Friday, August 29, 2014

එරික්ස් වෝන් ගල...


  ස්ටඩිලිවු එකත් පටන් ගත්ත එකේ පාඩම්කරන ගමන් කවුරුත් නොදන්න නොලියපු එකක් ගැන ලියන්න ඕනෙ කියල කියල හිත හිත ඉන්නකොට මේගැන ලියන්න ඕනෙ කියල හිතුනෙ.. ලගිදි මෙතන්ට යන්න ඉන්නෙ. යන්ට ඇහැක් උනොත් පොටෝවක් දෙදක් දාන්නම්. මේගැන තොරතුරු තියා මේගැන පොටෝඑකක් වත් සයිබර් එකේ නෑ..

ලංකාවෙ පොළොන්නරු ප්‍රදේශය මුල්කල මහා වනයෙන් වැහිලයි තිබුනෙ. මිනිස්සු ජීවත් වුනෙත් බොහොම ටිකදෙනයි. මේකාලෙ වැවු වලින් වනයෙන් සතාසීපාගෙන් මුලු පුරවරේම පුදුම ලස්සනක්ලු. හවස්යාමෙට එකයායට අලි රන්චු 200 ක් 300 ක් හිටියලු. මේකාලෙ විශාල අලි රංචු ගැවසිලා තියෙන්නෙ සෝමාවතී පැත්තෙ. මෙහෙට්ට එන්න පාරවල් දෙකක් තිබිල තියන අතර ගමන් ගිහින් තියෙන්නෙ කැලේ රජා ට්‍රැක්ටරෙන්.  ඉතින් මේකාලෙ ලංකාවට ඇවිත් තියනව එංගලන්තෙ හිටපු අති දක්ෂ ඡාරූප ශිල්පියෙක්. නම එරික්ස් වෝන්. 


මෙන්න එරික්ස් වෝන්




මෙයයි, මෙයාගෙ පවුලෙ ඈයොයි ලංකාට ඇවිත් අලින්ගෙ පොටෝ ගන්න කැලේ රජා ට්‍රැක්ටරේක නැගල මහවැලි ගග පැත්තෙන් සෝමාවතියට ගිහින් තියනව..සෝමාවතී විල්ලුවෙ හියපු විශාල අලි රංචුවක් දැක්ක මොහු එතන නැවතිලා ඡායාරූප අරන් තියනව. මෙහෙම ඉන්නකොට එරික්ස් දකිනව රැලෙන් වෙන්වෙලා තනි විශාල අලියෙක් තනියම උගේ සෑදෑ ආහාරය ගනිමින් ඉන්නවා. එරික්ස්වෝන් උන්නැහේ තමන්ගෙ කැමරාවයි රයිපල් තුවක්කුවයි අරන් බැහැල සුළංඅත මගහරිමින් හිමින් සීරුවෙ අලියට කිට්ටු වෙලා ඡායාරූප අරන් තියෙනව. මෙහෙම පොටෝ ගත්තට මදිකියල ජීවිතේ හොදම ඡායාරූපෙ ගන්න තවතවත් අලියට කිට්ටු වෙලා ගල්තලාවකට මුවාවෙලා . සද්දන්තයා ලගටම ගිය මොහු ඡායාරූපෙ ගන්නකොට කැමරාවෙන් නිකුත්වෙන හඩට අලිය කලබලවෙලා එරික්ස්වෝන්ව එතනම මරා දාලා.

මෙන්න කැමරාව.





. පස්සෙ මිනිස්සු කීපදෙනෙක්ගෙ උදවුවෙන් දඩුමැස්සක තියල මිනිය ගෙනත් තියනව එංගලන්තෙට යවන්න. මෙහෙම මැරුන එරික්ස්වෝන් පොටෝ එක ගන්න මුවා වෙලා හිටපු ගල පස්සෙ එරික්ස්වෝන් ගල කියල හැදින්වුව..  ආ.........   කොහොම උනත් එරික්ස්වෝන් ගත්ත ඒ ඡායාරූපය දැනටත් ඉතා උසස් අතිදුර්ලභ ඡායාරූපයක් ලෙස සලකනවලු....

අවසන් ඡායාරූපය 






              සටහන  -  ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             දෙවන වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලය

4 comments:

  1. මම දැනගෙන හිටියේ එරික් ස්වෝන් ලංකාවේ ඉංගිරිසි පුවත්පතක චායාරූප ශිල්පියෙක් කියලයි,

    ReplyDelete
  2. කෝ ඉතිං එරික්ස්වෝන්ගේ ඡායාරූප කොයි තරං ලස්නද කියාල බලන්න එකක් වත් නැහැ නේ අපිට බලන්න දාලා..

    ReplyDelete
    Replies
    1. මටත් තාම ලැබුන්නෑ. ජනප්‍රවාෙද එන කතාවක් ඔය.

      Delete
  3. http://www.silumina.lk/2013/12/15/_art.asp?fn=af1312157&p=1

    ReplyDelete