාල එකතුවක් මගේ ජීවිතේ දැක නෑ.


                                                   

                                                                                








මින් අනතුරුව ඔබට යන්න පුළුවන් තැනක් තමයි ලගම තියන මණක්කායි වෙරළ.එතනින් බොහොම අඩුවට කකුළුවෝ ගන්න පුළුවන්. මාදැලක් අදින්න උදවුවෙලා නිකන් මාළු කූරියෙක් දෙන්නෙක් ගන්නත් පුළුවන්. මාත් ඉතින් මාදැලක් ඇද්දා.............





අනතුරුව ඔබට යන්න පුළුවන් තැනක් තමා ලංකාවෙ ඉහලට. ඒ කියන්නෙ පේදුරුතුඩුවට. 



මින් අනතුරුව පේදුරුතුඩුවෙ තියන සුවිශේෂි අම්බලමක් බලන් පුළුවන්. ඒ තමා තෙරුමුඩි මඩම් අම්බලම. මේක සුවිශේෂි එකක්. අම්බලම මැදින් තියෙන්නෙ ප්‍රධාන මාර්ගය. පාර දෙපැත්තෙ තමා අම්බලම. මෙන්න අම්බලම.




මේ ටික බලන කොට දවල් 12 විතර වෙයි. ඒනිසා ඔබට වල්ලිපුරම් කෝවිලෙන් දවල් ආහාරය ගන්න පුළුවන්. සමහරවිට ඔබට ඒක වෙනස්ම අත්දැකීමක් වෙයි.



දවල්ට කාල එහෙම යන්න පුළුවන් තැනක් තමා මයිඩියතනෛ ක්ෂේත්‍රය. මෙතන පුරාවිද්‍යාත්මක තැනක් වේන්නත් පුළුවන්. මේවගේ ක්ෂේත්‍රයක් වෙන කිසිම තැනක මංනම් දැකල නෑ.




යාපනේ ඇවිදිනකොට මට හමුවුන තවත් දෙයක් තමයි හුණුගල විද සකස් කර ගත් ලිං කීපයක්. ලිං කීවට මේව වතුර ගන්න සකස් කරගත්ත වලවල් . සොභාදහමෙන් නිමවුවන වලවල් පස්සෙ කාලෙක මිනිස්සු භාවිතයට ගෙන තියෙන බවක් පේන්න තියෙන්නෙ.




හිංදූන් ගවයාට බොහොම ගෞරවයෙන් සලකන්නෙ. පාර දෙපැත්තෙ පුරාණයේ ජනයා ගවයන්ට වතුර බොන්න හදපු ලිං ලග වතුර රදවන දැක ගන්න පුළුවන්. නමුත් යාපනයට පමණක්ම ආවේණික දෙයක් ලෙස හිතන්ට පුළුවන් ගල් කණු විශේෂයක් මේ ආශිතව තියෙනවා. මේව හදල තියෙනනෙ වතුර බොන්න එන ගවයාගේ බෙල්ල ගල් කණුවෙ අතුල්ලා කසා ගන්න. මේව පිං පිණිස හදල තියෙන දේවල්.


මේටික බලනකොට ඉතින් දෙවන දවසත් ඉවරයි. ආආ ..........මීට අමතරව යාපනේ පුස්තකාලය, විවිධ කෝවිල්, අලිමංකඩ , පුරාවිද්‍යා‍ෙකතුකාගාරය, කංකසන්තුරේ ,. නාන්න පුළුවන් හොද වෙරළවල් මේ වගේ තැන් බලන්න පුලුවන්. මේව හැමෝම බලන තැන් නිසයි මං සදහන් කරේ නැත්තෙ. එහෙනම් යාපනේ ගියොත් මේ තැන් ටිකත් බලන්න අමතක කරන්න එපා. මෙන්න යාපනේදි මගේ ඇසට අහුවුන දේවල් ටිකක් මෙන්න.













සටහන ;                 ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ


------ ---------------------------------

Thursday, July 2, 2015

සැබෑ එක්ටැම් මාලිගය කොහිද?

මේක මං ලියපු පොඩි ලිපියක්. ලංකාදීපෙ ගියා . කියවල බලන්න..http://www.lankadeepa.lk/index.php/articles/329221

සටහන ;   ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ

Thursday, June 4, 2015

එදා උත්තරාරාමය වූ අද ගල් විහාරය.....


පොසොන් කාලෙ නිසා ගල් විහාරෙ සූ .... ගාලා සෙනග. බුද්ධාලම්භන ප්‍රීතියෙන් එනවද නැද්ද දන්නෑ. ඒත් ගල් විහාරෙ වදින්න බලන්න ආව කොලු කුරුට්ටො සෙට් එකක් වැව ලග වෙස්මූනක් දාන් නටනව දැක්ක.කෝක වෙතත් ගල් විහාරෙට මාත් ගොඩවුනා.  ඒත් අපේ සමහරක් බලන්ට ආවට මේක ගැන විස්තර දන්නව අඩුයි. ඒ නිසා පොඩියට යමක් කින්න හිතුන. 
පොළොනරු රාජ්‍යය සමයේ මහා පරාක්‍රම භාහු රජු හදපු තැනක් තමා මේ. වංශ කතා විමසා බලන කොට කිසිම තැනක ගල් විහාරෙ කියල සදහනක් නෑ. චෝල යන් අනුරාධපුර රාජධානිය විනාස කොරල ජනනාතපුරම් කියල බල පෙදෙසයක් හදාගත්ත. පාලනේ ගෙනියන්න. මහා පරාක්‍රම භාහු රජුකල මෙහෙ පෙළොන්නරුව වුනා. එදා ගල් විහාරෙ හදුන්වල තිබ්බෙ උත්තරාරාමය කියලා. හැබයි ගොඩක් දෙනෙක් හිතන්නෙ ගල් විහාරෙ කියන්නෙ මේ සමස්ත භූමිටම කියල. උත්තරා රාමයට අයිති කොටහ තමා ඔබ දන්න ප්‍රතිමා සතර තියන තැන.අර කඩු ගන්නාව ගල තිනෙ තැන.. ඒ තමා උත්තරාරාමය. නැත්තම් ගල් විහාරය. 





අනෙත් ටික ආලාහන පිරිවෙන කොටසට අයිති. කලින් ඉදන් එහෙමයි. කවුරුත් මේ පිළිම බලල තියෙන නිසා මේ ගන පොඩ්ඩක් කියන්නම්.

මේ පිහිටි ගලේ ප්‍රතිමා සතරක් තිනෙවා. පෙර ගල්කැටයම් කරුවගෙ නිසග හැකියාව මැනවින් පෙන්වන මේ පිළිම එදා මෙදාතුර විවාදට තුඩු දුන්නක්. පලමු පිළිමය හිදි පිළිමයක් වන අතර ඉන් පසුව හම්බෙන්නෙ විද්‍යාධර ගුහාව. මෙම ගුහාව තුල නැත්නම් කුටිය තුල අලංකාර ප්‍රතිමාවක් නෙලල තියනවා. මෙම කුටිය සම්පූර්ණයෙන් චිත්‍ර වලින් අලංකාර කර තිබුන බවට සාධක තාමත් තියෙනවා. 



විවාධයට තුඩු දුන් ප්‍රධාන පිළිමය තමා හිටි පිළිමය. මේ ගැන විවිධ මත එකිනෙකා දරනව. කොහොම වෙතත් මා ත් දෙයක් කියන්න කැමති.විවිධ මුද්‍රා ගැන කතා කිරීමේ දී වැදගත් මුද්‍රාවක් තමා මෙහි නිරූපිත.
වැළමිටෙන් ඉදිරියට නැමූ දෑත ළය මත බැඳගෙන සිටින ආකාරය දැක්වෙන මුද්‍රාව පර දුක්ඛ දුක්ඛිත මුද්‍රාව ලෙස හැඳින්වේ.ඇතැමෙක් මෙම පිළිමයෙන් නිරූපිත ආනන්ද හිමි කියලත් කියනවා. ඒක එහෙම වෙන්න සාධාරන හේතු නෑ. ප්‍රතිමා කලාව දෙස බලන කොට සුපිපි නෙලුමක් මත නිර්මාණය කරන්නෙ බුදු පිළිමයක් පමනයි. අනෙක් හිමිවරු එහෙම නිරූපිත බවක් අපිට මුල් කාලයේ හමුවන්නෑ. අනෙක අක් බමරු කෙස්, ඌර්ණ රෝම ධාතුව මේව බුද්ධ ප්‍රතිමාවක ලත්ෂන. බොහෝ දෙනා මේ ප්‍රතිමය වත්මනේ තිබෙන ආකාරය අනුවයි ආනන්ද හිමි බුද්ධ පිරිනිවන දැක දුක් වන අවස්තාවක් කියන්නෙ. පිළිම දෙක එක ලග පෙලට තියෙන්නෙ අද. නමුත් පෙර රජ දවස මේව වෙන වෙනම කුටි විදිහටයි තිබිල තියෙන්නෙ. ඒ බවට පුරාවිද්‍යාත්මක සාධක තවමත් දැක ගන්න පුලුවත් . 

මෙම ප්‍රතිමා අතරින් වෙන වෙනම බැමි තිබිල තියනව. ඒබව තවමත් හොදින් පේනව.අනෙක් කාරනය
පොළොන්නරුව ගල් විහාර බුද්ධ ප්‍රතිමා අතර දක්නට ලැබෙන හිටි බුද්ධ ප්‍රතිමාවේද, මහනුවර සම්ප්‍රදායේ බිතු සිතුවම් අතර ඇඳි අනිමිසලෝචනය දක්වන බිතු සිතුවම් වලද මේ පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව යොදා තිනෙව


මෙම පුතිමා රත් වීම වැලක් වීමට මේ පිළිම නෙලල තියෙන ගලට ඉහලින් පොකුණක් තියෙනනලු. සැතපෙන පිළිමය ගැන විස්තර විස්තරාත්මකව කලින් වීඩියෝ එකකින් මං කරල තියෙන නිසා ඒගැන කියන්න ඕන්නෑ කියල හිතනවා. 

අද වාහන වල ගියාට එදා පොඩි එකා කාලෙ  ආත එක්ක පරාක්‍රම සමුද්දරේ ලගින් ගොඩවෙලා රුක්ගොමු අස්සෙන් ගම්බාර දෙයියන්ට අත්තක් එල්ලලා පලු වීර ගෙඩි කකා ආතා ගෙන් ගල්විහාරෙ ගැන කතා අහගෙන පයින්ම ගිහින් හවස සමුද්දරෙන් නෑව අතීතෙ සුවද තාමත් මතක් වෙනව ගල් විහාරෙට ගොඩවෙනකොටම. 

අනේ එහෙම කාලයක්................................................................

(මේකෙන් ගල් විහාරෙ පිරිනිවන් මංචකය ගැන  බලන්න.. http://www.myarky.com/2014/08/blog-post.html )

සටහන ;   ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             තෙවන  වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ

Tuesday, May 19, 2015

අපට මගහැරුනු කවි......නාරි කැටයම්..


                                             

                                                              හෙළ කැටයම් කරුවා නිතැතින්ම කැටයමෙහි අති දක්ෂ විය. දැනුදු අපි නොදන්නවා විනා එවැනි උන් නැතුවානොවේ. කියන්ට අවශ්‍යය මෙයයි. පැරණි කැටයම් කරුවන් තමා නිරන්තරයෙන් දකින දෑ අපූර්ව ලෙස පරිකල්පනයෙන් යුතුව කැටයමෙහි යෙදීමට නිරන්තරයෙන් උපන් හපන්කම්පා ඇත. මෙලෙස බිහිවූ පරිකල්පන නිර්මාණාත්මක කැටයම් අතර නාරි රූ උපයෝගයෙන් කළ කැටයම් සැබවින්ම අගනේය. මේවා පැරන්නන් මුඛ පරම්පරාවෙන් කවි ලෙස පරපුරට දායාද කළ අතර එහි කවු රස අපට බැරිවිය. මන්දයත් කාලයා සමග ඒවා වැලලී යාමයි. එවන් කවු කීපයක් මෙලෙස ටීකාවට නගන්නට රිසිය. 


                        චතුර් නාරි පල්ලක්කිය. 


කෙල්ලන් අතට ගෙන මද හුගෙ රුව                අදින
ඇල්මක් තොවිලියො යම් තැන පසර               වෙන
ගොල්ලක් සේම යෙති සේ සත් ලබා                ගෙන
පල්ලක්කියට සැදුනෝ ලිය සතර                     දෙන

නාඹර ගැටිස්සියන් සතර දෙනෙකුගේ එකතුවෙන් සැදුන මෙය පුරාණ කැටයම් කරුවාගේ අපූර්ව පරිකල්පනයක් ලෙස ගිනිය හැක. පඤ්ච නාරි ඝටය ද එවැනිම වූ අංගයකි..

                       පඤ්ච නාරි ඝටය.

සතක නාරි පරසිදු ලකය දැන                        ගෙන
ඉච්ච නාරි කෙල්ලක් අතට   ඇර                    ගෙන
ලච්ච නාරි ලියො පස් දෙනකු බැද                 ගෙන
පඤ්චනාරි ඝට අදු ලකුණු දැන                      ගෙන

  

ආදුනික කැටයම් කරුවා තමාගේ වූරුවට මෙයට අනුගතව ගස් කදන් මත අවැසියාව අනුව තම කැටයම කරන්ට ඇති ...අතීතයේ දී...



සටහන ;   ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             තෙවන  වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ

Saturday, May 16, 2015

මත් නොවන රාවනා ගුලි.................


                                                                 කල්ප කාලෙකට පසුව යමක් ලියන්ට ඕනි කියල හිතුන නිසා පොඩ්ඩක් වෙනස් පැත්තක් ගැන ලියන්ට හිතුන. ගුලි කියපු ගමන් අපේ සම හරක් ට මතකෙට එන්නෙ වෙන එකක්. කෝක උනත් අද කියන්න යන්නෙ රාවනා ගුලි කියන දේ ගැන. සයිබර් අවකාසෙ මේක ගැන නම් ඕන තරම් කියල තියනව. මේව හිරි ගල්ලු , පාසි ලු . මේව ඔක්කම අබරපු එකකලු. අනේ මංදා.

කොහොම හරි වැකේෂන් එකේ ට්‍රේනින් දාල ඉන්න ගමන් මේක ගැන යමක් ලියන්න හිතුන. මං මේකට රාවනා ගැන නොකිය මගේ ඉගන ගන්න සබ්ජෙක්ට් එකට අදාලව මානවවංශ පුරාවිද්‍යාව තුලින් පොඩ්ඩක් මේක ගැන බලන්න හිතුවා...

පැරනි තොරතුරු විචාරා බලනකොට අපේ ඇත්තො ලග විවිද බෙහෙත් තිබුනා. මේව පාරම් පරිකයි. පිට දෙන්නෑ. සමහරක් බෙහෙත් වර්ග ලියල තියෙන්නෙ වෙනම නමකින්. අන් වර්ථනාම. හරියට කැම්පස් එකේ කාඩ් දානව වගේ. කොහොම හරි රාවනා ගුලි ගැන හොයද්දි මට පරන වදන් වගයක් හම්බුනා.මේක නම් ගැමි වදන් පෙලක්....


"රාවනාගෙ බෙහෙත් ගුලිය හැමටම සත්තයි
හිරිගල් පාසියෙන් ඇබරූ බව ඇත්තයි
සීතා දේවි කැන්දාආ  බව සත්තයි
සීතා ගුහාවේ සැගවුනු බව සත්තයි"

මේකෙ කියන විදියට මේව හිරි ගල් පාසි මේව ගෙන් හදපු දෙයක්... තවත් ගැමි කතාවක කියනව රාවනා බත් ගුලි කර විසිකරා ඒව තමා මේ රාවනා ගුලි කියලා.. කවුරු කීවත් ගොඩක් වුන් රවනා ගුලි දැකල නෑනි. මෙන්න මේවටයි රාවනා ගුලි කියන්නෙ..




මේක බොහොම අමාරුවෙන් හොයා ගත්තෙ. මේව හම්බෙන්නෙ පොලවෙ තිබිලලු. මට නම් හිතෙන්නෙ මේක අල වර්ගයක් කියල. පිට පොත්තවගේ ලාවට. දුබුරු පාටට හුරුයි. මේව දැනුත් මිනිස්සු පාවිචිචි කරනව. හැබයි තියන කෙනෙක් කියන්නෙත් නෑ..... දෙන්නෙත් නෑ.......

මේක බඩේ අමාරුවටයි කන්නෙ. මටත් ඉතින් ඔයවගේ එකක් දැක්කම පුදුම බඩේ අමාරුවක්නෙ තියෙන්නෙ. මාත් පොඩ්ඩක් ටෙස් කොරා. ඔය තියෙන්නෙ කාපු කොටහ.

මේක ඇතුල සුදු පාටයි. අර රාවනා බත් ගුලි විසිකරපු කතාව ඇත්තක්ද කියලත් වෙලාවක හිතෙනවා. මෙකද මේකෙ රස බත් වගේමයි. බත් කීවට පොල් වගේ. අනේ මංද ඔය දෙකම වගේ. එතකොට ඉස්සර බතුත් අද කන එවුව වගේමද??? ඒක ගැන පොඩ්ඩක් හොයන්න ඕනෙ.... මේ වෙලාට තමා ඩෙසිනේෂන් එකට මේවගේ මොකක් හරි කොරන්ට හිතෙන්නෙ..  

කොහොම හරි මට ඕනෙ වුනේ රාවනා ගුලි  කියන්නෙ මොනාද කියල පෙන්නන්ට. අදින් පස්සෙ නම් රාවනා ගුලි පොටෝ ගොඩක් තැන්වල තියෙයි. හැබයි ඒ තැන් වල මගේ අතේ පොටො එකත් තියෙයි. ඒත් නැති වෙයි. . පොටෝෂොප් තියනවනෙ. (හිහ්...)

සටහන ;   ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             තෙවන  වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ

------ ---------------------------------