Monday, September 21, 2015

A9 දිගේ යාල්පානම් බලා දෙවන දවස..

 යාපනේ සංචාරයේ දෙවන දවස මං ආරම්භ කරන්නෙ වැල්වැටිතුරෙයි වලින්. පළමු කොටස මෙතනින්. http://myarky.blogspot.com/2015/09/a9-01.html   කොහොම හරි මං මේ තැන් ගැන ලියන්නෙ ඔබත් යාපනේ යනවනම් බැලිය යුතුම තැන් විදිහට. මොකද මේ තැන් ඔබට ගොඩක් දුරට මගහැරෙන නිසා.

දෙවන දවසෙ මං උදෙන්ම ගියෙ මනල්කාඩු ක්ෂේත්‍රයට. සිංහල අර්තය ගත්තොත් වැලි කැලේට. ඇත්තටම මෙතන වැලි කැලයක්ම තමා. සුවිශේෂි ගෘහ නිර්මාන ලක්ෂණ පෙන්වන ගොඩනැගිල්ලක් මෙතන තියෙනවා.


මනල්කාඩු ආශිතවම තවත් පුරාවිද්‍යාත්මක වැදගත් බිමක් හදුනාගන්න පුළුවන්. මෙතරම් විශාල පෙදෙසක් පුරාවට වළංකටු විසිරිලා තියෙන්නෙ. මෙවැනි බිමක් ලංකාවෙ වෙන තැනකින් හමුවෙන්නෑ. මුහුදු හුළං වලට වලං කටු මතුවෙලා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මේසා විශාල එකතුවක් මගේ ජීවිතේ දැක නෑ.


                                                   

                                                                                








මින් අනතුරුව ඔබට යන්න පුළුවන් තැනක් තමයි ලගම තියන මණක්කායි වෙරළ.එතනින් බොහොම අඩුවට කකුළුවෝ ගන්න පුළුවන්. මාදැලක් අදින්න උදවුවෙලා නිකන් මාළු කූරියෙක් දෙන්නෙක් ගන්නත් පුළුවන්. මාත් ඉතින් මාදැලක් ඇද්දා.............





අනතුරුව ඔබට යන්න පුළුවන් තැනක් තමා ලංකාවෙ ඉහලට. ඒ කියන්නෙ පේදුරුතුඩුවට. 



මින් අනතුරුව පේදුරුතුඩුවෙ තියන සුවිශේෂි අම්බලමක් බලන් පුළුවන්. ඒ තමා තෙරුමුඩි මඩම් අම්බලම. මේක සුවිශේෂි එකක්. අම්බලම මැදින් තියෙන්නෙ ප්‍රධාන මාර්ගය. පාර දෙපැත්තෙ තමා අම්බලම. මෙන්න අම්බලම.




මේ ටික බලන කොට දවල් 12 විතර වෙයි. ඒනිසා ඔබට වල්ලිපුරම් කෝවිලෙන් දවල් ආහාරය ගන්න පුළුවන්. සමහරවිට ඔබට ඒක වෙනස්ම අත්දැකීමක් වෙයි.



දවල්ට කාල එහෙම යන්න පුළුවන් තැනක් තමා මයිඩියතනෛ ක්ෂේත්‍රය. මෙතන පුරාවිද්‍යාත්මක තැනක් වේන්නත් පුළුවන්. මේවගේ ක්ෂේත්‍රයක් වෙන කිසිම තැනක මංනම් දැකල නෑ.




යාපනේ ඇවිදිනකොට මට හමුවුන තවත් දෙයක් තමයි හුණුගල විද සකස් කර ගත් ලිං කීපයක්. ලිං කීවට මේව වතුර ගන්න සකස් කරගත්ත වලවල් . සොභාදහමෙන් නිමවුවන වලවල් පස්සෙ කාලෙක මිනිස්සු භාවිතයට ගෙන තියෙන බවක් පේන්න තියෙන්නෙ.




හිංදූන් ගවයාට බොහොම ගෞරවයෙන් සලකන්නෙ. පාර දෙපැත්තෙ පුරාණයේ ජනයා ගවයන්ට වතුර බොන්න හදපු ලිං ලග වතුර රදවන දැක ගන්න පුළුවන්. නමුත් යාපනයට පමණක්ම ආවේණික දෙයක් ලෙස හිතන්ට පුළුවන් ගල් කණු විශේෂයක් මේ ආශිතව තියෙනවා. මේව හදල තියෙනනෙ වතුර බොන්න එන ගවයාගේ බෙල්ල ගල් කණුවෙ අතුල්ලා කසා ගන්න. මේව පිං පිණිස හදල තියෙන දේවල්.


මේටික බලනකොට ඉතින් දෙවන දවසත් ඉවරයි. ආආ ..........මීට අමතරව යාපනේ පුස්තකාලය, විවිධ කෝවිල්, අලිමංකඩ , පුරාවිද්‍යා‍ෙකතුකාගාරය, කංකසන්තුරේ ,. නාන්න පුළුවන් හොද වෙරළවල් මේ වගේ තැන් බලන්න පුලුවන්. මේව හැමෝම බලන තැන් නිසයි මං සදහන් කරේ නැත්තෙ. එහෙනම් යාපනේ ගියොත් මේ තැන් ටිකත් බලන්න අමතක කරන්න එපා. මෙන්න යාපනේදි මගේ ඇසට අහුවුන දේවල් ටිකක් මෙන්න.













සටහන ;                 ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ


------ ---------------------------------

No comments:

Post a Comment