Wednesday, July 2, 2014

පුරා විද්‍යාවේ ආරම්බය...

පුරා විද්‍යා‍වේ ආරම්බය කවදා කෙසේ සිදුවීදැයි නිශ්චිත නැත.එහෙත් පලමු විද්‍යාත්මක කැණීම ලෙස සැලකෙන්නේ 1784 තෝමස් ෂේපර්සන් (1743-1826) ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ තමන්ගේ ඉඩමක කල කැණීම ප්‍රථම පුරා විද්‍යාත්මක කැණීම ලෙස සැලකේ.

පුරා විද්‍යාවේ කැණීම් ඉතිහාසය..


ජෙනරල් පිට් රිවස් (1827-1900) -   හමුදා නිලදාරියකු වන මොහු දකුණු එංගලන්තයේ කල කැණීම් වැදගත්වේ. පුරා ව්ද්‍යාත්මක කැණීම් වල පියා ලෙස මොහු සලකයි. කැණීම්වල සැලසුම් ,පැතිකඩ , ආකෘතිය, ආදිය දෙස අවදිනය යොමු කලේය.

මෝර්ටිමල් වීලර්(1690-1976) -  මොහු ද කැනීම් සම්බන්ද අයෙකු වන අතර ප්‍රසිද්ද කොටු දැල් ක්‍රමය භාවිතා කරමින් කැණීම් කල අතර එංගලන්තය,ඉස්දියාව,හරප්පා,තක්ෂිලා, අරිකමේඩු කැණීම් කලේය.

මැක්ස් වුලේ(1856-1944) - ලීමා නුවරට දකුණින් pachacamac  නම් වෙරල අසබඩ කැණීම් කොට ඇත.
පිල්ප් බාකර් -  විවෘත කැණීම් ක්‍රමය භාවිතය.

ඊ.සී .හැරිස් - සංසිද්ධිගත අංක යෙදීමේ ක්‍රමය 1979 දී හදුන්වා දෙන ලදී.


පුරා විද්‍යාව යනු මතු පිට ගවේෂණ මාර්ගයෙන් සහ තදානු ගතව කරණ කැණීම් ඔස්සේ ආදි කාලීන සංස්කෘතීන් ප්‍රති නිර්මාණය කරන්නා වූද එුවා තෝරා පැහැදිලි කරන්නා වූද එම සංස්කෘතීන්ට අදාල භෞතික නෂ්ටාවශේෂ අද්‍යයනයයි.

                                                මෙම කාර්යය වෛද්‍යය විද්‍යාවේ පරීක්ෂණ හේතු දර්ෂණ හා ශල්‍යය කර්ම පිළිබද විමර්ෂණය වේ. යන්න  දැරණියගල මහතාගේ මතය වේ.



 සටහන-   ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                              දෙවන වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ.
                                                                                                                                    

No comments:

Post a Comment