Tuesday, May 19, 2015

අපට මගහැරුනු කවි......නාරි කැටයම්..


                                             

                                                              හෙළ කැටයම් කරුවා නිතැතින්ම කැටයමෙහි අති දක්ෂ විය. දැනුදු අපි නොදන්නවා විනා එවැනි උන් නැතුවානොවේ. කියන්ට අවශ්‍යය මෙයයි. පැරණි කැටයම් කරුවන් තමා නිරන්තරයෙන් දකින දෑ අපූර්ව ලෙස පරිකල්පනයෙන් යුතුව කැටයමෙහි යෙදීමට නිරන්තරයෙන් උපන් හපන්කම්පා ඇත. මෙලෙස බිහිවූ පරිකල්පන නිර්මාණාත්මක කැටයම් අතර නාරි රූ උපයෝගයෙන් කළ කැටයම් සැබවින්ම අගනේය. මේවා පැරන්නන් මුඛ පරම්පරාවෙන් කවි ලෙස පරපුරට දායාද කළ අතර එහි කවු රස අපට බැරිවිය. මන්දයත් කාලයා සමග ඒවා වැලලී යාමයි. එවන් කවු කීපයක් මෙලෙස ටීකාවට නගන්නට රිසිය. 


                        චතුර් නාරි පල්ලක්කිය. 


කෙල්ලන් අතට ගෙන මද හුගෙ රුව                අදින
ඇල්මක් තොවිලියො යම් තැන පසර               වෙන
ගොල්ලක් සේම යෙති සේ සත් ලබා                ගෙන
පල්ලක්කියට සැදුනෝ ලිය සතර                     දෙන

නාඹර ගැටිස්සියන් සතර දෙනෙකුගේ එකතුවෙන් සැදුන මෙය පුරාණ කැටයම් කරුවාගේ අපූර්ව පරිකල්පනයක් ලෙස ගිනිය හැක. පඤ්ච නාරි ඝටය ද එවැනිම වූ අංගයකි..

                       පඤ්ච නාරි ඝටය.

සතක නාරි පරසිදු ලකය දැන                        ගෙන
ඉච්ච නාරි කෙල්ලක් අතට   ඇර                    ගෙන
ලච්ච නාරි ලියො පස් දෙනකු බැද                 ගෙන
පඤ්චනාරි ඝට අදු ලකුණු දැන                      ගෙන

  

ආදුනික කැටයම් කරුවා තමාගේ වූරුවට මෙයට අනුගතව ගස් කදන් මත අවැසියාව අනුව තම කැටයම කරන්ට ඇති ...අතීතයේ දී...



සටහන ;   ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             තෙවන  වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ

4 comments:

  1. Replies
    1. ආයෙ ගොඩවෙන්න ...........

      Delete
  2. වෙලාවක් තියනවනම් තව විස්තර දාලා විස්තරාත්මක විදිහට දාන්න.මේ විදිහට දැම්මහම උඹලටනම් අවුලක් නැතුව ඇති.ඒත් අපිට ටිකක් ටැපලිලි සහගතයි.පුළුවන්නම් ඒකැටයම් වල පින්තූරයකුත් දාපන් මලේ අපිවගේ මානසික බෙලහීනතාවෙන් පෙලෙන එවුන්ට.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට විස්තර සහිතව ලියන්නම්. ගොඩවුනාට ස්තූතියි මිත්‍රයා...

      Delete