නවම්,මැදින් ආද ී ලෙස කියැවෙන දෙළොස් මහේ එක් එක් මාසය පිළිබදව පැරනි මුතුන් මිත්තන් දැරුවේ අපූර්ව වූ අදහසකි.ඔවුන් නිතැතින්ම එක් එක් මාසය පිළිබද අපූර්ව වූ අදහස් දැරූවෝ වූහ.ඔවුන්ගේ මනස කලාගරයක්, පොත්ගුලක් සේ මාදකී.
^^ ඉල්මහේ තලගොයි මසත්
බක්මහේ අලත්
ඇහැළ මහේ මීපණිත්
නිකින්යේ ඌරු මසත්
නොකෑ එකා ඉදල වැඩක්නෑ ^^
(ඌරු මස් ඇර අනික්වනම් මං කාල තියෙයි. ඌරු මසුත් ලගදිම කන්ට ඕන)
මීට අදාළ විස්තර ජනශ්‍රැතියේ සවිස්තරව කියැවේ.. එනම් පොසෙන් මසට රජ රටට වැසි නැති කාලයයි.(මේ කාලෙ නම් වහිනව හොදේ) වාපි සිදී යයි! යළ සුළං කෝඩෙ හමයි! යළ ගෙවි තැනද ඇරඹෙයි. මෙකළ මී ගස් වළ මල් පිපෙන කාලයයි.අහස වළා කුලින් බරව අළු පැහැයක් ගත්තත් , ඉදහිට වැටෙන සුළු පොදයක් හැර මහවැස්සක් නොවැටේ. මී මල් වැටුනු විට ඒවා කන්ට රිසියෙන් මුවන් ගෝනුන් වැනි සත්තු රොක්වෙයි. මේ කළ දඩයමට සුදුසු බව ජන ප්‍රවාදය ඇත්තේ එනිසාය.. දඩයමට මී මලේ පදම අහු වෙනවා .. යනුවෙන් ජනප්‍රවාදයේ කියැවෙනනේ එනිසාය. පොසෙන් පොහොයට පසුව මහ වැස්සක් වහින බවත් ඉන් උඩ මළුවත් දඹුළු ගලත් සේදී යන බවත් රජ රට වැසියන්ගේ විශ්වාසයකි.මේ මීමල් පිළිබද ඇති එක් ජනශ්‍රැති කථාවකිමේ. මී මලට සම්බන්ද කොට්ටෝරුවා නම් කුරුල්ලා පිළිබද ජනශ්‍රැතියේ එන කතාවකි..
කුරුළු යුවළ ගල් තලාවක් අසළ කූඩුවක් තනාගෙන සිටින අතර ඒ දෙදෙනාට පැටැවු දෙන්නෙකු ලැබුනා. දිනක් කුරුළු යුවළ මී මල් ටිකක් ගල් තළාවෙ දාලා කෑම හෙයන්න ගියා! පැටවු දෙන්න ගල් තලාව අසළ කූඩුවෙ හිටියෙ. මේ තදින් පායන කාලයක්.! පෙසෙන් මහට තද අවු රශ්මිය නිසා සියුමැළි ලා මල් වියළී ගෙස් ගල් තලාවටම ඇළී ගියා. බැලූ බැල්මට මීමල් නැතුවා වාගෙයි පෙනුනෙ.
කුරුළු යුවළ ආපහු ඇවිත් බැලුවාම මීමල් දකින්න තිබුනෙ නෑ. පැටවුන්ගෙ වරදින් මීමල් නැතුව ගියා කියල සැකයට දෙමවුපියෝ අර පැටවු දෙන්නට කොටල මරා දැම්ම.
එදා රෑ තදින් වැසි වැටුනා. උදේ බලන කොට අර මීමල් ගල් තලාව මත නැවත මතු වෙලා. මේ දුටු කුරුළු යුවළට දරාගන්න බැරි ශෝකයක් මතුවුනා.ඒ නිසා තමා උන් හඩන හඩ මේ විදිහට කියැවෙනව කියල ජනප්‍රවාදයේ කියැවෙන්නෙ..
මීපුප් ලදින් - දරු නොලදින්
රන්කැටි පුතා කෝ - කෝ - !
දරු දෙන්න නැතුව සොවින් කුරුළු යුවල මිය ගියා. ඉන් පසුව ඒ දෙන්නා අළු කොබෙයියන්ව ඉපිද තාමත් පැටවු දෙන්න හොයමින් කෑ ගස ගසා යනවලු..
මේ ජනශ්‍රැතියට සම්බන්ද කවිය මෙන්න මෙහෙමයි...,,
වෙලේ ගහේ මී ගෙනවිත් ටදාරකඩ ගල වැනුවා
වේලි- වේලි අඩුවෙනකොට දරැවන් ඇන මැරුවා
කොට්ටේරියට දරු දුක වී දිවි නහගෙන ඇඩුවා
පුබ්බේරිය පුතේ වරෙං අම්මා අඩ ගැහුවා
මෙවන් කතා අතින් අපේ පැරණි ජනශ්‍රැතිය නිතැතින්ම පොහොසත්ය.අපෙන් වියැකී ඇති හෙළ ජනශ්‍රැතිය මේ ගෙන්දගම් පොළෙවෙ මත ප්‍රාණ වායු ලබන්නට හුස්ම පොදක් සැපයීම මා යුතුකමකි..
සටහන ; ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
දෙවන වසර,
පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,
ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
මිහින්තලේ
මිහින්තලේ
මුලින්ම තියන කැලෑ කවිය කොහෙන්ද හොයාගත්තෙ?
ReplyDeleteතව ලියන්න
ඒක මං පොඩිඑකා කාලෙ අහලතිබ්බු එකක්.. තාමත් පොඩි එකා තමා.!!
Deleteඋඩ මාස ටික අපි පාවිච්චි කරන මාසවලිනුත් දැම්මොත් හොඳයි නේද? මේ වගේ කතා අපි නොදැනිම නැතිවෙලා යනවා කියලා හිතෙන කොටත් දුකයි.
ReplyDeleteකසුන්ට ගොඩක් ස්තූතියි ඒවා ගැන මෙහෙම කියලා දෙනවට. :)
හ්ම්..කශ්ටිය සිංහල ක්‍රමයට මාස දොලහ දන්නව නේද?
Deleteනෑලු... :D :D
Deleteනවම් = පෙබරවාරි
Deleteමැදින් = මාර්තු... දැන් හරිය..
ඔය කවියට අදාල කතාව උනා කියන්නෙ කොබෙය්යෙක්ටය කියලයි අපි අහල තිබ්බෙ!
ReplyDeleteමුලින් කොට්ටෝරුවා. පස්සෙ කොබෙයියා. ඉන්දික මේ කතා එක එක්කනා අහල තියෙන්නෙ එක එක විදිහට. ඒකනෙ ජනශ්‍රැතිය කියන්නෙ.සිංහල ජනශ්‍රැතියෙ විචිත්ත්‍රත්වයට ඒකත් එක හේතුවක්..
Deleteකසුන්....මම කසුන්ගේ මේ කෙටි සටහන් වලට හරි කැමතියි. ඒත් කොහෙද ඔයා මාසෙකට එකයිනේ ලියන්නේ.
ReplyDeleteලියන්ට පොඩ්ඩක් කම්මැලියි.ඒකයි එකම හේතුව..
Deletegood work..., all the best & continue writing...! :-D
ReplyDeleteබොහොම පිං අපේ හාමුදුරුවනේ..
Deleteහදිස්සියේ ආවේ...
ReplyDeleteතාම බ්ලොග් එක බලන්න උනේ නැහැ... කියවලම කමෙන්ට් එකක් දාන්නම්...
හ්ම් ..හ්ම්..
Delete